පාසලේ නිවාඩු සමයේ දී මම කියවන්නෝ දිනන්නෝ තරගයට සූදානම් වූයෙමි. ඒ සඳහා හයිඩි, බුහුකි, බැලැක් බියුටි, ජන්ගල් බුක් හා විසාඩ් ඔෆ් ඔස් යන ග්‍රන්ථ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළෙමි.
දිනක් හයිඩි පොත කියවමින් සිටින අතරතුර නොදැනුවත්ම නින්ද මා සොයා පැමිණියේය. එය මා දහනව වන ශතවර්ෂයේ මැද භාගයට රැගෙන ගියේය. මගේ පෑනේ මිතුරියක් වන හයිඩි, ලිපියක් මා වෙත එවා තිබුණි. එහි සඳහන් වන ආකාරයට ඈ මට ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට ආරාධනා කර සිටින්නීය. ඒ අනුව මා වසන්ත ඍතුවේ ස්විට්සර්ලන්තය බලා ගමන් ඇරැඹුවේ කටුනායක ගුවන් තොටුපොළෙනි. ස්විට්සර්ලන්තය වෙත ළඟා වන විට උදෑසන අට පමණ විය.
මා පිළිගැනීමට හයිඩි ඇගේ සීයා සහ මැදි වියේ පසු වන පුද්ගලයෙක් පැමිණ සිටියහ. පසුව මට දැනගැනීමට ලැබුණේ එම පුද්ගලයා හයිඩිගේ ජයග්‍රහණය පසුපස සෙවණැල්ල මෙන් සිටි වෛද්‍යවරයා බවය.
වසන්ත සමයේ ස්විට්සර්ලන්තයේ ස්වභාව සෞන්දර්ය දැක මම අමන්දානන්දයට පත්වීමි. ඇඟ කිලි පොළා යන සිසිලස ගතට අමුතු ප්රබෝධයක් එක් කළේය. මල්වලින් හා පලතුරුවලින් අවට ගස් කොළන් පිරී තිබුණි. සීතලට ඔරොත්තු දෙන ඇඳුම්වලින් සැරසුණු ජනයාගෙන් වීථි පිරී තිබුණි. විවිධාකාර හැඩයේ අශ්ව කරත්ත හා විවිධ වර්ණයෙන් යුත් අශ්වයින්ගෙන් මහා මාර්ග පිරි තිබුණි. මට අප රටේ නුවරඑළිය, බණ්ඩාරවෙල සිහියට නැඟුණි.

පළමුවෙන්ම අපි ක්ලාරාගේ නිෙවසට ගියෙමු. ඇගේ පියා, ආච්චී සහ ආයා අප මහත් උණුසුම් ලෙස පිළිගත්හ. මම ක්ලාරා දැකීමෙන් සතුටු වූයෙමි. ඇය ඇඳකට සහ රෝද පුටුවකට සීමා වී සිටියාය. නමුත් හයිඩි සහ ඇගේ සීයාගේ කරුණාවන්ත සැලකීම නිසා ඇය සුව වූවාය.
ඉන් පසුව අපි ඩොෆ්ලි බලා ගමන් ඇරැඹීමු. ඒ සඳහා අශ්ව කරත්තයක් සූදානම් කර තිබුණි. පීටර්, ඔහුගේ මව සහ අන්ධ ආච්චි අප පිළිගත්හ. ජීවිතයේ ප්‍රථම වතාවට චීස් සහ රෝස්ට් කරන ලද පාන් අනුභව කිරීමට එහිදී මම වාසනාවන්ත වීමි. ඩොෆ්ලි වටා ඇවිද කඳු නැඟ අවට දර්ශන දැක බලා ගත්තෙමි.
මා අවදි වන විට හයිඩි, පීටර්, ක්ලාරා සහ ඩොෆ්ලි මගේ මතකයේ රැඳී පැවතුණි. මෙය සිහිනයක් වුවත් සැබෑම සංචාරයක් ලෙස මා හද තුළ දෝංකාර දෙයි.
මා අවදි වන විට හයිඩි, පීටර්, ක්ලාරා සහ ඩොෆ්ලි මගේ මතකයේ රැඳී පැවතුණි. මෙය සිහිනයක් වුවත් සැබෑම සංචාරයක් ලෙස මා හද තුළ දෝංකාර දෙයි.
ඩබ්ලිව්. ඒ. පසිඳු අංජන වීරක්කොඩි
7 ශ්‍රේණිය 'ඒ',
රෝයල් ජාත්‍යන්තර පාසල,
කුරුණෑගල
7 ශ්‍රේණිය 'ඒ',
රෝයල් ජාත්‍යන්තර පාසල,
කුරුණෑගල
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි