Saturday, September 13, 2014

ජාත්‍යන්තර ඕසෝන් දින ජාතික සැමරුම සැප්: 16

ජාත්‍යන්තර ඕසෝන් දින ජාතික සැමරුම සැප්: 16

ජාත්‍යන්තර ඕසෝන් දිනය සැප්තැම්බර් 16දාට යෙදී ඇත. ඊට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ.

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ජාතික ඕසෝන් ඒකකය මෙය සංවිධානය කෙරේ. මේ සඳහා පාසල් ළමුන් 600ත් 1000ත් අතර පිරිසක් සහභාගිවීමට නියමිතය.

"ඕසෝන් වියන ආරක්ෂා කිරීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයාම" මෙවර ඕසෝන් දිනයේ තේමාවයි. ජාතික ඕසෝන් ඒකකයේ 20 වසරක ගමන් මගෙහි අභිමානය විදහා දැක්වෙන විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීම, ජාතික ඕසෝන් ඒකකය ආරම්භ කළ දින සිට මේ දක්වා ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථාන හා ජයග්‍රහණ මෙන් ම එම ජයග්‍රහණ සඳහා මගපෙන්වූවන්ගේ හා ආයතනවල අත්දැකීම් ඇතුළත් සමරු කලාපයක් නිකුත් කිරීමත් මෙදින සිදු කෙරේ.

ජාතික ඕසෝන් ඒකකය, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව පිහිටුවන ලද පරිගනක දත්ත ගබඩා සැකසුම විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කිරීමට නියමිතය.

http://sinhala.news.lk/news/sri-lanka/item/5096-16

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි