Tuesday, May 12, 2015

මොසයික්‌ චිත්‍රයක්‌ මවන ගමක්‌

ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් (Teguidda-n-Tessoumt) කියන්නේ නයිජ¨ රටේ අගදෙස්‌ නගරයේ සිට කිලෝමීටර 200 ක්‌ පමණ වයඹට වෙන්නට පිහිටි කුඩා ගමක්‌. මේ ගම දෙස අහසේ සිට බැලු විට කෙනෙකුට දකින්නට ලැබෙන්නේ පැස්‌ටල් වර්ණ ඇති එක එක ප්‍රමාණයේ කවාකාර ලකුණු කිරීම් වලින් පිරුණ හරියටම මොසයික්‌ චිත්‍රයක්‌ වැනි දර්ශනයක්‌. ඇත්තටම ඒවා ගමේ ලුණු කර්මාන්තයට අයිති ලුණු දිය පිරුණු පොකුණුයි. ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් සහරා කාන්තාර භූමියේ පිහිටි ගමක්‌ නිසා කිලෝමීටර දහස්‌ ගණනක්‌ යනතුරු මුහුදක්‌ හමුවන්නේ නැහැ. මේ පළාතේ ලවණ ජලය ඇති උල්පත් 20 ක්‌ පිහිටා තිබෙනවා. එසේ වුණත් ඔවුන්ගේ ලුණු ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රය ජලය නම් නොවේ. ඔවුන් ලුණු ඇදගනු ලබන්නේ මැටිවලින්.

ගම ලස්‌සන කරන පොකුණු පිටුපස බොහෝ දෙනෙකුගේ දාඩිය මහන්සිය මුසුවන ක්‍රියාවලියක්‌ සිදුවෙනවා. මුලින්ම ලුණු වලින් බර වී ඇති මැටි හාරා ඒවා ගමේ පොකුණු වලට ගෙන එනු ලබනවා. සමහර පොකුණු අඩි 6 ක්‌ තරම් විශ්කම්භයක්‌ ඇති විශාල ඒවායි. මැටි දැමූ පොකුණු වලට උල්පත් ජලය පුරවනු ලබනවා. ඉන්පසු එයට මිනිසෙකු බැස ඝන දියාරු මිශ්‍රණයක්‌ සෑදෙන තුරු ඒවා දෙපයින් පෑගීම කරනවා. මිශ්‍රණය සාදාගත් පසුව එය පොකුණේ තැන්පත් වීමට ඉඩ හරිනවා. ඒ ඒ පොකුණු වලට පිරවූ මැටි වල මුල් පාට, ද්‍රdවණයේ ලවණතාව සහ යටට ඓරෙන මට්‌ටම අනුව මේ පොකුණු විවිධ දුඹුරු පැහැයන් ගන්නවා. සමහර පොකුණු වල ඇල්ගී වැවීම නිසාද පොකුණට වෙන පැහැයක්‌ ලැබෙනවා. තද හිරු කිරණ වැටී පරාවර්තනය වන කෝණය අනුවත් පොකුණේ පැහැය සහ විලාසය වෙනස්‌ වෙනවා.

පොකුණු වල පතුලේ මැටි තැන්පත් වූ පසුව ලබු කට්‌ටක උපකාරයෙන් ලවණ ජලය එකතු කරගෙන ඒවා වාෂ්පවීමේ කුඩා පොකුණු වලට පුරවනු ලබනවා. එම කාර්යය කරනු ලබන්නේ මිනිසුන් විසින්. පොකුණු පවත්වාගෙන යාමත් ඔවුන්ගේ වගකීමක්‌ වෙනවා. එරීමේ පොකුණු වල පතුලේ ඉතිරිවී ඇති මැටි හාරා ඉවතකු ගොඩගසනු ලබනවා. එම ගොඩ ගැසීම් නිසා මේ ප්‍රදේශයේ මිනිසා විසින් සාදනු ලැබූ පස්‌ගොඩලි රාශියක්‌ම දකින්න පුළුවන්.

මිනිසුන් සේම කාන්තාවන් සහ ළමයින්ද ලුණු සැකසීමේ ක්‍රියාවලියට වෙහෙසෙනවා. වාෂ්පවීමේ පොකුණු වලින් ලුණු කැට ඉවත් කිරීමත් ඊළඟ පිරවීම සඳහා වාෂ්පවීමේ පොකුණු හොඳින් පිරිසිදු කර සූදානම් කර තැබීමත් සිදුවන්නේ කාන්තාවන් අතින්. ඒ අතරේ ළමයින් වාෂ්පවීමේ පොකුණු වටා යමින් ඒවායේ වේලීමේ ක්‍රියාවලිය සොයා බලනවා. පොකුණු වලින් ජලය වාෂ්ප වන විට පොකුණු ජලයේ මතුපිට ලුණු කැටි ගැසෙනවා. ඒ ගැන පරීක්‌ෂාකාරි නොවුණහොත් මතුපිට සෑදෙන ලුණු කට්‌ට නිසා පොකුණෙන් තවදුරටත් ජලය වාෂ්ප වීම වැලකී යනවා. එම නිසා ළමයින් ඒවා උඩට ජලය ඉසීම කරනවා. එවිට ලුණු කට්‌ට කැඩී පොකුණේ පතුලට වැටෙනවා. අන්තිමට ලුණු පමණක්‌ම ඉතුරු වන තුරු වාෂ්පවීම සිදුවෙනවා.

වාෂ්පවීමේ පොකුණු වලින් හාරාගන්නා ලුණු වලින් කුට්‌ටි සාදා ඒවා ඉර අව්වේ වේලා ගැනෙනවා.

මේ ගමේ ලුණු සාමාන්‍යයෙන් මිනිස්‌ පරිභෝජනයට නොගනී. ඒවා යොදා ගන්නේ ගෘහස්‌ථ සතුන්ගේ අතිරේක ආහාරයක්‌ ලෙසින්. බොහොමයක්‌ මේ ලුණු කුට්‌ටි කාන්තාරය අද්දර ඇති විශාල ටවුන් වල වෙළඳපොලවල විකිණීම කෙරෙනවා. ඒ වගේම එෙŒරුන් සහ ලුණු වෙළෙන්දන් සමඟ භාණ්‌ඩ හුවමාරුවෙදිත් යොදා ගනු ලබනවා.

Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ


http://www.divaina.com/2015/05/12/news25.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි