කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි දී ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අතින් ජයග්‍රාහී ප්‍රජාපතී නිවාසයේ ක්‍රීඩා නායිකාව ශූරතාව ලබාගත් අයුරු. කොළඹ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක, විදුහල්පතිනි තුෂාරී ද සිල්වා මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය - චින්තක කුමාරසිංහ
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා (12) බෞද්ධාලෝක මාවත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. ආදි ශිෂ්‍ය ගුවන් කොමදෝරු සම්පත් තුයියකොත්ත මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක් වූ අතර ආරාධිතයන් උත්සව භූමිය වෙත කැඳවාගෙන ගිය අයුරු. විදුහල්පති ඊ.එම්.එස්. ඒකනායක, ක්‍රීඩා බාර නියෝජ්‍ය විදුහල්පති ලක්ෂ්මන් ගුණතිලක, විද්‍යාලයීය ක්‍රීඩා පරීක්ෂක සමිත අබේසුන්දර මහත්වරු ද මෙහි වෙති. ජායාරූපය-කොළඹ සංචාරක
ඇල්පිටිය නවදගල මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඉකුත්දා එම විද්‍යාලිය ක්‍රීඩාං ගනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ලකුණු 468 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත් හංස නිවාසයේ නායිකාව, ගීතා කුමාරසිංහ මහත්මිය අතින් ශුරතාව ලබාගත් අයුරු. ඡායාරූපය - ඇල්පිටිය සමූහ
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි