Saturday, September 6, 2014

මත් උවදුර මරු කැඳවයි

මත් උවදුර මරු කැඳවයි

ජීවිත කාලෙ පුරාම හැම දිනයකම
දවමින් ගුණ දහම් සිතුවිලි හැමෝගෙම
වස විස පොවා මතු පරපුර හෙළා බිම
මත් රකුසා ගිලගෙන ඇත ලෝකය ම
යට කොට දහම මිල මුදලද මත් පැනට
සට කපටිනට එක් වී ගිජු වී එයට
රට වැනසුණත් කට පිනවන මිනිසුන්ට
කට වටකර වැට බැන්ඳත් පල කුමට
බොරු වට මතුපිටින් පෙන්වා හොඳ නාමේ
කෙරුමෙක් කියයි පැටලී සිතුවිලි දාමේ
මරු වෙක් විලස ‍ගෙට ගොඩවෙයි රෑ ජාමේ
කරු මක්කාර පවුලක වැනසෙයි සාමේ
තනන්නට රුදුරු බිහිසුණු සමාජයක්
හිත්පිත් නැතියෙකුට ඇත එක විනාඩියක්
තිබේ නම් ඔබේ තුළ රට කෙරේ ළයක්
දැහැමින් වළක්වා ගත හැක විනාසයක්
ඩබ්ලිව්.එම්. ගීෂානි නදීමාලි වීරතුංග,
13 ශ්‍රේණිය ‘කලා’,
කයිකාවල ම.ම.වි., මාතලේ.

http://www.silumina.lk/2014/09/07/_art.asp?fn=au140907

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි