Saturday, August 16, 2014

පුංචි සන්දි­යට ආයෙ­මත්...

පුංචි සන්දි­යට ආයෙ­මත්...

කෝම්පිට්ටු බත් ඉව්වා
සෙල්ලම් ගෙයි විනෝ­ද­යට
කොළ­පත් මත රේස් ගියා
ඇඟ අත පය හූරා­ගෙන
අපෙ අම්මගෙ චීත්ත­යෙන්
පුංචි සාරි­යක් ඇඳ­ගෙන
මට මත­කයි රඟ­පෑවා
පුංචි ගුරු­තුමී විදි­යට
හිතා­ගන්න බැරි විදි­යට
කාලය ඉගි­ලුන වේගය
යොවුන් වියට අප ගෙනැ­විත්
අප­ටත් නොදැනි ම කාලය
සුර­තල් අපෙ ළමා වියේ
සුන්දර වූ ඒ මත­කය
සිහි­වන විට මම යනවා
පුංචි සන්දි­යට ආයෙම...
චතුරි නිසං­සලා
13 ශ්‍රේණිය,
ගෝවින්න මහා විද්‍යා­ලය,
හොරණ
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි