Wednesday, August 13, 2014

බෙල්ලන්විල ඇසළ උත්සවය මේ මස 17 ඇරඹේ.


බෙල්ලන්විල ඇසළ උත්සවය 17 සිට
http://sinhala.news.lk/
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්‌ථානයේ ඇසළ උත්සවය මේ මස 17 ඇරඹේ. 
 
17 වැනි දින සති පිරිත් දේශනා මාලාවෙන් ආරම්භ වී එය 24 දින අවසන් වේ. ඉන් අනතුරුව 25, 26, 27 දිනවලදී මල් පෙරහැර පැවැත්වෙන අතර, අනතුරුව 28 වැනිදා පාවාඩ පෙරහරත්,  29 සහ 30 කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහරත් පැවැත්වෙයි.
 
31 දාඅලුයම දිය කැපීමේ පෙරහර බොරලැස්‌ගමුව තොටුපළ දක්‌වා ගමන් කර අනතුරුව දේව දානය පැවැත්වීමෙන් බෙල්ලන්විල ඇසළ උත්සවය නිමාවට පත්වන බව බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ. 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි