Monday, November 18, 2013

ඔලිම්පියාඩ් යන අපේ දරුවෝ




අන්තර් ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවරදීය. ලබන 25 වැනිදා සිට 29 වැනිදා දක්‌වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ගණිත අංශයෙන් බදුල්ල මහ විදුහලේ නෙත්මිණ ෂාමික ද සිල්වා, කවිශ්ක කරුණාතිලක, මහනුවර ධර්මරාජ විදුහලේ තිෂන්ක අලහකෝන්, සඳරුවන් විඡේරත්න කෑගලු බාලිකාවේ විහංගා දිසානායක, කොළඹ මහානාම විදුහලේ තාරක කොඩිතුවක්‌කු, හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විදුහලේ අනුසර ජයලත්, යාපනය හින්දු විදුහලේ එන්. සිවමයින්දන් හා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ සඳලුක කොඩිතුවක්‌කු යන සිසු සිසුවියෝ සහභාගි වෙති.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ යූ. පී. සුමනසේකර, කුරුණෑගල මලියදේව බාලිකාවේ කේ. එස්‌. පී. කපුකොටුව, මාතර සුජාතා බාලිකාවේ එම්. බී. එස්‌. විහඟනා, ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පී. එස්‌. අමරසිංහ, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ ඩී. ආර්. ටී. සී. දසනායක හා ඒ. අයි. දෙල්ගහගොඩ යන සිසු සිසුවියෝ ද මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. ඩී. ඩී. ඩී. ජයවික්‍රම, කොළඹ මෙතෝදිස්‌ත විදුහලේ සී. අෂ්විනි, කොළඹ විශාඛා විදුහලේ ජී. ටී. ඩී. අමරතුංග, ගාල්ල සංඝමිත්තා බාලිකාවේ එම්. බී. ඒ. ඩී. සමරවික්‍රම, මැදිරිගිරිය ජාතික පාසලේ කේ. කේ. රත්නසිරිල් සහ නාත්තණ්‌ඩිය ධම්මිස්‌සර විදුහලේ ඩී. ඩබ්ලිව්. පී. මධුභාෂණ යන සිසු සිසුවියෝ ද විද්‍යා අංශයෙන් තරගාවලියට එක්‌වෙති

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි