Sunday, May 10, 2015

පිටසක්වළ සංඥාව පැමිණි තැන සොයාගනී


අභ්‍යාවකාශයේ සිට පැමිණි අමුතු සංඥා නිකුත්ව ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලෝකයකින් බව විද්‍යාඥයෝ පවසති. එම ග්‍රහලෝකය ග්ලිඒස් 581 ඩී ලෙස නම්කරනු ලැබූළුකි.
විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වූ සංඥා සම්බන්ධයෙන් මෙතෙක් සිටියේ වැරදි මතයක බවයි. 2010 වර්ෂයේ සිට වරින් වර ලැබුණු සංඥා විශ්ලේෂණය කිරීමේ දී ඒවා මේ ග්‍රහලෝකයෙන් නිකුත් වූ බව විශ්වාස කළ හැකියැයි ද එය පෘථිවියට පිටත ඇති දියුණු මට්ටමේ ජීවයක් පිළිබඳ සාධකයක් විය හැකියැයි ද ඔවුහු කියති.
2010 ලැබුණු සංඥා ඈත තාරකා වලින් පැමිණෙන්නට ඇතැයි මුලදී අනුමාන කැරිණි. 581ඩී ග්‍රහලෝකයේ ජිවය පවතින බවට දැඩි විශ්වාසයක් ඇති බවත් එය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල බවත් පාෂාණමය ලෝකයක් බවත් විද්‍යාඥයෝ කියති.
පෙනිසිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් අභ්‍යාවකාශයෙන් ලැබෙන ආලෝක හා ශබ්ද සංඥා විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසු මේ ගැන වැඩි විස්තර අධ්‍යයනය කිරීමට හැකි බවයි. එම ක්‍රම උපයෝගීකරගෙන දැනට පවත්නා දත්ත අනුසාරයෙන් වඩාත් නිවැරදි ආකෘතියක් ගොඩනැගීමට හැකිවූ බව පෙනිසිල්වේනියාවේ මාරියා විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය හා හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.


http://www.lankadeepa.lk/index.php/articles/301728

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි