පෙරපාසල් දූ දරුවන්ට ජනපති ආර්යාව ඉටු කරන විශිෂ්ට මෙහෙවර රාජ්‍ය නායක ආර්යාවන්ගේ විශේෂ පැසසුමට
විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව නායකත්ව කුසලතා හා සාරධර්මයන්ගෙන් පිරිපුන් ළමා පරපුරක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලීමෙහිලා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය කාල්ටන් පෙර පාසල් සමූහය හරහා දියත් කර ඇති අරුත්බර වැඩපිළිවෙල තමන් බෙහෙවින් අගය කරන බවත්, ඒ තුළින් ආදර්ශයන් රැසක් සමාජ ගත කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක ආර්යාවෝ පවසති.

පාසල වෙත පැමිණි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක ආර්යාවෝ ජනාධිපති ආර්යයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ඇතුළු කාල්ටන් සිඟිති දුවා දරුවන් විසින් ඉතා විචිත්‍රවත් අන්දමින් හා මහත් හරසරින් පිළිගැනිණි.
රාජ්‍ය නායක ආර්යාවන් කාල්ටන් පෙර පාසලේ අධ්‍යාපනය හදාරන සිඟිති දූ දරුවන්ගේ පන්ති කාමර වෙතට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය හා කුසලතාවයන් මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳවද පෞද්ගලිකවම සොයා බැලූ අතර, එහිදී විශේෂ අවශ්‍යතා ඇති දූ දරුවන් වෙනුවෙන් වෙනම ම අංශයක් පිහිටුවා එම දරුවන් මනාව රැක බලා ගනිමින් අධ්‍යාපන ලබා දෙන ආකාරය පිළිබඳව ඔවුන් සිය ප්‍රශංසාව පළ කර සිටියාය.
මෙරට පෙර පාසල් අධ්‍යාපනයේ පෙරළියක් ඇති කළ කාල්ටන් පෙර පාසල් සමූහය මේ වනවිට දිවයින පුරා සිඟිති දූ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා පළාත් 03ක ශාඛා 8ක් දක්වා ව්‍යාප්ත කර ඇති බවත්, මේ වන විට දූ දරුවන් 2000කට අධික පිරිසක් ඉගෙනුම ලබන බවත් රාජපක්ෂ මැතිනිය විසින් මෙහිදී රාජ්‍ය නායක ආර්යාවෝ දැනුවත් කෙරිණි.
ඔවුන් ඇතුළු දූත පිරිස පිළිගෙන දැක්වූ ආගන්තුක සත්කාර මහත් සේ අගය කළ රාජ්‍ය නායක ආර්යාවන්, එම රටවල රාජ්‍ය නායකයන්ගේ හා ජනතාවගේ උණුසුම් සුබ පැතුම් හා ආශිර්වාදයන් පිරිනමන බවත් සඳහන් කළාය. එමෙන්ම, වසර 53ක් තිස්සේ පවතින පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මිත්‍රත්වය හා එකමුතුභාවය හා සුහදශිලී සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරලීම සඳහා මෙම සංචාරය තවදුරටත් ඉවහල් වූ බව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක ආර්යාවෝ රාජපක්ෂ මැතිනියට මෙහිදී පැවසූහ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක ආර්යාවන් කාල්ටන් පෙර පාසලේ සංචාරය කල මේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් වන පරිද්දෙන් විශේෂ තිළිණයක් ද ජනාධිපති ආර්යාව විසින් එම ආර්යාවන් වෙත පිරිනමනු ලැබුවාය.
.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි