වැලිපිල්ල සහ පිල්ලම්
සිංහල අකුරු කියවීම ආරම්භ කරන්නේ සුබ මොහොතකිනි. ‘යහපතක් ම වේවා’ යන අර්ථයෙන් ‘ස්වස්ති සිද්ධම්’ යන වචනයෙන් කුඩා දරුවන්ට අකුරු කියවීම ආරම්භ කරයි. බොහෝ විට අකුරු කියැවීමේ කාර්ය සිදු කළ තක්සලා භූමිය වූයේ ගමේ පන්සල යි. බොහෝ ගැමි දරුවන්ට අකුරු කියවූ මුල් ගුරුතුමා වූයේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේ ය. පස් හැවිරිදි හෝ සය හැවිරිදි පමණ වූ විට ගුරුපඬුරක් සහිත ව පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේ අභියසට පමුණුවන කුඩා දරුවා ‘අ’ යනු ‘ආ’ යනු වශයෙන් හෝඩිය කියවීම ආරම්භ කරයි. එය කෙළවර කරන්නේ මෙසේ ‘ජය වේවා’ යන අර්ථය ගෙන දෙන ‘ඉතිසිද්ධි රස්තු’ යන ප්‍රකාශනයෙනි:
”සෝඩිය ද ගෙන’ති නේ
කියා සිත් ලෙස දැ නේ
පිල්ලම් ද කියමි නේ
වැල්ලේ ද ලියමි නේ
-ගණදෙවි හෑල්ල-
මෙසේ අකුරු කියවීම හුරු කරවන දරුවාට හෝඩිය කටපාඩමින් කියවන තෙක් අන් කිසිදු භාෂා කාරණයක් උගන්වන්නේ නැත. ශබ්ද නඟා හෝඩිය කියවන දරුවා ඇතැම් විට ගී තාලයකට අනුව එය වඩා හැඩහුරුකමකින් යුතු ව උච්චාරණය කරයි. පිල්ලම් ඉගැන්වීම ආරම්භ කරන්නේ හෝඩිය පාඩම් කිරීමෙන් ඉනික්බිති ව ය:
”සෝඩියෙ සූතිස් පිල්ලම කා දි
ලූ කල සොරයන් සොළොස ද ආ දි
ගණනින් පන්සිය සැටෙකින් සුසැ දි
අකුරෙන් සතළිස් සතරක් බේ දි”
- වදන් කවි පොත -
’පිල්ලම් කීම’ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ව්‍යංජන හෙවත් ගතකුරු සමඟ යෙදුණු ස්වරයන්ගේ නම් වෙනුවට කියන ලකුණුවල හෙවත් සංකේතවල නම් කියවීම යි. ලිවීම ආරම්භ කරනු ලබන්නේ හෝඩිය ද, පිල්ලම් ද ඉගෙන ගැනීමෙන් අනතුරු ව යි. අදින් සියවසකට පමණ පෙර අකුරු ලියන ලද්දේ වැලිපිලේ හෙවත් වැලිපිල්ලේ ය. වැලිපිල්ලට නිශ්චිත දිගක් පළලක් පිළිබඳ ව සම්මතයක් නැත. අඩි හතරක් හෝ පහක් පමණ දිග අඩි දෙකක් පමණ පළල ලෑල්ල වටා අඟල් භාගයක් හෝ අඟලක් වන සේ උසට පටියක් හෙවත් ලීස්තරයක් ගසනු ලැබේ. ඉනික්බිති ව ඒ ලීස්තර රාමුව ඇතුළත ඉතා සිහින් වැලි වර්ගයක් අතුරයි. ඇතැම් වැලිපිලි, රාමුවේ කොන් සතරින් ලණු දමා, පිලේ වහලයේ එල්ලා තබයි. ඇතැම් වැලිපිලි සතර කෙළවර කණු සතරක් තබා මේසයක හැඩයකට සකස් කරගනී. බහුල වශයෙන් වැලිපිල්ලේ අකුරු ලීවේ දකුණතේ දබරැඟිල්ලෙනි. ඇතැම් ගුරුවරු වැලිපිල්ලේ අකුරු ලිවීමට ‘වැලිපත’ නම් උපකරණයක් සාදාගත්තේ ය. ඇතැම් නායක හාමුදුරුවන් වහන්සේලා ළඟ ඇද්දළින් කපා කැටයම් කළ වැලිපත නම් උපකරණ තිබී ඇත. සිහින් ව තුනී කරන ලද වැලිපිල්ලේ අකුරු ලීවේ මෙම උපකරණයෙනි.
බොහෝ විට ශිෂ්‍යයා කුඹුරු ඇටයක් හෝ ඒ හා සමාන වියළි බීජයක පැත්තකින් කපා, මදය ඉවත් කොට දකුණතේ දබරැඟිල්ල ඇතුළට දමා මහපටැඟිල්ලෙන් සහ මැදැඟිල්ලෙන්, දබරැඟිල්ලට රුකුල් දෙමින් වැලිපිල්ලේ අකුරු ලීවේ ය. අවුරුද්දක් ගත වීමට පෙර ශිෂ්‍යයා වැලිපිල්ලේ සම්පූර්ණ හෝඩියත්, පිල්ලම් සමූහයත් ලියා පුහුණුවක් ලබයි. අතීත ශිෂ්‍යයාට පුස්කොළයේ ලිවීම උගන්වන්නේ වැලිපිල්ලේ හෝඩියත් පිල්ලම් සමූහයත් ලියා අවසන් වූ පසු ව ය. සිංහල අකුරු සහ පිල්ලම් ලිවීම හුරු කරවන ලද්දේ ඒ අයුරිනි.
අකුරු සහ පිල්ලම් ඉගෙන ගැනීමට මාස හයක් හෝ අවුරුද්දක් පමණ ගත වේ. පුස්කොළයේ ලිවීම උගන්වන ලද්දේ ඉන් පසු ව ය. හෝඩියත් එහි සියලු අක්ෂරත් පිල්ලම් සමූහයත් ඉගැන්වූ පසු නිශ්චිත පොත් පෙළක් පිළිවෙළින් උගන්වනු ලැබේ. පළමු ව උගන්වන්නේ නම් පොත ය. නම් පොත යනු ශ්‍රී ලංකා පිළිබඳ ආරම්භක භූමි ශාස්ත්‍රයකි. එහි වැදගත් ඓතිහාසික ස්ථානවල නාමලේඛනයක් දක්නා ලැබේ. දෙවනුව උගන්වන්නේ මඟුල් ලකුණ ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදය පිහිටි මංගල ලක්ෂණ පිළිබඳ හැඳින්වීමක් එහි දක්නට ලැබේ. මිශ්‍ර සිංහලයට අයත් පාළි සංස්කෘත වචන බොහෝ ප්‍රමාණයක් මගුල ලකුණ හැදෑරීමෙන් ඉගැනීමට පුළුවන. තුන්වනුව ගණදෙවි හෑල්ල අධ්‍යනය කෙරේ. ගණදෙවියන් සලකන්නේ නුවණට අධිපති දෙවිකෙනෙකු ලෙස ය. ගණදෙවි හෑල්ල ගණදෙවියන් පිදීම සහ ගණපති ස්ත්‍රෝත්‍රය යන කොටස් දෙකකින් යුක්ත ය.
අක්ෂර ආරම්භයේ දී ආධුනික ශිෂ්‍යයා විසින් පිළිපැදිය යුතු පිළිවෙත් ද අඩංගු ගණදෙවි හෑල්ල වෘත්ත ගන්ධි හෑල්ල ලෙස හැඳින් වේ. සතරවනුව වදන් කවි පොත වන පොත් කරනු ලැබේ. වදන් කවි පොතේ අක්ෂර විචාරය පිළිබඳ වාග් විද්‍යානුකූල විස්තරයක් දැක් වේ. තත්කාලීන ගුරුකුලයක පැවති භාෂා ඥානය වදන් කවි පොතේ අන්තර්ගත වේ. පස්වනුව සංස්කෘතියෙන් බිහි වුණු බුද්ධ ස්ත්‍රෝත්‍ර ග්‍රන්ථයක් වන බුද්ධ ගජ්ජය අධ්‍යයනය කරවයි. සයවනුව අක්ෂර උච්චාරණය පිළිබඳ ව ආධුනික ශිෂ්‍යයාගේ මුඛය හුරුකරවීමේ පරමාර්ථයෙන් සකස්කඩය වන පොත් කරවයි. සංස්කෘතික වචන බහුල දීර්ඝ වාක්‍ය සහිත වූ ගද්‍ය ලිපියක් ලෙස සකස්කඩේ ලියැවී ඇත. ඉනික්බිත ව සත්වනුව නාමාෂ්ට ශතකය ඉගෙනීමට සලසයි. නාමාෂ්ට ශතකය සංස්කෘත පද්‍ය කාව්‍යයකි. එහි සෑම පද්‍යයක් ම බුදුරජුන්ට නමස්කාර කරවීමේ අර්ථයෙන් ලියැවේ. නවරත්නය, හිතෝපදේශය, ප්‍රත්‍යශතකය, අනුරුද්ධ ශතකය, භක්ති ශතකය, සූර්ය ශතකය, වෘත්තමාලාව යනාදි විවිධ ග්‍රන්ථයෝ අධ්‍යනය කරති. අක්ෂර සහ පිල්ලම් කියැවීම මඟින් ආරම්භ කෙරෙන හෝඩිය අධ්‍යයනය විවිධ විචිත්‍ර විෂයන් අධ්‍යයනය කරවීම මඟින් පුළුල් අධ්‍යාපනයකට මන් සලකනු හෙළි කරනු ලබයි.
ස්වර ශබ්දයක් වචනයක ආරම්භයේ යෙදේ නම් පමණක් ඒ අක්ෂර සංකේතය ප්‍රාණාක්ෂරයක් ලෙස ලිය දක්වනු ලැබේ. එයට හේතුව වචනයක ආරම්භයේ ස්වරයක් යෙදේ නම්, එහි නිරූපිත ස්වර ශබ්දය ඒ ආකාරයෙන් ම භාවිත වන හෙයිනි. අලුත් හෝඩියේ ස්වර ශබ්ද විස්සක් දක්නට ලැබේ. එම ස්වර ශබ්ද විස්සෙන් ‘ඎ’ යන ප්‍රාණාක්ෂරය වර්තමාන සිංහලයේ වචනයක ආරම්භයේ නො යෙදේ. ‘...’, ‘....’ යන අක්ෂර දෙක හෝඩියේ ඇතත්, එය වර්තමාන සිංහලයේ භාවිත නො වේ. ඒ අනුව වචනයක ආරම්භයේ නිරූපිත ස්වර ශබ්දය වර්තමාන සිංහලයේ දක්නට ලැබෙන්නේ ප්‍රාණාක්ෂර දාහතක් විෂයෙහි පමණි.
ප්‍රාණාක්ෂරය නිදර්ශන
අ අම්මා, අත්තම්මා, අහස, අපේ
ආ ආතා, ආගන්තුක, ආදරය, ආශාව
අ අ කවුන්ට්, අ බව්, අ මේස න්, අ චීව්
අ අ ජ්, අ බ න්, අ ත්, අ න ස්ට්
ඇ ඇය, ඇඟිල්ල, ඇඳුම්, ඇසළ
ඈ ඈයා, ඈනුම, ඈත, ඈලිමෑළි
ඉ ඉදල, ඉහළ, ඉගෙනුම, ඉවසීම
ඊ ඊතලය, ඊඩිපස්, ඊරණ, ඊසාන
උ උදැල්ල, උදෑසන, උගුර, උඩරට
ඌ ඌර්ටි, ඌනතාව, ඌව, ඌෂ්ණය
ඍ ඍජුකෝණාස්‍රය, ඍෂිවර, ඍද්ධි, ඍතුව
එ එරබදු, එබිකම, එළඹෙන, එළිය
ඒ ඒදණ්ඩ, ඒකාන්ත, ඒකාබද්ධ, ඒකාලෝක
ඓ ඓරාවණ, ඓතිහාසික, ඓන්ද්‍රිය, ඓශ්චර්ය
ඔ ඔදස, ඔරුකඩ, ඔට්ටුව, ඔලිඳ
ඕ ඕමාර, ඕපලු, ඕවිල්ල
ඖ ඖර්ණ, ඖඩව, ඖදාර්යය
ප්‍රාණාක්ෂරය
කිසියම් ස්වර ශබ්දයක් ව්‍යංජනයකට පසු ව යෙදේ නම් ස්වරය වෙනුවට පිල්ලමක් යෙදීම සිංහල රීතිය යි.
ප්‍රාණාක්ෂරය
අ ක් + අ = ක – කමලා න් + අ = න – නයනා
ආ ත් + ආ = තා - තාපය ස් + ආ = සා - සාමය
අg ම් + අg = මg – මgටීරියgල් ක් + අg = කg – කgන්ට්‍රිබියුට්
අgg බ් + අgg = බgg – බgg න් ස් + අgg = සgg - සggට්න්ලි
ඇ ද් + ඇ = දැ – දැනුම ම් + ඇ = මැ - මැස්සා
ඈ ව් + ඈ = වෑ - වෑයම න් + ඈ = නෑ - නෑදෑයා
ඉ ක් + ඉ = කි – කියවීම ර් + ඉ = රි - රිද්මය
ඊ ස් + ඊ = සී - සීතා ල් + ඊ = ලී – ලීලා
උ න් + උ = නු - නුවර ස් + උ = සු - සුළඟ
ඌ ද් + ඌ = දූ - දූපත න් + ඌ = නූ - නූගත්
ඍ ත් + ඍ = තෘ - තෘණ ක් + ඍ = කෘ - කෘමියා
එ ව් + එ = වෙ - වෙසක් ග් + එ = ගෙ - ගෙදර
ඒ ත් + ඒ - තේ - තේක්ක ස් + ඒ - සේ - සේවය
ඓ ශ් + ඓ = ශෛ - ශෛලිය ව් + ඓ = වෛ - වෛරය
ඔ ප් + ඔ = පො - පොළොන්නරුව ට් + ඔ = ටො - ටොලමි
ඕ බ් + ඕ = බෝ - බෝධිය ය් + ඕ = යෝ - යෝනක
ඖ ග් + ඖ = ගෞ - ගෞතම න් + ඖ = නෞ - නෞකාව
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි