Monday, August 25, 2014

සාහිත්‍ය කලා ප්‍රසාදිනී සැප්: 06 -11 මහනුවර දී

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන සැප්තැම්බර් 01 සිට 07 දින දක්වා පැවැත්වීමට සංවිධානය කරන ලද සාහිත්‍ය කලා ප්‍රසාදිනී ජාතික මහෝත්සවය නොවැලැක්විය හැකි හේතුවක් නිසා සංශෝධනය කොට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඒ අනුව එම උත්සවය ලබන සැප්තැම්බර් 06 සිට 11 දක්වා සතියක කාලය තුළ  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පැවසීය.


පසුගිය වර්ෂවල කොළඹ කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පැවති මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනි උත්සවය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන මහනුවර ගැටඹේ මහනාම විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු  යොදා තිබේ. මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනී උත්සවයට සමගාමීව පොත් ප්‍රදර්ශන හා වෙළෙඳ කුටි 100කට අධික  සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

මෙම කාලය තුළ දිනපතා  ශාන්ති කර්ම, චිත්‍රපට ප්‍රදර්ශන, බැති ගී,  ටවර් හෝල් ශිල්පීන්ගේ නූර්ති ගී වැඩසටහන්, සංගීත ප්‍රසංග,  වාද බයිලා, නර්තන ප්‍රසංග ආදිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
සාහිත්‍ය ප්‍රසාදීනී උත්සවයේදී කලාකරුවන් ඇගයීමට ලක්කිරීමට නියමිත අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සංකල්පකට අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ කලාකරුවන් 100 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ. උත්සවයේ සමාප්තිය සඳහා අතිගරු ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත බව ද මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

සාහිත්‍ය කලා ප්‍රසාදිනි උත්සවය සම්බ්න්ධයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම අවස්ථාවට  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේ‍කෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්  එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

NDH/TA-dmu kandy
http://sinhala.news.lk/news/entertainment/item/4219-06-11

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි