Sunday, September 14, 2014

නාලන්දාව අධ්‍යාපනයට යළි විවෘතයි..



නාලන්දා යන සංස්‌කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා ''නාලම්'' යනු නෙළුම් මලයි. නෙළුම දැනුමේ සංකේතයයි. ''ධා'' යනු දානයයි. චීන දේශාටන භික්‌ෂුවක වන හියුං සියැං වාර්තාවන්ට අනුව කියෑවෙන්නේ අඹ වනයක්‌ මධ්‍යයේ නාගයෙකු ජීවත් වුණ නිසාත් මෙම නම යෙදූ බවයි. බුදුරජාණන්වහන්සේට අත්හිටුවීමකින් තොරව දානය ලැබුණු නිසාත් මෙම නම යෙදෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කර ඇත. ක්‍රි. පූ. 450 කාලයේදී කුමාරගුප්ත අධිරාජයාගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය ආරම්භ විය.

ක්‍රි.පූ 1413 සිට ක්‍රි.පූQ. 1193 දක්‌වා කාලයේදී මෙම ආයතනය ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්ව තිබිණි. ටිබෙට්‌, චීන, කොරියා, ජපන්, පර්සියා සහ තුර්කි ශිsෂ්‍යයන් ඉගෙනුම ලැබූහ. මෙහි ආදි ශිsෂ්‍යයන් අතර හියුං සියැං භික්‌ෂූන් වහන්සේ දිප්තිමත් ශිෂ්‍යයකු ලෙස සලකනු ලැබේ. නාගර්ජුන, වසුබන්දු ශීලභද්‍ර ඇතුළු විද්වත් ආචාර්ය මණ්‌ඩලයකින් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය සමන්විත විය. ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක්‌ ලෙසින් සැලකෙන මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය වටා උස්‌ තාප්පයක්‌ හා එක්‌ දොරටුවක්‌ පිහිටා තිබිණි. ඒ අතරම වෙන්ව පිහිටි අංගන අටක්‌, පන්සල් 10 ක්‌ භාවනා ශාලාවන්ද තිsබිණි. පොත්පත් ගබඩා කිsරීම වෙනුවෙන් මහල් නවයකින් සමන්විත පුස්‌තකාලයක්‌ ද තිබිණි. හියුං සියැං වාර්තාවන්ට අනුව මෙම සරසවියේ පීඨ අටක්‌ සහ වන්දනාව වෙනුවෙන් සිද්ධස්‌ථාන 10 ක්‌ පැවැති බැව් සඳහන්ය.

නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙරාතුව දොරටු භාරව සිටි අධ්‍යාපනඥයන් විසින් තියුණු වාචික පරීක්‌ෂණ පවත්වන ලදී. පාල යුගයේදී මහායානය පිළිබඳව ඉගෙනුම වැදගත් විය. පණ්‌ඩිත් අභයාකාර (Abhyakara gup) ඒ ගුප්ත යුගයේදී තාන්ත්‍රික ඉගෙනුම වෙනුවෙන් අවධානය යොමු විය. මේ කාලයේදී සිසුන් 10,000 ක්‌ පමණ නේවාසිකව අධ්‍යාපනය ලැබීය. ආචාර්ය මණ්‌ඩලය 2000 ක්‌ පමණ විය. මෙම කාලයේදී නාලන්දාව ලබා තිබුණු කීර්තිය කොතෙක්‌ද යත් යමෙක්‌ මෙහි ඉගෙනුම ලබනවා නම් එය මහත් කිර්තියක්‌ ලෙස සලකන ලදී.

වජ්‍රයාන ඉගැන්වීම් වෙනුවෙන් වස්‌තු බීජයන් මෙම විශ්වවිද්‍යාලය වෙතින් ලැබුණු අතර බෞද්ධ දර්ශනයේ පුරෝගාමියකු වූ ධර්මකීර්ති ප`ඩිවරයා සහ ටිබෙට්‌ බුදුදහම තුළ සම්භාවනීSයත්වයට පත් ගුරු පද්ම සම්භවයන් මෙම විදුහලේ ආචාර්යවරුන් වූහ.

ක්‍රි.ව 1193 දී මොහමඩ් භක්‌තියාර් මෙම ප්‍රදේශයේ බලවතා බවට පත් විය. ඔහු පන්දහසක සේනාව ලවා මෙම අධ්‍යාපනික මධ්‍යස්‌ථානය ගිනිබත් කරන ලදී. පර්සියානු ඉතිහාසඥ මින්හස්‌ සිය ග්‍රන්ථයක දක්‌වා ඇත්තේ භික්‌ෂූන් වහන්සේලා දානය වළඳමින් සිටින අවස්‌ථාවේ පිළිස්‌සී ජීවිතක්‌ෂයට පත් වූ අතර තවත් දහසක්‌ දෙනාගේ හිස්‌ ගසා දැමූ බවයි.

මෙම ගින්නට මාස තුනක්‌ මුළුල්ලේ පොත් පත් දැවී ගිය බව සඳහන් වේ. මේ කාලය වෙන විට එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලය යාන්තම් ආරම්භ වුණා පමණි. නාලන්දා විශ්aව විද්‍යාලය ගිනිබත් කළ මොහමඩ් භක්‌තියාර් 1199 වසරේදී බෙංගාලය යටත් කර ගැනීමෙන් පසු ඉන්දියාව සහ තිබ්බතය හරහා යන ගමනේදී ගංවතුරට හසුව ජීවිතක්‌ෂයට පත් විය. මෙම භුමියේ කරන ලද කැණීම් වලදි දැවී ගිය ධාන්‍ය කොටස්‌ සහ මිනිස්‌ ඇටසැකිළි ගණනාවක්‌ හමු වී ඇත. විශ්වවිද්‍යාලය සහ ඉගෙනුමේ වටිනාකම ගැන ඔවුන් කිසිදු තැකීමක්‌ කළේ නැත. මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසින් මෙහි තැන්පත්ව තිබූ ඓතිහාසික මූලාශ්‍ර සියල්ල විනාශ කළ අතර කුරානය පමණක්‌ ආරක්‌ෂාව වෙනුවෙන් පිටතට ගන්නා ලෙස දන්වා ඇත. නාලන්දාවේ නටබුන් අතර සරසවිය ගොඩනැගූ ගඩොල් කුට්‌ටි සහ අලංකාර කිරීමට යොදා ගත් කිරිගරුඬ කොටස්‌ද දක්‌නට ඇත. නාලන්දාවේ නටබුන් ගවේශනයේ යෙදුණු මුල්ම බටහිර ජාතිකයා ලෙස සලකනු ලබන්නේ ඇලෙක්‌සැන්ඩර් කනින්ග්හැම් පුරාවිද්‍යාඥවරයාය.

නමුත් නාලන්දාවේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය පැවැති බවට සාක්‌ෂි සටහන් ඇත. 1235 වසරේදී නාලන්දා වෙත ගිය ටිබෙට්‌ පරිවර්තකයෙක්‌ වූ ඩැග් ලොට්‌ස්‌වා සඳහන් කරන්නේ අවුරුදු 90 ක්‌ පමණ වූ රාහුල ශ්‍රී භද්‍ර නම් ගුරුතුමෙක්‌ බ්‍රාහ්මණයකුගේ ආධාර ඇතුව හැත්තෑවක්‌ පමණ පිරිසක්‌ වෙනුවෙන් ඉගෙනුම් කටයුතු පවත්වාගෙන ගිය බවයි.

මේ අතර නාලන්දා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නැවත පිහිටුවන්නට අවධානය යොමු විය. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළ අතර නොබෙල් සම්මානලාභී ඉන්දීය විද්වතෙකු වන ආචාර්ය අමිර්ටියා සෙන් ඒ සඳහා විශේaෂ උනන්දුවක්‌ දක්‌වන ලදී.

මේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500 ක්‌ පමණ වැය වෙන අතර චීනය , ඉන්දියාව, ජපානය සහ වෙනත් රටවල් විසින් අරමුදල් සම්පාදනයට කැමැත්ත පළ කරන ලදී. යටිතල පහසුකම් වෙනුවෙන් අමතර මිලියන පන්සියයක්‌ වැය කිරීමට බලාපොරොත්තු විය.

මෙහි පළමු අදියරේදී විශ්වවිද්‍යාලය පීඨ හතකින් සමන්විතය. මේ අතර කලා, විද්‍යා, දර්ශනය, ආගම්, වැනි වැදගත් පාඨමාලාවන් මෙහි ඇතුළත් වේ. වසර 800 කට පසුව නාලන්දා සරසවිය සිසුන් 15 දෙනෙකුගෙන් යුක්‌තව නිල වශයෙන් විවෘත කිරීම 2014 වසරේ සැප්තැම්බර් මස දෙවැනි දින සිදු වූ අතර ලොව පුරා සිටින විද්‍යාර්ථියන්ට නාලන්දාවේ දොරටු දැන් විවෘතව ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

http://www.divaina.com/2014/09/14/diyaga09.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි