Thursday, February 11, 2016

සෙව­ණැ­ල්ල­කින් ජීවි­තය ජය­ගත් මිනිසා

බොහෝ කල­කට පෙර එක්තරා දුප්පත් මිනි­සකු වාසය කළා. ඔහු තම කුඩා නිවෙ­සට ගොඩ වූයේ තම රැකි­යාව කිරී­මෙන් ඇඟට ඇතිවූ තෙහෙ­ට්ටුව නිසාය. ඉටි­ප­න්ද­මක් දල්වා ගත් මේ මිනිසා තම ඇ‍ඳේ හාන්සි වුණා. මඳ වේලා­වක් යන විට මෙම ඉටි­ප­න්දම අස­ලට මීයෙක් ආවා. නමුත් ඔහු මීයා එළ­ව­න්න­ට­වත් පහර දෙන්න­ට­වත් තැත් කළේ නැහැ. ඔහු බලා සිටියේ මීයා­ගෙන් බිත්තියේ ඇඳුණු සෙව­ණැල්ල දෙසයි. ඔහුගේ සිතේ අරුම පුදුම සත්ත්ව­යෙ­කුගේ රුව ඇ‍ඳෙන්නට විය. අව­සා­නයේ මෙම සත්ත්වයා මිකී මවුස්, මිහී මවුස් නමින් ලොව පුරා ප්‍රසි­ද්ධි­යට පත්විය. මෙම මිනිසා අන් කව­රෙක් වත් නොවේ, ලොව පුරා කුඩා දරු­වන්ගේ ආද­ර­යට පත්වූ ඩිස්නි සමා­ගමේ ප්‍රධා­නියා වූ වොල්ට් ඩිස්නි මහ­තාය. අව­සා­නයේ කෝටි­පති ව්‍යාපා­රි­ක­යෙකු වන්නට මෙම මිනි­සාට උප­කාරී වූයේ අර මීයාගේ සෙව­ණැ­ල්ලයි.

ධනුජ හංසික ජන­නාත්
8 ශ්‍රේණිය 'ඩී',
සාන්ත තෝමස් කුමර විදු­හල,
මාතර.
 
http://www.silumina.lk/2016/02/07/_art.asp?fn=au1602071

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි