Wednesday, July 3, 2013

ලොව වටිනාම සම්පත - "ළමයින්"


ලොව වටිනාම සම්පත වන ළමයින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  කටයුතු කිරීම අපගේ ප්‍රබල වගකීමයි.

ජාතික ළමා අරක්‍ෂක අධිකාරියෙන් ළමා ආරක්‍ෂාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.
එය ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා සංවර්ධනය කිරීමට ද අපේක්‍ෂා කෙරේ.
සහතික පත්‍ර පාඨලාමාව ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු මේවන විට සිදු කරමින් පවතින අතර තවත් නොබෝ දිනකින් එය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙම සහතික පත්‍ර පාඨලාමාවට ළමා ආරක්‍ෂාව පිළිබඳව පුළුල් විෂය නිර්දේශයක් අන්තර්ගත කෙරේ. පාඨමාලාව මෙහෙයවීමේ කටයුතු සඳහා මෙරට සිටින අදාළ විෂය පිළිබඳ ප්‍රවීනයන් මෙන්ම විදේශීය නියෝජිතයන් ද සම්බන්ධ කර ගැනේ. මෙම පාඨමා‍ලාවේ කාල සීමාව මාස 06කි.
ළමා ආරක්‍ෂාව තවදුරටත් සමාජගත කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වේ.
තවදුරටත් මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් දැයේ දරුවන් අපයෝජනයන්ගෙන් ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ අපේක්‍ෂාව වේ.  

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි