Sunday, September 14, 2014

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)
වැඩිදියුණු කරයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා මෙන්ම ප්‍රමුඛතම බ්‍රොaඩ්බෑන්ඩ් පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (Lanka Educational and Research Network-LEARN) සාර්ථකව වැඩිදියුණු කරන ලද බව අභිමානයෙන් දැනුම් දෙයි. අන්තර්ජාල ප්‍රවේශ පරාසය තත්පරයට ගිගාබයිට්‌ 1.65 (1.65 Gbps) දක්‌වා ඉහළ නැංවීම හා පුළුල් ප්‍රදේශ ජාලය (WAN) දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සමග සම්බන්ධ කිරීම වැනි කටයුතු ඊට ඇතුළත් විය.

'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (LEARN) මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල, වෙනත් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම (NSF) ඇතුළු පර්යේෂණ ආයතන කිහිපයක්‌ එකිනෙක හා සම්බන්ධ කෙරේ. එපමණක්‌ද නොව, එය දීප ව්‍යාප්තව ද්විතීයික පාසල් යා කරන ජාලය වන SchoolNet සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ආයතන යා කරන ජාලය වන දේශීය රාජ්‍ය ජාලය (Local Government Network - eGovernment) සමගද සෘජු සබ`දතා පවත්වයි.

මෙම වැඩිදියුණු කරන ලද ජාල යටිතල පහසුකම් මගින් අදාළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් වෙනුවෙන් විවිධ ඊ-ඉගෙනුම් ක්‍රියාදාම (e-Learning - අන්තර්ජාලය පදනම් වූ අධ්‍යාපනය හා දුරස්‌ථ අධ්‍යාපනය), ඉහළ නංවන ලද වීඩියෝ සම්මන්ත්‍රණ සේවා, අන්තර්ජාල වීඩියෝ ප්‍රචාරණ සේවා, සහ අන්තර්-විශ්වවිද්‍යාල හ`ඩ හා බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල ප්‍රවේශ වැනි සේවාවන් වෙත සහාය පළ කෙරේ. එමගින් ඔවුනට තම අධ්‍යාපනික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමටත් අධ්‍යාපනික අවශ්‍යතා සඵල කර ගැනීමටත් හැකි වේ.

LEARN ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය කේ. එස්‌. වල්ගම මහතා මේ පිළිබ`දව මෙසේ අදහස්‌ දැක්‌විය( "LEARN යනු ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාලය හරහා එම ආයතන ලෝකය වෙත සමීප කිරීම ස`දහා 1990දී පිහිටුවන ලද පුරෝගාමී ව්‍යාපෘතියක්‌. ඒ වගේම එය දැනුම් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අප රට පත් කිරීමේ අරමුණින් ගතානුගතික ඉගෙනුම් ක්‍රමවේද හා සීමාවන් අතික්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපනික අවස්‌ථා උදා කරන ජාලයක්‌ද වනවා".

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි
  


http://www.divaina.com/2014/09/14/economic01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි