V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, November 30, 2013

උදෑසනක අසිරිය

උදෑසනක අසිරිය සඳ කුමරා හෙමින් හෙමින් බැසගෙන යනවා හිරු කුමරා හෙමින් හෙමින් නැඟගෙන එනවා කන්ද උඩින් රන් හිරු එළි නැඟලා එනවා ඒ එළියෙන් අපේ ගමම අවදි කරනවා හිරු කුමරා පිළිගන්නට මල් කැකුළු පිපෙනවා පැණි බේරෙන පලතුරුවල සුවඳ හමනවා ගම අයිනේ සාර කෙතේ සුවඳ දැනෙනවා ඒ සුවඳින් අපේ ගමම නැහැවී යනවා කුකුළු හාමි කුක්කු කූක් කියා හඬනවා හැම ගෙදරම මුළුතැන් ගෙය වැඩෙහි යෙදෙනවා කඩි මුඩියේ පුංචි ළමුන් අකුරට යනවා ගොවි දෙවියෝ උදලු අරන් කුඹුරට යනවා කුරුලු රෑන්...

උදය හිරු රැසින් තව මල් ප‍ූදින්නේ

උදය... උදය හිරු රැසින් තව මල් ප‍ූදින්නේ මකරන්දය සොයා සමනලු පියඹන්නේ මල් වැනි ළමුන් පාසල වෙත යන්නේ සුමිතුරු උදය මේ ලෙසටයි පවසන්නේ රැකියාවලට යන මිනිසුන් හනි හනිකේ විහඟ රංචු සුමියුරු ගී ගයමින්නේ මඳ සුළඟින් ගස්වල දලු සෙලවෙන්නේ මඳ නල ගත සිත කාගෙත් පුබුදන්නේ දිල්මි තත්සරණි, 6 ශ්‍රේණිය ‘ඩී’, රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ. http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=au1312011...

කුරුලු සෙනෙහස

කුරුලු සෙනෙහස ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට වෙලා පත්තරයක් කියවමින් හිටපු වෙද මහත්තය කුරුල්ලන්ගෙ කෑගැසිල්ල ඇහිල මිදුලෙ. බුලත් කොටුවෙ තිබුණු කුරුලු කූඩුව දිහාව බැලුවා. කුරුලු අම්මයි තාත්තයි හයියෙන් කෑ ගහගහ කූඩුව දිහාවට ඇදෙන ලොකු ගැරඬියකු එළවනවා. කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ල ගාණක් වත් නෑ වගේ ගැරඬියා හීන් සීරුවෙ කුරුලු කූඩුව දිහාවට ඇදෙනවා. ගල්කැට කීපයක් අතට ගත්තු වෙද මහත්තය ගැරඬියට ගහල එළවල දැම්මා. මේ දවස් ටිකේ වෙද මහත්තයට තිබුණු වටිනාම රාජකාරිය වුණේ කුරුලු...

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක්

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක් ශිෂ්‍යත්ව විභාගයට කියන්නේ අම්මලාගේ විභාගය කියාය. දරුවෝ විභාගයට පෙනී සිටිය ද විභාගයට වෙහෙසෙන්නේ තාත්තලාත් දරුවෝත් නොව අම්මලාය. දරුවන් විභාගය නිසා වෙහෙසවන්න එපා යැයි හඬනඟා පැවසුව ද මේ සත්‍ය කතාව එය නෑසෙන අම්මලාට හොඳ පාඩමක්. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අපට මේ සිදුවීම අනාවරණය කළේ ශිෂ්‍යත්ව විභාගයට කුඩා දරුවන් මෙහෙයවන සමස්ත අම්මලාටම ආදර්ශයක් වශයෙනි. මේ අම්මා ද තම දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කළේ දරුවාට...

අමාරු නෑ

අ.පො.ස.(සා. පෙළ) චිත්‍ර චිත්‍ර නිර්මාණය අමාරු නෑ චිත්‍ර විෂය යනු කාණ්ඩ විෂයයකි. චිත්‍ර විෂය සඳහා දරුවන් කැමැත්තක් දැක්වුව ද මේ විෂය සඳහා A සාමාර්ථයක් ලබා ගැනීම අසීරු යැයි මතයක් පවතී. නමුත් උනන්දුව සහ විෂය කෙරෙහි කැමැත්ත ඇත්නම්, විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම අපහසු නොවේ. මා දකින අන්දමට අනෙකුත් සෞන්දර්ය විෂයන් සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් ඇත. නමුත් චිත්‍ර විෂය සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍ර...

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස් රාජකීය විදුහලේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වන්නේ උදේ විදුහල පටන් ගැනීමට පෙරය. ළමෝ කලබලයෙන් පන්ති කාමරවලට යති.  එය 1967 වර්ෂයේ තවත් දිනයකි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට ගණිතය උගන්වන මහරගම ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලැබු ආර්. අයි. ටී. අලස් පොත අස්සන් කොට ගුරු කාමරයට වෙනදා වගේම ගියේ කාල සටහන අනුව පන්තියකට යා යුත්තේ දෙවැනි කාල පරිච්ඡේදයේ නිසාය. එවක රාජකීය විදුහලේ විදුහල්පති වූයේ බෝගොඩ ප්‍රේමරත්න මහතාය. ඔහු...

Monday, November 25, 2013

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න  ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර විභාග කොමසාරිස් ජෙනරාල් විභාගය කොයි කාටත් නුහුරු නුපුරුදු අලුත් අත්දැකීමක් නොවේ. දරුවකු පාසලට පියමං කළ දා පටන් වාර විභාගයන්ට මුහුණ දී විභාගයක සරල අත්දැකීම දරුවන් සිය ජීවිතයට එක්කර ගැනිණි. අම්මලාගේ විභාගයක් වූ ශිෂ්‍යත්ව‍යත්, ඉන් අනතුරුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයන්, එයිනුත් අනතුරුව අ.පො.ස. උසස් පෙළ විභාග‍යත් ශිෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කඩඉම් විභාග වෙයි. වසරක් පාසා එක්තරා...

සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න

පෙරදිග සංගීතය සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න අ.පො.ස (සා/ පෙළ) සෞන්දර්යය විෂය ධාරාව අතරින් පෙරදිග සංගීතය විෂය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විට ඔබ ප්‍රධාන විෂය ප්‍රශ්න පත්‍රවලට මුහුණදී අවසන්. එයින් ඔබේ හිත තරමක් හෝ නිදහසක් ගෙන දෙන්නට පුළුවන්. සංගීත විෂයයත් අනෙකුත් විෂයයන් හා සමානවම ඔබට වැදගත්. හරියාකාරව විභාගයට (ලිඛිත හා ප්‍රායෝගික) මුහුණ දුන්නහොත් ඉතා පහසුවෙන් Aසාමාර්ථයක් කරා ඔබට යාමට පුළුවන්. පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රය...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  අමාරු යැයි හිතන්න එපා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා....

Wednesday, November 20, 2013

ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා

සීගිරි සිත්තරාගේ සිතුවම් තාක්‌ෂණයකේ. උදේනි අරුණසිරිප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයකොටුව, ගාල්ල.පුරාවිද්‍යාඥයන්ගේ ද, කලා විශේෂඥයන්ගේ ද හා රසිකයන්ගේ ද මහත් අවධානයට ලක්‌වන්නා වූ සීගිරිය වූ කලී අතීතයේදී මෙන්ම වර්තමානයේ ද බිතුසිතුවම් කලාවට ලැදියාවක්‌ දැක්‌වු මිනිසුන්ගේ අවධානයට පාත්‍ර වූ ලොව වැදගත්ම පෞරාණික ස්‌ථානවලින් එකක්‌ ලෙස සැලකිය හැකි වේ. සීගිරි බලකොටුව පළමුවන කාශ්‍යප (ක්‍රි. ව. 417 -495) රජු විසින් නිර්මාණය කළද සීගිරියේ ඉතිහාසය ඊට ශතවර්ෂ ගණනාවකට...

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ 2013 වර්ෂයේ දී දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව මේ දිනවල කෙමෙන් කෙමෙන් හිරු වෙත ළඟා වෙමින් පවතී. එය මේ මස 28 වන දා හිරුට ඉතා සමීපයෙන් ගමන් කරයි. ඒ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 1.8 ක් පමණ දුරකිනි. හිරුට මෙතරම් ආසන්න වීම වල්ගා තරුවකට එතරම් සුබදායක නැත. මන්ද යත් හිරුගේ අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා වල්ගාතරුව හිරු මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩීයාමට ඉඩ ඇති බැවිනි. අයිසෝන් මේ අනතුරුවලින් මිදුණහොත් පාන්දර...

ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලයෙන් සොයාගැනීම වළක්වයි

ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලයෙන් සොයාගැනීම වළක්වයි බුද්ධිකා ඉඹුලාන සහ චින්තා රණසිංහ ලොව ප්‍රධානතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර දෙකක් වන ගූගල් (Google) සහ මයික්‍රොසොෆ්ට් බින්ග් (Microsoft Bing) මඟින් ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලය තුළින් සොයාගැනීම වැළැක්වීමට එම සමාගම් තීරණය කර ඇත‍. මෙසේ සිදුවන 100,000 පමණ වූ සෑම සෙවීමක්ම ප්‍රතිඵල රහිත කිරීමටත් (no results) එවැනි ඡායාරූප නීතිවිරෝධී බව ප්‍රකාශ කරන අනතුරු ඇඟවීමක් ප්‍රදර්ශනය කිරීමටත් අදාළ සමාගම් දෙක...

Monday, November 18, 2013

“මේං කෙල්ලෙ ඔය තම්බපු බිත්තරේ කාපං”

විභාග, විභාග, විභාග, කොයි කාටත් විභාග ය. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වාත්, විශ්වවිද්‍යාලවලත් විභාග ය. ඒ සියල්ලෙන් සමත් වී රැකියා ලබා ගැනීමට තවත් තරග විභාගයන් ය. ඉන් පසු කඩඉම් විභාග හා උසස්වීම් සඳහා විභාග ය. ඇතැමුන් පාඩම් කරති. ඒ බවත් කියති. ඇතැමුන් බොරු කියති. විශ්වවිද්‍යාල බසින් එය අනුන් අල කිරීමකි. තවත් සමහරු පාඩම් කිරීමට උදලු දමති. මේ සියල්ල විශ්වවිද්‍යාලයේ පමණක් නොව පාසල් පද්ධතියේත් සිවිල් සමාජයේත් දක්නට ඇත. භාග්‍යා උසස් පෙළ විභාගය ලියා ඇත. ප්‍රතිඵල...