
මොකද්ද ළමයො ඔය හිටගෙන ඉන්න හැටි. හරි හැටි කෙළින් වෙලා ඉන්නකෝ යනුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් දරුවන් අමතා කියනු ඔබ බොහෝවිට අසා තිබෙනවා විය හැකිය. නොඑසේ නම් ඔබ කුඩා වියේදී මේ කතාව ඔබේ දෙමාපියන් ඔබට පවසා තිබෙනවා විය හැකිය. සිරුර පවත්වා ගන්නා ඉරියව්ව මඟින් පුද්ගලයාගේ පෞරුෂය හා මානසිකත්වය බොහෝදුරට ප්‍රකාශ වන බැවින් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
අදහස් නිහඬව ප්‍රකාශනයේදී වෙනත් අංගචලනවලට තරම් වැදගත් බවක් ඉරියව්වලට නොලැබෙන මුත් ඉරියව් අනෙකුත්...