Monday, May 4, 2015

මාර්ග අනතුරු අවම කර ගනිමු

2014 වසරේ මාර්ග අනතුරුවලින් පාසල් දරුවන් 257ක්‌ මරුට


2014 වසර තුළදී විවිධ වයස්‌ කාණ්‌ඩවල පාසල් සිසු සිසුවියන් දෙසිය පනස්‌ හතක්‌ (257) මහමඟදී සිදුවූ රිය අනතුරුවලින් මියගොස්‌ ඇතැයිද එම නිසා ළමයින්ගේ ආරක්‌ෂාව පිළිබඳ රියෑදුරන් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතුව ඇතැයිද මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්‌ එන්. එස්‌. සේනාධීර මහතා පැවසීය.

මෙම තත්ත්වය අවම කිරීම සඳහා මැයි මස 04 වැනි දින සිට මාර්ග ආරක්‌ෂණ සතියක්‌ ප්‍රකාශ කර ඇති බව පවසන ඒ මහතා මේ සඳහා ප්‍රධාන දැනුවත් කිරීමේ වැඩසටහන් 3 ක්‌ පළාත් 3 ක පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව මැයි මස 14 වැනි දින මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීත්, මැයි මස 7 වැනි දින මාතලේ විජය විද්‍යාලයේ දී හා මැයි මස 8 දා නුවරඑළිය හඟුරන්කෙත දියතිලක මැදි විදුහලේ දී පැවැත්වීමට නියමිතය.

පාසල් සිසු/සිසුවියන්ගේ ආරක්‌ෂාව පිළිබඳ පාසල් ළමුන් මෙන්ම පාසල් බස්‌රථ මෙන්ම වෑන් රථ රියෑදුරන්ද දෙමාපියන්ද මෙහිදී දැනුවත් කෙරෙන අතර මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික මණ්‌ඩලය පොලිසිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ සතියට සමගාමීව මෙය සංවිධානය කර ඇති බව පළාත් ප්‍රවාහන කොමසාරිස්‌වරයා පැවසීය.


කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි