Monday, May 4, 2015

තෙම­ඟුල

වෙසක් පෝය දා...

වෙසක් සඳ නැඟුණා...
උදා කර­මින් ලොවට සෙත්
වික­සිත වුණා සිය­පත්
සුව­ඳ­වත් කර­මින් ලොව ම...
උපන්නා කුමරු සිදු­හත්
අර්ථ­යක් කර­මින් ලොවට...
වෙසක් සඳ නැඟුණා
සාද­මින් සත­හට සෙත
බුදු­වුණා බෝස­තා­ණන්
මඟ පාද­මින් නිව­නට...
වෙසක් සඳ නැඟුණා
කම්පා කර­මින් ලොව ම
පිරි­නි­වුණා බුදු හිමි
අඳුර පතු­ර­මින් දස අත...
ඉතිරි විය සද­හම් සිසිල
ලොව ම නිව­නට යොමු කර­මින්
සිහි­පත් කර­මින් මෙසේ තෙම­ඟුල
සම­ර­මින් බැති­බර වෙසක්...

ඩී. කේ. ගාවිත්‍රි දිලේෂා අම­ර­සිංහ
12 ශ්‍රේණිය සීඊ
දේවි බාලිකා විද්‍යා­ලය,
කොළඹ

http://www.silumina.lk/2015/05/03/_art.asp?fn=au150503

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි