Monday, May 4, 2015

ගොවි පවුල්වල ගැහැනු දරුවන්ට පරිගණක දැනුම දෙන Connect to learn පොලොන්නරුවෙන් ඇරැඹේ

එරි­ක්සන් සමා­ගම ශ්‍රී ලංකාව තුළ මෙහෙ­යුම් ආරම්භ කර වසර 20 ක් පිරීම සහ පොලො­න්න­රුව ‘Connect to learn’ වැඩ­ස­ට­හන නිල වශ­යෙන් ආරම්භ වීම නිමි­ත්තෙන් එරි­ක්සන් ශ්‍රී ලංකා හි ප්‍රධානී ඩෙනිස් බෲනෙටි මහතා විසින්
මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තුමා වෙත විශේෂ ඇග­යුම් සම්මා­න­යක් පිළි­ගැන්වූ අව­ස්ථාව.

එරික්සන් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කර වසර 20 ක් පිරීම සහ පොලොන්නරුව Connect to learn වැඩසටහන නිල වශයෙන් ආරම්භ වීම නිමිත්තෙන්, එරික්සන් ශ්‍රී ලංකා හි ප්‍රධානී ඩෙනිස් බෲනෙටි මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයුම් සම්මානයක් පිළිගන්වන ලදී. පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී පිරිනැමුණු මෙම සම්මානය ශ්‍රී ලාංකිකයන් හා එරික්සන් සමාගම අතර පවතින සමීප සම්බන්ධතාව සංකේතවත් කරන්නකි.
එදින උදෑසන පැවති විශේෂ උත්සවයකදී මොබිටෙල් සමාගම, එරික්සන් ශ්‍රී ලංකා සමාගම සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක කරන පොලොන්නරුව Connect to learn වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ද විවෘත කරන ලදී. දිවයින පුරා ගැහැනු දරුවන්ට පරිගණක දැනුම ලබාදෙමින් ඔවුන්ට නව අධ්‍යාපන හා රැකියා අවස්ථා උදාකර දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සභාපති පී.ජී. කුමාරසිංහ මහතා සහභාගි විය.
සම්පත් හිඟකම නිසා අඩු පහසුකම්ලාභී පවුල්වල ගැහැනු දරුවන්ට බොහෝ විට උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සම්පත් සහ ආර්ථිකමය වශයෙන් අපහසුතා ඇති වේ. මෙම දරුවන්ට ඇති බාධා ඉවත් කරමින් ඔවුන්ට නව අවස්ථා උදාකර දීම එම වැඩසටහනේ මූලික අරමුණ වී ඇති අතර ලැප්ටොප් පරිගණක, බ්‍රෝඩ් බ්‍රෑන්ට් අන්තර්ජාල පහසුකම්, අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා සහ නිසි පුහුණුව ලබාදීම සිදු කෙ‍රේ. මේ වැඩසටහන ඔස්සේ ගොවි පවුල්වල ගැහැනු දරුවන් දැනුමෙන් සවිබලගන්වමින් ඔවුන්ගේ ජීවිත තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට අපට හැකි වන බව ය.


http://www.silumina.lk/2015/05/03/_art.asp?fn=aj1505031

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි