Sunday, July 14, 2013

ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා


ළමා කාලය සුන්දර කළ ලස්සන වසීලිස්සා පොත

ලස්සන වසිලිස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම ඒක කියවන්න කියල මුලින් ම කියන්නම්... මොකද ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා  වගේ කට්ටිය අදුරන්නේ නැතුව මේක කියවන එක වැඩක් නෑ. අඩුම තරමේ නපුරු බිරියෝසා ගස් ගැනවත් දැනුමක් නම් තියෙන්නම ඕනේ.. හප්පා.. නැති රටේ ඉන්න නැවුං මස්සිනාව අමතක වුණා නේ...

 බාබායිගා යකින්න වංගෙඩියක් උඩ නැගල කොස්සෙන් පාර පිහදම දමා අහසින් යන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ නහය ගොඩාක් දිග නිසා රාක්කයක් උඩ තමා තියල තියෙන්නෙ... යටිපතුල් පොරවගෙන තමා නිදා ගන්නේ... ඔය ලොකුවට තියෙන්නෙ නපුරු බිරියෝසා ගහ.  ළඟට එන මිනිස්සුන්ගේ ඇස් උගුල්ලලා දානව ඔය ගහ. හරිම භයානකයි... වසිලිස්ස ඉතින් කාටත් කරුණාවෙන් සළකන නිසා නපුරු බිරියෝසා ගහත් මෙල්ල වුණා.

කුකුලෙකුගේ කකුලක් උඩ කරකැවෙන යකින්නගේ ගේ පොඩිත්ත. වටේටම තියෙන්නෙ මිනී ඔළු ගහපු වැට. වැට ගාව තියෙනවා නපුරු බිරියෝසා ගහක්.. සෙල්ලං නෑ... ගේ ලඟට ආපූ කෙනෙක් ලේසියෙන් යකින්නගෙන් ගැලවිලා නම් යන්නෙ නෑ... බොහෝම හිත හොඳ කරුණාවන්ත, බුද්ධිමත්, දක්ෂ අයට විතරයි බේරිලා යන්න පුළුවන්...ඒකත් යකින්න පවරන වැඩ ටික ඉවර කලොත් විතරයි...
නිදිමන්තර කාර පූසා තමයි පූසා... ඌ කියන නින්ද යන කතන්දර අහගෙන මෙලෝ මිනිහෙකුට ඇහැරගෙන ඉන්න බෑ... අනිත් එක පේනවනේ නපුරු කම, අන්ද්‍රේ යාන්තම් ගැලවුණේ එයාගේ බිරිඳගේ මොලේ නිසා තමා.  අන්දරේ ඉතින් අහිංසක මනුස්සයනේ හැබැයි එයාගේ ලස්සන නෝනා එහෙම නෑ.. එයා මායා කාරියක්...
    
ඉවාන් කුමාරය ලස්සන යෙලේනා කුමරියත් එක්ක රන්කෙඳි අශ්වයා පිටේ එන අපූරුව බලන්න එපෑ... අල්ලගත්ත ගිනි කුරුල්ලවත් කූඩුවේ දාගෙන... මොන සටනක් දීල ද මේ තුන් දෙනාව ලබා ගත්තේ... ඉවාන් කුමාරයට රජ්ජුරුවන් ගෙන් තියෙන කරදර ගැන නම් කියල වැඩක් නෑ...දැන් කාලේ වගේම තමා...ලස්සන කෙල්ලෙකුට ඉස්සරත් නිදහසේ ඉන්න නෑ... කොහොම උනත් අන්තිමට ඉතින් දුෂ්ටයට කෙල වෙනවා..

මේ ඉන්නේ නොමැරෙන කසෙයි රාක්ෂයා... මෙයාව කවදාවත් මරන්න බෑ... බොහෝම ලස්සන මාර්යා මොරෙව්නා ගේ ආදරේ වෙනුවෙන් නිර්භීත කුමාරයෙක් නොමැරෙන කසෙයි රාක්ෂයා එක්ක කරන දරුණු සටන්...  අන්තිමට මොකෝ වෙන්නේ කියන එක කියවලම තමා බලාගන්න වෙන්නෙ.... බාබායිගා යකින්න ගේ අස්ස ඉස්තාලේ ඉන්නව නේ කසෙයි ගේ අශ්වයට වඩා බලවත් අශ්වයෙක්...


ඕං රීං.... පුදුම අශ්වයා වරේන් කියල පාළු සොහොනකට ගිහින් මතුරල බලන්නකෝ... හැබැයි ඉතින් දෙමව්පියන්ට සළකන අය විතරයි ... මෝඩ ඉවාන් කොච්චර මෝඩ උණත් ගති ගුණ අතින් බොහෝම උසස්.. අන්තිමට ඉතින් තට්ටු ගානක් උඩට පුදුම අස්සයව පන්නල රටේ ලස්සනම කුමාරිව සිප ගන්න තරම් මෝඩ ඉවාන් දක්ෂයෙක් වෙනවා...


සිමියොන්ලා හත් දෙනා තරම් දක්ෂ වැඩ කාරයෝ මුලු ලෝකෙම නෑ... කියන පරක්කුවෙන් ඕනේ දෙයක් කරන්න එයාලට පුළුවන්...සිමියොන් වඩුවා,සිමියොන් නාවිකයා, සිමියොන් ගණන් කාරයා ඒ විතරක් යැ.. පුංචි සිමියොන්... පුංචි සිමියොන් දක්ෂ බටනලා වාදනයට.. නපුරු යුධ නායකයගේ නපුරු වැඩ මේ අයියල මල්ලිලා ගේ දක්ෂ කමින් පරද්දන හැටි කියල වැඩක් නෑ... අන්න කතා..

අලෝනුෂ්කා අක්කගෙයි ඉවානුෂ්කා මල්ලිගෙයි සහෝදර ප්‍රේමය, රතු එළදෙනගේ ආදරය, හිම සීයා නපුරු කුඩම්මට දෙන දඩුවම්... මෝඩ එමලිය මාළුවට අණ දි දී කරන පිස්සු වැඩ... දුප්පත් ඉවාන් ට ඉර,සුළඟ දුන්න තෑගි... රාජ අලියගේ පිහාටුවට මතුරන අහිංසක මර්යුෂ්කාගේ ආදරය, රිදී පීරිසිය සහ රත්තරන් හදවත

අනේ මන් ද මේ දැනුත් මම ඉන්නේ ඒ ලෝකේ වගේ...

පින්තූරයක් දාන්න බැරි උණාට නැවුං මස්සිනා ගැන නම් මොකුත් නොකියම බෑ.. පින්තූර දාන්නෙ කොහොම ද ඉතින් නැති දේක... කාට හරි කරන්න බැරි වැඩක් පවරන්න ඕනේ නම් මෙන්න වැඩේ... කියන්න ගිහින් නැති රටෙන් නැති දේ හොයාගෙන එන්න කියල... හික්.. හික්... ගිය මිනිහෙක් ආයෙ එන්නෙ නෑ... අපායට ගිහින් ඉන්නෙ කෙනෙක් ගේ දුක සැප හොයාගෙන එන්න පුළුවන් නැති රටෙන් නැති දෙයක් නම් කාටවත් ගේන්න බෑ...

කොහොම වුණත් ඉගෙන ගන්න තියෙන්නෙ එකම පාඩමයි.. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඒ නිසා ඔය ඔළුවේ නට් බුරුල් වෙනකම දවස තිස්සේ හිත හිත දඟලන ප්‍රශ්නයක් ආවම රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියල 3න් පාරක මතුරල ගිහින් නිදා ගන්න... 

8 comments:

අර්ථවත් බ්ලෝග් එකක්.

http://biththiya.blogspot.com/2011/03/blog-post.html

මෙන්න මෙතන තමයි ඔර්ජිනල් පෝස්ට් එක තියෙන්නේ.. ඇයි මේ වගේ වැඩ කරන්නේ ....? FM දෙරණ අයත් කරා කියලා කියන්න එපා.. මේ පෝස්ට් එකේ නියම අයිති කාරයා කතා කරාවි ඉදිරි සතියේදී...

ගත්තට කමක් නැහැ . හරි විදිහට ලින්ක් එක දාන්න..පොඩි ළමයෙක් කොපි කරාට කමක් නැහැ.. මට ප්‍රශ්නේ තියෙන්නේ slbc කියාගන්න පිරිසක් මෙවැනි දේවල් කිරීම ගැන...

දැනුවත් කිරීම පිලිබද අපේ ස්තූතිය ඔබට SilentSahan
අපි මෙම ලිපිය ගත්තේ ඉහත කී ලිංකුවෙන්
නමුත් ඔබ කී පරිදි අපි දැන් එය නිවැරදි කළා
ස්තූතියි
ළමා පරපුර වෙනුවෙන් අප කරන ඩිජිටල් උත්සාහයේදී වැරදුනු වැටුනු තැන් ඇතොත් අපට සමාවී අපව නැගිටවා දිරිගන්වන්න සැමදා
Admin - Vidula Digital Team

මම මේක දැක්කට සද්ද නොකර හිටියා පොඩි අය වෙනුවෙන් කරන චැනල් එකක් නිසා.. නිවැරදි කිරිම ගැන ස්තුතියි...

මෙවන් දෑ අප නැවත නැවත මුල් කතෘත්වය සමග පල කිරීමට උත්සාහ ගන්නේ සද්භාවයෙන් ළමා පරපුරට වටිනා ලිපි එකතුවක් එක් තැන් කිරීමටයි
Pathum, ඉදිරියේදීත් ඔබගේ අනගි සහය බලාපොරොත්තු වෙමු
දැනුවත් කිරීම පිලිබද අපේ ස්තූතිය ඔබට හිමිවෙනු ඇත SilentSahan
Admin - Vidula Digital Team

පැතුම් හේරත් තමයි ඔය මුල් නිර්මාණය කරේ..මේ තියෙන්නේ ලින්ක් එක ...
http://biththiya.blogspot.fr/2011/03/blog-post.html?m=0

මෙහෙමයි ඕනෙම කෙනෙක්ගේ එකක් ගත්තට කමක් නැහැ නියමිත ක්‍රමේට..මගේ අඩවියෙත් තියෙනවා සමහර දේවල් පුංචි ළමයින්ට ගැළපෙන..ඒවත් ගන්න තහනමක් නැහැ.. මම එහෙම කිව්වේ ඔබ මේ දේ කරන්නේ සද්භාවයෙන් යැයි දැනෙන නිසා සහ සුහදව කතාබහ කිරීම නිසයි.. ඒ ගැන ඔබට ස්තූතිය...

නමුත් වෙනත් අය නම් අඩුම තරමේ කතාකරන්නවත් දන්නේ නැහැ...ඔන්න ඕකයි තත්වේ.. මෙතන තියෙන්නේ මම ලියපු සමහර දේවල්.. ඉඩක් ඇති විටක බලන්න...

http://obeth-mageth-addakeem.blogspot.fr/2013/03/lightning-precautions.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/01/my-daughter.html
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/03/my-little-hero.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/07/edward-snowden-wikileaks-01.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/07/tactical-management-02.html
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/06/Admiral-Fernandezqe.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/03/scenarios-between-loneliness.html
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/06/what-is-prostitution.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.fr/2013/05/who-should-have-tv-channel.html?m=0

සැළකිය යුතුයි මම මගේ බ්ලොග් එක ලියන්නේ එක්තරා පිරිසකට ..ඉතින් භාෂා භාවිතය නම් සුගම නැහැ ඇතැම් ලිපි වල..!

ඒ වගේම මෙතන තියෙන සමහර ලිපි නම් පොඩි ළමයින්ට සුදුසුත් නැහැ හොඳද ..මම ලින්ක් ටික දැම්මේ ඔයාලට බලන්න විතරයි... ( ලිපියක් උපුටා ගන්නවා නම් ලින්ක් එක hotlink කරලා දාන්න )


බොහෝම ස්තූතියි සුහදශීලීත්වය ගැන...ඔබට ජය ...!

SilentSahan, ඉදිරියේදීත් ඔබගේ අනගි සහය බලාපොරොත්තු වෙමු

මම ජිවිතේ කියවපු ලස්සනම පොත

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි