Thursday, September 11, 2014

කොක් පැටියා


ඉහළ අහසේ සැරි සරණ
ගුවන් යානා සේ පියඹන
හිටි හැටියෙම බිමට බසින
හණි හණිකට වී ඇට කන

අපේ වෙලෙන් බඩ පුරවයි
එහා වෙලට පියඹා යයි
වක්කඩ ළඟ තිත්ත පැටව්
රස කර කර හොඳට බුදියි

නැවතත් නිල් අහස බලා
කොක් පැටියා ඉහළට යයි
ඉහළ අහසෙ රවුම් ගසා
තම කැදැල්ල වෙත පියඹයි
හිරුෂ හේෂාන් දිල්හාර
7 ශ්‍රේණිය,
විජයබා ජාතික පාසල, ලුණව
අම්බලන්ගොඩ
http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=au1109181

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි