දිනමිණ පුවතට ජනපති අවධානය
උතුරු මැද ශිෂ්‍යත්ව හපනාගේ සිහිනය සැබෑවක් වෙයි

ලකුණු 190ක් ලබා ගනිමින් උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගත් ජනිඳුගේ එකම ප්‍රාර්ථනය වූයේ ජනාධිපතිතුමා මුණගැසීම බව දිනමිණ ඔක්තෝබර් මස 31 වැනිදා තෙවැනි පිටුවෙන් වාර්තා කළේය. උතුරු මැද පළාත් ඇමැති එච්. බී. සේමසිංහ මහතා මුණගැසුණු අවස්ථාවේදී සිය ප්‍රාර්ථනය ගැන ප්‍රකාශ කර තෙදිනක් ගතවත්ම ජනාධිපතිතුමා මුණගැසීමේ අගනා අවස්ථාව හිමි කර ගැනීමට මෙන්ම ජනාධිපතිතුමන්ගේ අතින් තිලිණ ලැබීමටත් ජනිඳු වාසනාවන්තයකු විය.
දිනමිණ වාර්තාව දුටු ජනාධිපතිතුමා අනුරාධපුර ජනාධිපති මන්දිරයට ජනිඳු කැඳවා පුතේ අපි එහෙනම් රෝයල් එකට යමු දැයි විමසා සිටියේය. ලැප්ටොප් පරිගණකයක්, ශබ්ද කෝෂයක් හා පාසල් උපකරණ ජනාධිපතිතුමාගෙන් ජනිඳුට තෑගි වශයෙන් ලැබිණ.
විදුහල්පතිනී මල්ලිකා මැණිකේ, පන්ති භාර ගුරුවරිය වන වයි. ඉන්ද්‍රාණි සුමුදුලතා මහත්මීන් ඇතුළු සියලු ගුරුභවතුන්ටත් ජනාධිපතිතුමා හමුවීමට මඟ විවර කළ එච්. බී. සේමසිංහ මහතා සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත් ජනිඳු ස්තුතිය පළ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, ඩබ්ලිව්. බී. ඒකනායක, උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, පළාත් ඇමැති එච්. බී. සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, පළාත් සභාවේ සභාපති ටී. එම්. ආර්. සිරිපාල, දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න, අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහත්වරුන් සමඟ ජනිඳු දරුවාගේ පියා වන ජී. එදිරිසිංහ, ඉනෝකා ප්‍රියදර්ශනී ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි