Tuesday, May 12, 2015

"ශ්‍රී ලංකන් මියුසියම්" එළිදැක්වේ



ශ්‍රී ලංකාවේ ප්‍රතම වරට කෞතුකාගාරයක තිබෙන කෞතුක වස්තූන් පිලිබදව තොරතුරු පුලුල් ලෙස දැන ගනිමින් නැරඹීමට පහසුවන ආකාරයේ ජංගම මෘදුකාංග යෙදවුමක් හදුන්වාදීමට පියවර ගැණේ. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකන් මියුසියම් මැයෙන් නම් කර තිබෙන මෙම ජංගම මෘදුකාංග යෙදවුම මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සදහා හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  මෙම කෞතුකාගාරය විවෘත කිරීම සිදුකෙරේ. කෞතුකාගාරය නරඹන්නෙකුට තම ස්මාට් ජංගම දුරකතනයෙහි මෙම මෘදුකාංගය භාගත කර ගැනීමෙන් පසු කෞතුක වස්තු නරඹමින් අදාල කෞතුක වස්තුව පිලිබදව සවිස්තර තොරතරු වලට ජංගම දුරකතනය ඔස්සේ ශ්‍රවනය කිරීමට හැකිවන බව නියෝජිතායතනය පවසයි. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අදාල තොරතුරු ශ්‍රවනය කළ හැකිවීම විශේෂත්වයකි. වයිෆයි කලාප දහසක් රටපුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය අනුපස් වැනි වයිෆයි කලාපය වන බවද නියෝජිතායතනය පවසයි.

http://www.srilankaeconomy.com/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි