Sunday, May 10, 2015

ඩයිනෝසර් යුගයේ වවුලෙක් හමුවෙයි

වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිනාමය වීම සම්බන්ධ හොඳ සාක්ෂියක් බව ද පර්යේෂකයන් පවසයි.
චීනයේ හෙබේ ප්‍රදේශයේන අදින් වසර දහයකට පමණ පෙරාතුව සොයාගත් ඩියනෝසර් පොසිල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිකුත්කැර ඇති වාර්තාවේ මේ කරුණු දක්වා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ ඩයිනෝසරයා අදින් වසර කෝටි 16ට පමණ පෙරාතුව මිහිමත සැරිසරා ඇති බවයි.
පිහාටු නොමැති නමුත් ඉදිරි ගාත්‍රා හා සිරුර අතර වවුලකුගේ මෙන් සියුම් පටලයක් තිබූ මේ ඩයිනෝසරයා ඒ ආදාරයෙන් පියාඹා යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති. පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග් පවසන්නේ මේ ආදි කාලීන සත්ත්වයා පයැඹීමේ හැකියාව පෙන්වුව ද එය එතරම් සාර්ථක නොවන්නට ඇති බවයි.
මේ සත්ත්වයාගේ බර ග්‍රෑම් 230ක් පමණ බවත් සෙන්ටිමීටර 63ක් පමණ දැගැති බවත් පර්යේෂකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් පක්ෂියකු මෙන් පියඹා ගිය මේ සත්ත්වයා ඉක්මණින්ම නෂ්ඨ වි යන්නට ඇතැයි ද ඔවුහු කියති.
Bizarre 1 Bizarre 2 Bizarre 3 - Copy
http://www.lankadeepa.lk/index.php/articles/315202

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි