Sunday, August 24, 2014

කොළඔ ආනන්ද විදුහල් ඒ සහ බී කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ සහ දෙවැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග ද්විත්වයට ම කොළඹ ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලබයි. මෙම කණ්ඩායම් දෙක එකම වසරකදී අවසන් මහා තරගයකට ප‍්‍රවිශ්ට වන ප‍්‍රථම අවස්ථාව මෙය වීම කැපී පෙනේ.
ඒ කණ්ඩායම
ලහිරු හිරණ්‍යගේ නායකත්වයෙන් සහ ශ්‍යාමල් හිරුශාන්ගේ උප නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයීය ඒ කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබන්නේ පළමු කොටසේ දී තරග 6කට මුහුණ දෙමින් තරග 5ක ජයක් වාර්තා කරමිනි. ඔවුන් එහිදී කැලණිය ගුරුකුල, කොළඹ ඉසිපතන, කොටහේන ශාන්ත බෙනඩික්ට්ස්, පන්නිපිටිය ධර්මපාල සහ කොළඹ කේරි විද්‍යාල පරාජයට පත් කළහ. එම කොටසේ ඔවුන් ලත්  එකම පරාජය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව වාර්තා වූවේ ය.

ඔවුන් දෙවැනි වටයේ දී රත්ගම දේවපතිරාජ, පානදුර රාජකීය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලවලට එරෙහිව ජයග‍්‍රහණ ලැබූ අතර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය සමග තරගය ලකුණු සම වීමෙන් නිමා කර ගත්හ. පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූයේ පසුගිය වසරේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමග ය. එහිදී ද ජයග‍්‍රහණය කරන්නට ඔවුන් සමත් වූ අතර ඊට පසුව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. එම තරගය ප‍්‍රතිවාදී කොළඹ නාලන්දා විද්‍යාලය සමග වූ අතර එහිදී ජයග‍්‍රහණය ලබා ගත් ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

බී කණ්ඩායම
යසිත් රන්දුල අමරසිංහගේ නායකත්වයෙන් සහ ශෙහාන් බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයීය බී කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පාර සකසා ගන්නේ පළමු වටයේ දී තරග 6කට මුහුණ දෙමින් තරග 4ක ජයග‍්‍රහණ ලබා ගනිමිනි. එහිදී ඔවුන් කොළඹ තර්ස්ටන්(බී) බම්බලපිටිය හින්දු, කොළඹ ඉසිපතන(බී* සහ පන්නිපිටිය ධර්මපාල(බී* විද්‍යාලයීය කණ්ඩායම් පරාජය කළ හ. ඔවුන් මුහුණ දුන් කොළඹ ශාන්ත තෝමස් (ප්‍රෙප්* සමග තරගය විසඳුමකින් තොරව ද මොරටුව ශාන්ත සෙබස්තියන්(බී) තරගය පරාජය වෙමින් ද ඔවුන් පළමු වටය නිමා කළහ.

දෙවැනි වටයේ දී ඔවුන් මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම ජය ගැනීමට සමත් වූහ. ඒ කටුනේරිය ශාන්ත සෙබස්තියන්, හොරණ තක්ෂිලා සහ බළන්ගොඩ ආනන්ද මෛත‍්‍රී විද්‍යාලය පරාජය කරමිනි. අනතුරුව පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී වාරියපොළ ශ‍්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයේ දී රාජකීය(බී* විද්‍යාලය පරාජය කිරීමට සමත් විය. අවසන් පූර්ව තරගයේ දී ඔවුන් හලාවත ශාන්ත මරියා විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් හ.

විද්‍යාලයීය විදුහල්පති ලෙස කිත්සිරි ලියනගමගේ මහතාගේ මග පෙන්වීම යටතේ කණ්ඩායම් ද්විත්වය භාර ආචාර්යවරයා ලෙස බී.එම්. තිලකරත්න මහතා කටයුතු කරයි. කණ්ඩායම් දෙකේ පුහුණුකරු ලෙස රොහාන් සොයිසා මහතා ද සහාය පුහුණුකරු ලෙස නිසංසල මෙන්ඩිස් මහතා ද කටයුතු කරයි.
ටී.එච්.ජේ. පේ‍්‍රමචන්ද්‍ර
http://www.rivira.lk/online/images/2014/08/23/ananda-college.jpg
http://www.rivira.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි