ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවය මේ මස 24 සහ 25 යන දෙදින තුළ දී කුලපති ස්වාමීන්වහන්සේ වන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේගේ හා උප කුලපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී සිසුන් 2568ක් උපාධි ලබා ගැනීමට නියමිත වන අතර, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 603ක් ද ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 354ක් ද කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 1040ක් ද වෛද්‍ය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 264ක් ද පශ්චාත් උපාධි අධ්‍යයන උපාධිලාභීන් 316ක් ද වශයෙන් උපාධි ලබාගැනීමට නියමිත වේ.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි