මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.
http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=cr1408311
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි