Wednesday, July 3, 2013

60%ක් මදුරුවන් බෝවන්නේ යෝගට් කෝප්ප හා පොලිතින් මගින්

60%ක් මදුරුවන් බෝවන්නේ යෝගට් කෝප්ප හා පොලිතින් මගින්

- වෛද්‍ය සාරංග අලහප්පෙරුම
සියයට හැටක්ම මදුරුවන් බෝවන්නේ ඉවතලන පොලිතින් හා යෝගට් කෝප්ප නිසා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ‍සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.
මේ වන විට දිනකට පොලිතින් බෑග් වර්ග මිලියන 20ක්, ලන්ච් ෂීට් මිලියන 15ක්, සෂේ පැකට් වර්ග දස ලක්ෂයක්, යෝගට් කෝප්ප ලක්ෂ 07ක් පරිසරයට මුදා හරින බවද ඒ මහතා අනාවරණය කළේය.
මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට 60ක්ම ඉවතලන එම ද්‍රව්‍ය නිසා බවද කීවේය. එමෙන්ම ජලගැලීම්වලට හේතු වන්නේද එම ද්‍රව්‍ය බවද හෙතෙම සඳහන් කළේය. ප්ලාස්ටික්, පොලිතින් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් මඟින් සියයට 40ක්ම මෙම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදු කරන බවද කීවේය.
මේ පිළිබඳව ජනතාවගේ සහයෝගය ඇත්නම් මෙම අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වළකාලන්නේ නම් ආපදා අඩු කර ගත හැකි බවද මේ වන විට නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු යොදා ඇති බවද අලහප්පෙරුම මහතා පැවසීය. ඒ පිළිබඳව පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා ඇති බවද කීවේය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි