Wednesday, July 10, 2013

අනාගත සරසවි වරම් ලබන දු පුතුන්ට ප්‍රයිම් ග්‍රාමීන් වෙතින් මසකට රු. 10.000ක්‌

අනාගත සරසවි වරම් ලබන දු පුතුන්ට
ප්‍රයිම් ග්‍රාමීන් වෙතින් මසකට රු. 10.000ක්‌ 


මෙරට දේපළ වෙළෙදාම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්‌ වන ප්‍රයිම් ලෑන්ඩ්ස්‌ සමාගමට පූර්ණ අනුබද්ධිත ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රෝ µsනෑන්ස්‌ සමාගම විසින් "ග්‍රාමීන් සිප් සවිය" නමින් ළමා ඉතුරුම් ගිණුමක්‌ හඳුන්වා දෙනු ලැබීය. මෙමගින් විශ්වවිද්‍යාලයට ඇතුළත්වන දරුවන් හට වසර තුනක්‌ පුරා රුපියල් දස දහස බැගින් මාස්‌ පතා ගෙවීමට එම සමාගම කටයුතු කරන අතර මේ ආකාරයේ වැඩසටහනක්‌ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ආරම්භ කළ ප්‍රථම අවස්‌ථාවද මෙය වේ.

මේ පිළිබඳව ප්‍රයිම් ලෑන්ඩ්ස්‌ සමුහ ව්‍යාපාරයේ සභාපති බී. ප්‍රේමලාල් මහතා සහ එම ව්‍යාපාරයේ උප සභාපතිනි සඳමිනි පෙරේරා මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡාව පහත දැක්‌වේ.

ප්‍ර: ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රෝ සමාගම පසුගියදා "ප්‍රයිම් ග්‍රාමීන් සිප් සවිය" නමින් ඉතුරුම් ගිණුමක්‌ හඳුන්වා දුන්නා. මෙවැනි ඉතුරුම් ගිණුමක්‌ හඳුන්වා දෙන්න මූල්‍ය ආයතනයක්‌ වශයෙන් ඔබ ආයතනය කටයුතු කළේ ඇයි?

පි: ග්‍රාමීන් සිප් සවිය සංකල්පය ගැන කතා කළොත්, "දේශයේ දූපුතුන්ගේ සරසවිය" නමින් තමයි මෙය හඳුන්වා තිබෙන්නේ. ඕනෑම දරුවකුගේ මව්පියකුට මේ සිප් සපිය ගිණුමක්‌ ආරම්භ කළ හැකියි. මෙය ළමා ඉතුරුම් ගිණුමක්‌. වයස අවුරුදු පහට අඩු දරුවන්ට රුපියල් පන්දහසක්‌ හා අවුරුදු 8 ට අඩු දරුවන්ට රුපියල් හත්දහස්‌ පන්සියයක්‌ තැන්පත් කිරීමෙන් පසු ගිණුමක්‌ ආරම්භ කළ හැකියි.

මෙම ගිණුම ආරම්භ කිරීමෙන් පසු එකම එක වරක්‌ පමණයි මුදල් තැන්පත් කළ යුතු වන්නේ. ඒක තමයි මෙම ගිණුමේ විශේෂත්වය. ඉන්පසු එම දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමෙන් පසු සෑම මසකම රුපියල් දසදහස බැගින් අවුරුදු තුනක්‌ යනතුරු ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රෝ µsනෑන්ස්‌ ආයතනයෙන් එම දරුවාට ගෙවනු ලබනවා.

මෙහිදී කිසිම තේරීමක්‌, කොන්දේසි කිසිවක්‌ නැහැ. මෙය ගෙවීමේදී අදාළ දරුවා විශ්වවිද්‍යාල තෝරාගත් බවට පිළිගැනෙන සහතිකය පමණයි අපට ඉදිරිපත් කළ යුතු වන්නේ.

ප්‍ර: විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැති දරුවකුට ප්‍රතිලාභ හිමිවන්නේ කොහොමද?

පි: එම දරුවාගේ තැන්පත් මුදට වැල්පොලියත් සමග අදාළ කාලයට මුදල් ගෙවනවා. එම මුදල දරුවාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ලබාගන්න පුළුවන්.

ප්‍ර: රුපියල් පන්දහසක්‌ වැනි මුදලක්‌ මේ සඳහා යොදා ගන්න තීරණය කළේ ඇයි? මීට වඩා මුදලක්‌ දෙමාපියන්ට තැන්පත් කරන්න අවශ්‍ය වුණොත් මොකද කරන්නේ?

පි: තැන්පත් කරන මුදල රුපියන් පන්දහසට වඩා වැඩියෙන් තැන්පත් කරන්න කෙනෙකුට අවශ්‍ය වුවහොත් එය රුපියන් දස දහස දක්‌වා වැඩි කරන්න පුළුවන්. එහිදී එම දරුවාට රුපියල් විසිදහසක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේදී ගෙනවා. රුපියල් හත්දහස්‌ පන්සියයක්‌ තැන්පත් කරන කෙනාට රුපියල් පහළොස්‌දහසක්‌a තැන්පත් කළ හැකියි. එයාටත් රුපියල් විසිදහසක්‌ ගෙවනවා. අවස්‌ථා දෙකක්‌ මුදල් තැන්පත් කිරීම සඳහා ලබාදී තිබෙනවා.

උදාහරණයක්‌ ලෙස දෙමව්පියන්ට පුළුවන් දරුවකට ඉතුරුම් ගිණුමක්‌ ආරම්භ කරන්න. ළමයකුට තෑග්ගක්‌ ලෙසත් මුදලක්‌ තැන්පත් කළ හැකියි.ප්‍ර( විශ්වවිද්‍යාලයට පිවිසීමේදී පමණක්‌ මෙම මුදල් ගෙවීමට තෝරා ගැනීමට විශේෂ කාරණාවක්‌ තියෙනවද?

පි: දරුවකුගේ සරසවි අධ්‍යාපනය තමයි දැනට තියෙන ජීවිතයේ ලොකුම කඩඉම. මෙම කාලයේදී විශ්වවිද්‍යාල දරුවන් ගොඩක්‌ ආර්ථික අතින් අපහසුතාවට ලක්‌වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ දෙමාපියන් වයස්‌ගතවීම, රැකියාවලින් ඉවත්වීම, ආදායම් නොමැතිවීම වැනි කාරණ මේ සඳහා බලපානවා. අවුරුදු 4 ක්‌ දරුවකුගේ එක දිගට ඉගෙන ගන්න විට ඒ සඳහා තමයි යමක්‌ කළ යුත්තේ කියා අප සමාගම තීරණය කළා. ලංකාවේ විශ්වවිද්‍යාල 14 ක්‌ තියෙනවා. මේ ඕනෑම විශ්වවිද්‍යාලයකට තේරෙන දරුවකුට මේ සඳහා අවස්‌ථාව තියෙනවා.

ප්‍ර: අවුරුදු 3 ක කාලයක්‌ සඳහා පමණක්‌ මෙම මුදල් ගෙවීමට තීරණය කළේ ඇයි?

පි: රුපියල් පන්දහසක්‌ වැනි ඉතා සුළු මුදලක්‌ ග්‍රාමීන් සිප් සවිය ඉතුරුම් ගිණුමක්‌ තැන්පත් කළත් විශ්වවිද්‍යාලයට තේරෙන දරුවකුට නොකඩවා අවුරුදු තුනක්‌ මාස්‌ පතා රුපියල් දස දහසක්‌ ගෙවීමට අපට රුපියල් තුන්ලක්‍ෂ හැටදහසක පමණ මුදලක්‌ වැය වෙනවා. එය සමාගමට විශාල මුදලක්‌. ඉතිං සමාගමටත් හානියක්‌ නොවන ආකාරයට තමයි ගෙවීම් කටයුතු සිදු කරන්න තමයි අවුරදු 3 ක්‌ තෝරාගෙන තිබෙන්නේ.

ප්‍ර:තැන්පත් කරන මුදල විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවකුට ගෙවන්නේ කොහොමද?

පි: මහ බැංකුව අනුමත කරන පොලී අනුපාත මත අදාළ අවුරුදු ගණනට මුදල් ගෙවීම සිදු කරනවා.

ප්‍ර: උසස්‌ පෙළ අසමත් වන කෙනකුට මුදල් ගෙවන්නේ කොහොමද?

පි: එයාටත් අවුරුදු 18 සම්පූර්ණ වූ පසු අදාළ පොලී මුදල සමග සම්පූර්ණ මුදල ලබාගන්න පුළුවන්.

ප්‍ර: ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක්‌ තියෙනවා. ඒ අතරින් ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රෝ සමාගම "ග්‍රාමීන් සිප් සවිය" ඉතුරුම් ගිණුම හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

පි: මේක සියයට සීයක්‌ම අපේ ලාභමය පමණක්‌ සිමා කරගත් ව්‍යාපෘතියක්‌ නොවේ. ඇත්තටම ලාබ ලබන්න අවශ්‍ය නම් හොඳ ව්‍යාපාර දෙකක්‌ අපිට තියෙනවා. මෙහි මූලිකම දේ වුණේ සෑම වසරකම උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු පුවත්පත්, රූපවාහිනිවලින් ශ්‍රී ලංකාවේ පළමුවැනියාව, දෙවැනියාව හා තෙවැනියා ගැන පළ කරනවා. නමුත් වසරකට 24000 ක්‌ දරුවන් විශ්වවිද්‍යාල වරම් ලබනවා. මෙයින් උපරිම පස්‌දෙනෙක්‌ ගැන පමණයි අපි කතා කරන්නේ. අපේ සාමාජිකයන් එක්‌ලක්‍ෂ විසිපන්දහසක්‌ ඉන්න බව මම ඉහත ප්‍රකාශ කළා. ඒ අය සමග කතා කිරීමේදී ඔවුන්ගේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා අපිට නිතරම අහන්න ලැබෙනවා. විශ්වවිද්‍යාලයට යන්න බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත ළමයින්ව අපිට ඕනෑතරම් මුණ ගැසී තිබෙනවා. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ ඒ අය වෙනුවෙන් මෙවැනි දෙයක්‌ කරන්න.

ආයතනයක්‌ ලෙස අපිටත් හානියක්‌ නොවී සමාජයටත් දෙයක්‌ කරන්න අවශ්‍ය නිසා තමයි මෙවැනි වැඩපිළිවෙළක්‌ තෝරා ගත්තේ. මෙහි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි ජීවිතයේ එකම එක වරක්‌ පමණයි මෙම මුදල තැන්පත් කළ යුතු වන්නේ. මෙමගින් ආයතනයට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක්‌ නැහැ.

ප්‍ර: මෙවැනි ඉතුරුම් ගිණුමක්‌ මීට පෙර ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයකින් ආරම්භ කර තිබෙනවද?

පි:මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්‌ථාවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එකම එක වරක්‌ පමණක්‌ මෙම මුදල තැන්පත් කිරීමයි. වෙනත් මූල්‍ය ආයතනවල වගේ මාසෙන් මාසෙ ගෙවන්න, එක මාසයක්‌ ගෙවන්න බැරි වුණොත් ගිණුම අක්‍රීය වෙන එකක්‌ මෙහි නැහැ. එක වරක්‌ පමණයි ගිණුමේ මුදල් තැන්පත් කළ යුතු වන්නේ.

ප්‍ර: ග්‍රාමීන් සිප් සවිය ඉතුරුම් ගිණුමට මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පි: විශාල ප්‍රතිචාරයක්‌ ලැබෙනවා. ඇත්තටම හැම කෙනාම කියන්නේ අනේ මෙහෙම වැඩපිළිවෙළක්‌ අපේ කාලයේ තිබුණේ නැහැ කියලයි. ඒ නිසා මේ මගින් අනාගතයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මහඟු සේවයක්‌ වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


සාකච්ඡා කළේ
ප්‍රභාත් විතාන
ඡායාරූප - කමල් බෝගොඩ

සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි


http://www.divaina.com/2013/06/02/economic01.html


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි