මට දුක හිතුණ දවසක්

පාසලේ නිවාඩු දවසක මම ලෑල්ලට කෑම දාලා පැත්තකට වෙලා ගොඩාක් වෙලා බලාගෙන සිටියා. වෙනදා වගේම කුරුලු පැංචෝ ලේන් පැංචෝ රණ්ඩු වෙවී යාළු වෙවී කෑම කනවා. ඔන්න ටිකකින් සුදු කිටියත් පුරු පුරු ගගා මගෙ කකුල්වල දැවටි දැවටී සිටියා. කුරුලු පැංචෝ කෑම කාලා කිචි බිචි සද්දෙන් ලාවුළු ගසේ අතු උඩට ඉගිළුණා. ලේන් පැංචෝ නම් තාම කෑම කනවා. මම ලාවුළු ගසෙන් ටිකක් ඈතට ගිහින් මිදුලේ ඇවිද ඇවිද සිටියා. සුදු කිටියත් මගෙත් එක්ක එහෙට මෙහෙට පැන පැන සිටියා.
ටික වෙලාවකින් “දඩස්” ගාල ශබ්දයක් ඇසුණා. බලනකොට සුදු කිටියා මගෙ ළඟ නෑ. ඉක්මනට මම ලෑල්ල ළඟට යනකොට සුදු කිටියා ලේන් පැංචෙක් අල්ලාගෙන. අනික් ෙල්න් පැංචෝ ටිං ටිං නාදෙන් කෑගසනවා. ලේන් පැංචා සුදු කිටියගෙන් බේරා ගන්න අම්මයි මමයි උත්සාහ කරා. අනේ ඒ වුණත් මට ලේන් පැංචා බේරා ගන්න බැරි වුණා. සුදුකිටියා ලේන් පැංචා අරගෙන ගෙදර වහලේ උඩටම පැනල ගියා. ඒ දවසේ මට ගොඩක් දුක හිතුණා. අම්මා කීවා “පුතේ දුක්වෙන්න එපා. ඔය වගේ සිද්ධි වෙනවා” කියල. මට එතකොට මතක් වුණා අම්මා කියල දුන් ජන කවියක්.
මා බාලේ ඇති කළ තලගොයි පැටියා
මා තනිවට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් කැටුව ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
මා තනිවට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් කැටුව ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
තලගොයි පැටියා වගේ ලේන් පැංචත් නිවන් පුරේ යයි කියල මට හිතුණා.
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ 8.
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ 8.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි