තොරණ වෙසක් සැරසිලි, පහන් කූඩු වැනි දෑ වෙසක් සමයේදී මුළු රටම අලෝකවත් කරන්නේය. සැබවින්ම ඒවායින් ප්රභාවත් වනුයේ මේ ලෝකවාසී ජනතාවගේ ම හදවත් නොවේ ද? බුදුහිමියන්ගේ දිවියේ අසිරිමත් අවස්ථාවන් මහත්වූ භක්ත්‍යාදරයක් පෙරටුකොට ගෙන උත්සවශ්‍රීයෙන් අනුස්මරණයේ යෙදෙන මේ මනුස්ස හදවත් භක්තියෙන් පුරවාලමින්. සුදු වතින් සැරසී පන්සල් වෙත යන ජනතාව යම් මොහොතකට හෝ තම රාජකාරී බහුල කටුක දිවියෙන් ඉවත් ව තම මානසික හා ආධ්‍යාත්මික උන්නතිය සඳහා කැපවීමට වග බලා ගනිති. නාගරික කාර්යබහුල සමාජයේ දිවි ගෙවන ජනතාව, බොහෝ විටෙක පන්සලක් කරා ගොස් ආධ්‍යාත්මික සුවය අත්විඳීමට පෙළඹෙනුයේ ද ‘වෙසක්’ පොහොය පිළිබඳ ඔවුන් තුළ පවතින ධනාත්මක ආකල්පය හේතුවෙනි.
අරුත්සුන් නව පරපුරේ ගී පදයක් වෙනුවට බණ පදයන් සවනත රැඳෙන මුදලින් හෝ අවියෙන් නොව සමඟියෙන් සමාදානයෙන් සන්නද්ධ මිනිසුන් කොටසක් අද අප රටට අවශ්‍යය. නොකා නොබී මුළු කාලයම මුදල් වලින් තම සාක්කු පුරවා ගැනීමට දුවන්නන් වාලේ දුවන සමාජික සාමාජිකයන් සිටින සමාජයක තමන් හරිහම්බ කරගත් ධනයෙන් යම් සමාජ මෙහෙවරක් කිරීම ද වටින්නේය. වෙසක් සමයේ මඟ දිගට දකින්නට ලැබෙන දන්සල ද යම් සුගතියක් කරගන්නා දන්සල ද වෙසඟේ බැබළෙන තවත් වදනකි. බොහෝ මහඟු පින්කමකි. වෙසක් ප්‍රීතියෙන් ඔදවත් වූ හදවත් ඇති සංගම්, රැකියා ස්ථාන හෝ පවුල්වල සාමාජිකයින් තම ස්වකීය ධන පරිත්යාගයෙ ජනතාවගේ මහන්සිය මඟ හරවා ගැනීමට කරන දන්සල ආමිස පූජාවකි.
ලොව කිසිදු ආගමික උත්සවයක දක්නට නොලැබෙන මෙම දන් පිළිගන්වන ක්‍රමවේදය අපේ රටට නම් අරුමයක් නොවේ. දාන ශීල භාවනා ආදි වූ ප්‍රතිපත්ති පූජාවටත්, ආමිස පූජාවටත් මුල්තැන දෙමින් වෙසක් මංගල්‍යය සැමරීම අප රටටම ආඩම්බරයකි. ලෝකවාසි සැමට සුබ වෙසක් මංගල්‍යයක් ම වේවා.
මධුෂි නිර්මානි කුලරත්න
12 ශ්‍රේණිය,
ශාන්ත ජෝශප් බාලිකා ම.වි.,
කෑගල්ල.
12 ශ්‍රේණිය,
ශාන්ත ජෝශප් බාලිකා ම.වි.,
කෑගල්ල.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි