Sunday, August 24, 2014

පාසල් හෑන්ඩ්බෝල් ශූරතා වේල්ස් කුමරයට සහ ගලේවෙල මැදබැද්දට


බාලක ශූරතාව දිනූ වේල්ස් කුමර විදුහල් පිල
බාලිකා ශූරියෝ ගලේවෙල මැදබැද්ද විදුහල
අවුරුදු විස්සෙන් පහළ පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව ගලේවෙල මැදබැද්ද විදුහලට හිමිවිය. වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියට බාලක කණ්ඩායම් 22ක් හා බාලිකා කණ්ඩායම් 19ක් එක්විය.
තරගාවලියේ බාලක පළිහ ශූරතාව හෝමාගම සුභාරති විද්‍යාලයත්, බඳුන ශූරතා ගලේවෙල මැදබැද්ද විද්‍යාලයත් දිනාගත් අතර බාලිකා ශූරතාවන් පිළිවෙළින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය හා දේවී බාලිකා විද්‍යාලය හිමිකර ගත්හ.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා එච්.කේ.ජයසේකර මහතා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ අතර වේල්ස් කුමර විදුහල්පති ජේ.ඩබ්ලිව්.එස්.සිරිවර්ධන, නි.විදුහල්පති කේ.ඒ.සෝමපාල, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගම‍යේ හිටපු නියෝජ්‍ය සභාපති කර්නල් රාජා ‍ගුණසේකර, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ ලේකම් සුමින්ද කරුණාරත්න යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගිවූහ.


http://www.dinamina.lk/2014/08/22/_art.asp?fn=s1408225

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි