Tuesday, September 9, 2014

කන්නන්ගර මැති ගුණ සමරුව 22

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 45 වන ගුණානුස්මරණ ජාතික මහෝත්සවය මේ මස 22 සහ 23 දිනයන්හි දී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීමට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

22 දින දහවල් මහා සංඝරත්නය 45 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පවත්වා 
කන්නන්ගර මහතාට පිං අනුමෝදන් කිරීමටත් 23 දින ගුණානුස්මරණ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. 

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර සමරු දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පවත් වනු ලබන අතර, චිත්‍ර තරග හා කථික තරග ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද එදින සිදු කෙරේ.
 http://sinhala.news.lk/news/entertainment/item/4925-2014-09-08-3

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි