Wednesday, July 3, 2013

සා. පෙළ විශිෂ්ටයන්ට ජනප්‍රිය පාසල්වලට යැමට චක්‍රලේඛය නිකුත් වේ

සා. පෙළ විශිෂ්ටයන්ට ජනප්‍රිය
පාසල්වලට යැමට චක්‍රලේඛය නිකුත් වේ


අති දුෂ්කර හා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලින් සාමාන්‍ය පෙළ උසස්‌ ලෙස සමත් වූ සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ 9 ක්‌ හෝ 8 ක්‌ ලබා ගත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

අංක 2013/27 දරන එම චක්‍රලේඛයට අනුව උසස්‌ පෙළ නව තාක්‍ෂණවේදය විෂය ධාරාව සඳහා අදාළ පාසලේ පහසුකම් නොමැති අවස්‌ථාවලදී විශිෂ්ට සාමාර්ථය ලබා ඇති සිසුන්ට සිය අභිමතය පරිදි එම විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසල්වල පුරප්පාඩු පවතී නම් ඇතුළත් විය හැකි වෙයි.
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි