පරිසරය අපට දෙවියන් ලබා දී ඇති දායාදයකි. නමුත් දැන් ගස්වැල් විනාශ කර ඇති නිසා අපට සිදුවී ඇත්තේ හානියකි. පරිසරය අපිරිසුදු වාතයෙන් පිරී ඇත. රෝග නිසා ජීවීන්
ට සිදුවී ඇත්තේ දුකෙන් කල් ගෙවීමටයි.

ගස්වැල් යනු පරිසරයට අවශ්‍යම අංගයකි. ශාක සතා සිවුපාවාට ද ආරක්ෂාව හා රැකවරණය ලබා දෙයි. අපට සෙවණ ද, ලෙඩට දුකට ඖෂධද, පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට ද ගස්වැල්වලට හැකිය. පරිසරය සුවඳවත් කරන්නට ද පුෂ්ප හා ඵලවලට හැකිය.
අපට ජලය ලැබෙන ප්‍රධානම මාර්ගය වර්ෂාවයි. වර්ෂාව ලබා දීමට ද පොළොවේ ජලය රඳවා ගැනීමට ද උදවු වෙන්නේ අපගේ ජීවය හා සමාන ශාකයි. පස සෝදා යෑම වළක්වා ගැනීමට ද උදව් වන්නේ මේ ගස්වැල්ය. දැව ලබා දෙන්නේ ද, අපට ඇඳුම් ලබා දෙන්නේ ද මෙම ශාකයි.
මෙවන් ප්‍රයෝජන රැසක් ලබා දෙන ශාක විනාශ කරන්නේ ද මිනිසාමය. කුඩා දරුවන් ලෙස අපි පැළ වවමු. ඒ පැළ හෙට දිනයේ අප රැක ගනු ඇත.
කේ.එම්.එම්.පී. කුමාරසිංහ
3 ශ්‍රේණිය,
දිද්දෙණිය මහා විද්‍යාලය,
දිද්දෙණිය.
http://silumina.lk/2015/05/10/_art.asp?fn=au150510
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි