Wednesday, August 27, 2014

උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් 30දා සිට


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ලබන 30 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. සැප්තැම්බර් මස 12 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ‍.
පළමු අදියර ඇගයීම් කටයුතු සඳහා පාසල් 10 ක් සම්පූර්ණයෙන් වසා තැබේ. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් සිදු කරන අතර සම්පූර්ණයෙන් පාසල් 05ක්ද කොටසක් වසන පාසල් 17ක් තුළද ඇගයීම් කටයුතු සිදු කෙරේ.
ඌව පළාත් මැතිවරණය හේතුවෙන් එම පළාතේ තිබෙන බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ඇගයීම් සදහා වසා තැබෙන අතර බණ්ඩාරවෙල සීවලි මහ විදුහල කොටසක් ඇගයීම් සඳහා වසා තැබෙන අතර සැප්තැම්බර් 24 ඔක්තෝම්බර් 10 අතර කාලය තුළ ඇගයීම් කටයුතු සිදු කෙරේ.
උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා 21000ක් පමණ පරීක්ෂකවරුන් යොදවා ඇතියි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය. මධ්‍යස්ථාන 59ක පාසල් 45ක ඇගයීම් කටයුතු සිදු කෙරේ. ඇගයීම් මණ්ඩප 843ක ඇගයීම් සිදු කෙරේ.
පහ වසර ශිෂයත්ව විභාගයේ ඇගයීම් ඊයේ (26) ආරම්භ වූ අතර මධ්‍යස්ථාන 35කදී ඇගයීම් කටයුතු සිදු කෙරේ. ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 5796ක් යොදවා ඇති අතර පාසල් 34 මණ්ඩල 328දී ඇගයිම් කටයුතු සිදු කෙරේ.  විභාග දෙකෙහිම ඇගයීම් කටයුතු සිදු කරන කාලය තුළ ඇගයීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.dinamina.lk/2014/08/27/_art.asp?fn=n1408272

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි