Monday, September 8, 2014

ළමා ලේඛන පුහුණු වැඩමුළුව 18 වැනිදා

ලේඛක පුහුණු වැඩමුළුවක් මේ මස 18 පෙ.ව. 9.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
 
 
යහපත් නිර්මාණ කලාවක් බිහි කිරීමේ හා නිර්මාණශීලී ළමා ලේඛන කලාවක් ඇති කිරීමේ අරමුණෙන් ලංකාව පුරා විසිර සිටින ළමා ග්‍රන්ථ නිර්මාණය කරන ලේඛකයින් සහා මෙම වැඩමුළුව පැවැත්වේ.
 
 
මනෝ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග, සාහිත්‍යවේදී ඩබ්ලිව්.ඒ. අබේසිංහ, ප්‍රවීන චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ හා ජාතික පුස්තකලා හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන අංශ ප්‍රධානී ශ්‍රීමා සූරිය බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙහි දේශන පවත්වති. වැඩි විස්තර අංශ ප්‍රධාන අධ්‍යාපන හා පුහුණු අංශය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඹ 07 ලිපිනයෙන් හා 011-2685196, 071- 8464428 දුරකතන අංකය ඔස්සේ ලබාගත හැක.

1 comments:

ඉතාම වටිනා උත්සාහයක්

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි