මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ එස්.තරිදු උදයංග සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එස්.කේ.එස්.බියංකා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කළ සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට සමත්වූහ.
අම්බලන්ගොඩ තානායම අසළ මුහුදු තීරයේ දී 48 වැනි වරටත් පවත්වනු ලැබූ මේ තරගාවලියට තරගකරුවන් 420 දෙනකු සහ තරගකාරියන් 55 දෙනකු පරාජය කරමින් තරිඳු සහ බියංකා පළමු ස්ථාන අත්කර ගත්හ.

කාන්තා අංශයේ දෙවැනි ස්ථානය හිමිවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනේත්‍රා විජේරත්නටය.එහි තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශෂිනි නවෝද්‍යා හිමිකර ගත්තාය.
තරගයේ සමස්ත ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 89 ක් ලබා ගත් කොළඹ ශාන්ත ජොෂප් විද්‍යාලය විසිනි. අනු ඝූරතාව ලකුණු 58 ක් ලබාගත් ශ්‍රී ලංකා යුධ හමුදාවට ද, තෙවැනි ස්ථානය ලකුණු 43 ක් ලබාගත් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට ද හිමි විය.
මෙවර තරගයේ ලාබාලතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුල් ලෝහිත එදිරිසිංහ සමත්වූ අතර ලාබාලතම ක්‍රීඩිකාවට හිමි කුසලානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සලනි නෙත්මිණි දිනා ගත්තාය.
නොකඩවා වසර 40ක් පුරා මෙම තරගයට ඉදිරිපත්වූ අම්බලන්ගොඩ ආර්.ඇම්.කාන්ත කරුණාරත්න මෙවර ද එක්වෙමින් පැයක් ඇතුළත තරගය නිම කොට කුසලානයක් හිමිකර ගැනීම විශේෂ සිදුවීමකි. මීට අමතරව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඩබ්ලිව්.කේ.එස්. විදුරංග ආබාධිත තරගකරුවන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.
තරග ප්‍රතිඵල-
(පිරිමි ) 1.තරිදු උදයාංග (මාදම්පා ම.ම.වි.) 2.ඒෂාන් ෂොයිස් (කොළඹ සා. ජෝශප්)3.විමල් කුමාර (යුධ හමුදාව) 4.ඩිෂාන් රණවීර (කොළඹ සා.ජෝෂප්) 5.ටී.එච්.කේ.එස්.අයි.ද.සිල්වා (යුධ හමුදාව)
(කාන්තා)1.එස්.කේ.එස්.බියංකා (අම්බලන්ගොඩ ධර්මාශෝක ) 2.සුනේත්‍රා විජේරත්න (යුධ හමුදාව)3.සෂිනි නවෝද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද )4. ඉමාලි ලක්ෂිකා (දේවානන්ද ) 5.සෙනාලි පෙරේරා (කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය)
ඡායාරූප හා සටහන - අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස
http://www.dinamina.lk
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි