Sunday, November 10, 2013

සෙල්ලමට ගන්නෑ

හොඳ යහළුවෝ

කිචි - බිචි... කිචි - බිචි.... කුරුලු කොබෙයියන්ගේ සද්දෙන් මුළු කැලෑගමම අවදිවෙලා. ඉර මාමා කන්ද උඩින් එබිලා බලනවා. කැලෑ බබාලා උදෙන්ම සෙල්ලම් කරන්න එකතු වෙලා. මොනර පැංචා, හා පුංචා, ලේන් පුංචා වගේ ගොඩාක් අය එකතුවෙලා සෙල්ලම් කරනවා. මමත් ඔයගොල්ලන්ගේ සෙල්ලමට එන්නද? දළඹු පුංචා ඇහුවා.
“ඊයා... ඔයාට පුළුවන්ද අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාව ගෑවීලා අප කසාවි ඊටත් බලන්න ඔයාගේ කැත. මොනර පැංචා කිව්වා.
“ඒක ඇත්ත. ඔයා යන්න. එන්න එපා අපේ සෙල්ලමට.” අනිත් අයත් කිව්වා.
“දළඹු පුංචට ගොඩක් දුක හිතුණා. මමත් ළඟදිම ලස්සන සමනලයෙක් වෙනවා. එතකොට ඔයාලා ඔහොම කියන එකක් නෑ” දළඹු පුංචා කිව්වා.
“අනේ යන්න බොරු නොකියා යහළුවෝ දළඹු පුංච එළවා ගත්තා.” දළඹු පුංචට ගොඩක් දුක හිතුණා. දළඹු පුංචා ගහක් උඩට වෙලා අඬ අඬා හිටියා.
“යහළුවා ඇයි ඔයා අඬන්නේ හීන් කටහඬක් ඇහුවා.” දළඹු පුංචා වටපිට බැලුවා. බැලින්නම් ඒ ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි. එයාලවත් සෙල්ලමට ගන්නෑ කියලා දළඹු පුංචා දැන හිටියා.
“ඔයා අඬන්න එපා එන්න අපිත් එක්ක සෙල්ලම් කරන්න” ගොළුබෙලි පුංචා කිව්වා. දළඹු පුංචට ගොඩක් සතුටුයි. එයා ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි එක්ක ඇතිවෙනකම් සෙල්ලම් කළා. ගොළුබෙලි පුංචි කූඹි පුංචවයි දළඹු පුංචවයි පිට උඩ තියාගෙන කැලේ පුරාම ඇවිද්දා. මේ තුන්දෙනා ගොඩක් හොඳ යහළුවෝ වුණා. එයාලා හැමදාම උදේ ඉඳන් හවස් වෙනකල් සෙල්ලම් කළා.
දවසක් දළඹු පුංචා මෙහෙම කිව්වා “දන්නවද යහළුවා මම ළඟදීම සමනලයෙක් වෙනවා.”
“ඒ කොහොමද” ගොළුබෙලි පුංචා ඇහුවා.
“එහෙම තමා ඒ අපේ හැටි. මගේ අම්මා ලස්සන සමනලියක්. අපි බිත්තරවලින් ඉපදෙන්නේ පස්සේ. අපි කෝෂයක් හදාගෙන ටික කාලයක් ඉන්නවා. අපි ඒකෙන් එළියට එන්නේ ලස්සන සමනල්ලු වෙලා.”
“එහෙමද එතකොට ඔයාට අනිත් අයත් එක්ක‍ සෙල්ලම් කරන්න පුළුවන්.” ගොළුබෙලි පුංචා කිව්වා.
“මම කැත කාලේදි නැති යාළුවෝ මට ලස්සන කාලේදිත් එපා හැමදාම ඔයාලා තමයි මගේ යාළුවෝ” දළඹු පුංචා කිව්වා.
පස්සේ දවසේ උදේ දළඹු පුංචා සෙල්ලම් කරන්න ආවේ නෑ. එයාට කරදරයක්වත්ද ගොළුබෙලි පුංචටයි කූඹි පුංචටයි හිතුණා. එයාලට ගොඩක් දුක හිතිලා ඇඬුවා.
එතකොට ලොකු සමනලයෙක් එතැනට ඇවිත් ඇයි ඔයාලා අඬන්නේ ඇහුවා. ගොළුබෙලි පුංචා කිව්වා දළඹු පුංචා නැති නිසා කියලා. සමනලයා කිව්වා “ඔයාලා බයවෙන්න එපා දළඹු පුංචා කෝෂයක් හදාගෙන ඉන්නේ ටික දවසකින් ඔයාලා බලන්න ඒවි” කියලා. ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි තනියම සෙල්ලම් කළා. ටික දවසක් ගෙවිලා ගියා.
“යහළුවනේ මම ආවා.” දවසක් එයාලට දළඹු පුංචගේ කටහඬ ඇහුණා. ඒත් පුංචා පේන්න හිටියේ නෑ. “යහළුවනේ මේ මම.” එතකොටයි එයාලා දැක්කේ ලස්සන සමනලයෙක් තමා එයාලට මේ කථා කරන්නේ කියලා. එයාලට හරිම සතුටුයි.
“සමනල පුංචා එන්න අපිත් එක් සෙල්ලම් කරන්න.” එතකොටම එතනින් ගියපු මොනර පැංචා කිව්වා.
සමනල පුංචා කිව්වා “මම මගේ යහළුවෝ දාලා එන්නේ නෑ කියලා. මොකද හොඳ යහළුවෝ කවුද කියලා සමනල පුංචා දැනගෙනයි හිටියේ.
ඒ.ඒ.ඒ. ශ්‍රිමාලි අධිකාරි
12 ශ්‍රේණිය ‘බී’ (කලා)
පුෂ්පදාන බාලිකා මහ විදුහල,
මහනුවර.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි