Sunday, August 24, 2014

රංගනයට දක්ෂ ළමා නළුවා දුලාජ් චාමර හසලංක

රංගනයට දක්ෂ ළමා නළුවා දුලාජ් චාමර හසලංක

පසුගිය දා පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ දී 2013 - ඉංග්‍රීසි විවෘත අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ දුලාජ් චාමර හසලංක යි.
හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුලාජ් මෙම සම්මානය හිමිකර ගත්තේ රෝහිත ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘A Wonderful gift for Bob’ නමැති වේදිකා නාට්‍යයේ රඟපාමිනි.
“මේ සම්මානය හිමි වීම ගැන මම හුඟාක් සතුටු වෙනවා. මෙහි කතා තේමාව ගෙතෙන්නේ සෙල්ලම් බඩුවලට ඇලුම් කළ කුඩා ළමයෙක් පසුව පරිගණකයට ඇලුම් කිරීමට පෙලඹෙනවා. පරිගණකයට වෛරසයක් ඇතුළු වීමෙන් එය ක්‍රියා විරහිත වෙනවා. අවසානයේ මේ දරුවා නැවතත් තමා අත්හැර දමා විසිකර තිබු සෙල්ලම් බඩු නැවත තමා ඇසුරට ළංකර ගන්නවා.
මෙවන් වූ කතා තේමාවකින් යුක්ත වූ නාට්‍යයේ දරුවාගේ චරිතය රඟපෑවේ මම. මේ චරිතයට ගොඩාක් හොඳ රසික ප්‍රතිචාර හිමි වුණා” දුලාජ් පැවසුවේ සතුටිනි. 2011 වසරේ දී හා 2012 වසරේදී ද රාජ්‍ය නාට්‍ය උලෙළේ සීමිත අංශයේ හොඳම සහාය නළුවා ලෙස දෙවරක් සම්මානයට පාත්‍ර වූ දුලාජ් 6 ශ්‍රේණියේ සිට නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරයි. දුලාජ් ‘අඳුර බිඳි සඳ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ ‘සුපිමල්’ චරිතය ද රඟපෑවේය.
ඉදිරියේ දී ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘තනි අතට යන පාර’ ටෙලි නාට්‍යයේ ‘අරුණලු’ ගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හමුවට ඒමට නියමිතය. 27/3/1, වෙල කුඹුර පාර, වෑතර, පොල්ගස්ඕවිට දුලාජ්ගේ ලිපිනයයි.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි