කළ ගුණ අමතක කිරීම හොඳ නෑ
වංගෙඩිය : මොකද පැත්තකට වෙලා කරබාගෙන වගේ ඉන්නේ?මෝල්ගහ : ඇයි දන්නේ නැද්ද?
වංගෙඩිය : මොකක් ගැනද?
මෝල්ගහ : ලොකු නෝනා කිව්වා අප ලෑලි කඩේට දෙන බව.
වංගෙඩිය : ඒ ඇයි?
මෝල්ගහ : ලොකු නෝනට බ්ලෙන්ඩරයක් හම්බවෙලාලු.
වංගෙඩිය : බ්ලෙන්ඩරයක් කියන්නේ මොකක් ද?
මෝල්ගහ : විදුලි උපකරණයක් වෙන්ඩ ඇති.
වංගෙඩිය : අපිට යන්න වෙයිද?
මෝල්ගහ : අපි දන්නෙ නෑ දෙයියො තමයි දන්නෙ.
වංගෙඩිය : මම ගොහින් එන්නම්.
මෝල්ගහ : (විලාප නගමින්) ඔක්කොම සුන්.
වංගෙඩිය : මොකද මොකද?
මෝල්ගහ : ආං අපි ගෙනියන්ට ලොරියක් ම ගෙනැල්ලා.
වංගෙඩිය : ලොකු නෝනලට අපෙන් ගත්ත වැඩ අමතක වෙලා වගෙයි.
මෝල්ගහ : මිනිස්සු කළ ගුණ අමතක කරන එක හරිම නරකයි.
වංගෙඩිය : කොයිවෙලේක හරි අප ඕනැවෙයිනේ.
මෝල්ගහ : ඔව් ඔව් විදුලිබලය නැතිවුණාම එහෙම.
කේ.එම්.ඒ.එච්. කුමාරසිංහ
6 ශ්‍රේණිය ‘ඩී’,
ඉබ්බාගමුව ම.ම.වි.,
ඉබ්බාගමුව.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි