Sunday, May 17, 2015

“පොතක පිටු අතර සැබෑ මිනිස්සු ජිවත් වෙතියි”

කියවීම මිනිසා සම්පූර්ණ කරයි

අප ජීවත් වන්නේ දැනුම සොයා යා හැකි සමාජයකය. සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. පවුල තුළින් අපට යහපත් ගතිගුණ මෙන් ම කියවීමට ද, හුරුවිය හැකිය. ඉන් බාහිර ලෝකයේ දී පොත් තුළින් ලෝකය දකින්නට හුරු වන්නේය. පොත්පත් කියවීම මොළයට ව්‍යායාමකි. සාර්ථක පුරවැසියකු යහපත් ජීවිත ගත කිරීමට මෙහෙයවන්නේ ද හොඳ පොත පතයි. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි.
“පොතක පිටු අතර සැබෑ මිනිස්සු ජිවත් වෙතියි” මැක්සිම් ගෝර්කි වරක් පවසා ඇත්තේ “මාගේ හොඳම මිතුරා පොත පත බවත්, මා පසුතැවිලි වන විට මා සුව කරන්නේ ද පොත පත බවත්” යනුවෙන් සඳහන් කරමිනි. “මිනිසා සිරගත කළ ද සිතුවිලි සිරගත කළ නොහැකිය” එබැවින් අපගේ යහපත් සිතුවිලි යොදා ගනිමින් රසවත් ග්‍රන්ථ රචනා කිරීමෙන් තවත් උගතුන් බිහිකළ හැකිය. උනන්දුව හා අධිෂ්ඨානය තුළින් අපගේ උත්සාහය කරා ළඟාවිය හැකිය. අපි දැනුම සොයා යෑමට උත්සාහ කරමු. එවිට “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන ශ්‍රේෂ්ඨ කියමන සාර්ථක කරගැනීමට අපට හැකි වනු ඇත.



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි