
“හැඟීම් ප්‍රකාශනය චිත්‍ර කලාවේ මූලික ලක්ෂණයක්. සමකාලීන සමාජ අත්දැකීම් විෂය කරගන්නා විට එය වඩාත් සියුම් හා තීව්‍රාකාරයෙන් ඉදිරිපත් කළ හැකියි.” flying Colors මැයෙන් තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට සූදානම් වන යොවුන් චිත්‍ර ශිල්පිනියක වන හෂිනි හිමාෂා එසේ පවසයි.

“1997 ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවා. 2006 චෙකොස්ලොවේකියාවේ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගයෙන් Rose of the lidice – Super gold Medal එක මට හිමිවුණා. එහෙත් එම ජයග්‍රහණ ලැබූ පමණින් චිත්‍ර කලාවේ පරතෙරට පැමිණ ඇතැයි මා සිතන්නේ නෑ. වැඩිදුරටත් අධ්‍යයනය කරමින් අභ්‍යාසයෙහි යෙදෙමින් මගේ ම අනන්‍යතාව ඇති චිත්‍ර නිර්මාණය කිරීම මගේ අරමුණයි.” හෂිනි හිමාෂා පවසයි.

ඇගේ එක් සිතුවමක කහ, රතු සහ කළු වර්ණ පසුබිමෙහි රේඛා චිත්‍රයක මිනිස් මුහුණු තුනක් පෙනේ. සෙසු මුහුණු සුපසන්ව පවතිද්දී එක් මුහුණක ඇත්තේ ද්වේශ සහගත බැල්මකි. ඒ මුහුණ අනෙක් මුහුණු දෙස බලා සිටී. “මේ චිත්‍රයෙන් මා පිළිබිඹු කිරීමට උත්සාහ කළේ මිනිස් සමාජයෙහි විවිධත්වයයි. ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරයයි” හෂිනි හිමාෂා පවසයි.
ඇතැම් චිත්‍ර ශිල්පීන් සමකාලීන දේශපාලන හා සමාජ සංසිද්ධීන් සිතුවමට නැඟීම සඳහා උනන්දු වෙනවා. එය යහපත් ලක්ෂණයක්. චිත්‍ර ශිල්පය හදාරන්නියක හැටියට මටත් එවැනි අරමුණක් තිබෙනවා. එහෙත් එය ප්‍රමාණාත්මක නොවී කලාත්මක නිර්මාණයක් විය යුතුයි. කලාවේ සීමාව බිඳගෙන එය කළ නොහැකියි.” හෂිනි හිමාෂා චිත්‍ර කලාවෙහි ඉදිරි ගමනක් යෑමේ හැකියාව ඇති නිර්මාණශීලී යෞවනියකි. ඇගේ නිර්මාණ දිවියට අපේ සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර
http://www.dinamina.lk/
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි