Sunday, May 10, 2015

බ්‍රිතාන්‍යයේ පැරණිම ගස මරණ මංචකයේ ?

බ්‍රිතාන්‍යයේ ඇති පැරණිතම වෘක්ෂය වන ඇෂ්බ්‍රිට්ල් යෝ නමැති ගස මියයාමට පටන්ගෙන ඇතැයි පරිසරවේදීහු පවසති. වසර 4000ක් පැරණි මේ ගස එංගලන්තයේ සමර්සෙට් හි ජෝන් බැප්ටිස් දේවස්ථාන භූමියේ පිහිටා ඇත. අඩි 38ක වටප්‍රමාණයකින් යුතු මේ ශාකයේ අතු පතර වියනක් සේ විහිදී තිබේ.
කඳ මධ්‍යයේ බෙනයක් පවතී. පරිසරවේදීන් පවසන්නේ ගසේ කොළ මැලවෙමින් හැලෙමින් පවතින බවයි.
බැප්ටිස් දේවස්ථානයේ භාරකරු චාල්ස් ඩොබ්ල් පැවසුවේ මේ ගස එංගලන්තයේ දැනට ඇති ජීවමාන පැරණිම වස්තුව බවයි.
මේ දිනවල කොළ මැලවී හැලී යමින් පවතින ගස වසර කිහිපයකින් නැවතත් ශක්තිමත් වන බව උද්භිද විද්‍යා විශේෂඥ ආචාර්ය ඕවන් ජොන්සන් පවසයි.
ලෝකයේ වයස්ගතම ශාඛය මධ්‍යම ස්වීඩනයේ ෆුලෆ්ජෙලට්ස් ජාතික පිහිටියේය.
 older than 1
http://www.lankadeepa.lk/index.php/articles/312997

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි