Saturday, September 13, 2014

පොත­පත තුළින් මනස දකිමු

සැප්තැ­ම්බර් මාසය එළැඹි වහා පත­පොත ආශ්‍රිත සාහි­ත්‍ය­මය කලාංග පිළි­බඳ ලෝක­යෙහි අව­ධා­නය යොමු වන කාල­ව­ක­වා­නුව උදා වෙයි. සාහිත්‍ය මාසය තුළ පොත් කිය­වීම කෙරෙහි සෘජු අව­ධා­නය යොමු කළ ද කිය­වී­මෙහි පර­මා­ර්ථය හුදෙක් අතට අසු­වන ඕනෑම දෙයක් ඉවක් බවක් නොමැ­තිව කිය­වීම නොවේ. එසේ නම් යමක් පිළි­බ­ඳව දැනුම වර්ධ­නය කර ගනි­මින්, නිවැ­රැදි අව­බෝ­ධ­යක් ධාරණ ශක්ති­යක් ගොඩ­නඟා ගනි­මින් තම නිර­වුල් කිය­වීම තුළින් තම ජීවි­තය සඳහා එය ප්‍රායෝ­ගි­කව ගළපා ගැනීමේ අත්දැ­කීම මෙම­ඟින් හිමි­විය යුතුය.
පත­පොත කිය­වීම තුළින් සත්‍ය වශ­යෙන් ම සිදු­ව­නුයේ පුද්ග­ලයා නිරා­යා­ස­යෙන් ම තම මනස අව­බෝධ කර­ග­නි­මින් යථා­ර්ථය දැකී­මයි. එම­ඟින් පුද්ග­ලයා නිරා­යා­ස­යෙන්ම බුද්ධි­ම­තෙකු ලෙස ප්‍ර‍ායෝ­ගික අයු­රින් තම චින්තන රටාව යාව­ත්කා­ලීන කර­ග­නියි. තම මනස අව­බෝධ කර­ගැ­නීම හේතු­වෙන් මිනි­සාගේ භෞතික ජීවන පැවැත්ම, ආර්ථික තත්ත්වය, උග­ත්කම පම­ණක් නොව අනෙකා හා ආධ්‍යා­ත්මික සුහ­ද­ත්වය, අන්‍යොන්‍ය සමා­ජයී සබ­ඳ­තා­වය ද වර්ධ­නය වේ. කාරු­ණික බව, අනෙ­කාට ගරු බුහු­මන් දැක්වීම, සමා­නා­ත්ම­තා­වය, ඉව­සීම, නිහ­ත­මානී බව ආදී ගුණාංග මෙම­ඟින් වර්ධ­නය වේ.
දැනුම, ආකල්ප, කුස­ලතා යන තෙක­ලාං­ග­ය­න්ගෙන් මනස සශ්‍රීක කර­ගැ­නී­මට හා සමා­ජීය යහ­පැ­වැත්ම කරා පුද්ග­ලයා යොමු කර­වී­මට ග්‍රන්ථ තුළින් ලැබෙ­නුයේ මහත් පිටි­ව­හ­ලකි.
එම්.ජී.ඩිල්කි නවෝදා
12 ශ්‍රේණිය ඊ,
අනුලා විද්‍යා­ලය, නුගේ­ගොඩ.
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි