දරුවන් මුරණ්ඩු වන්නේ ඇයි?
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශාසනයට, දෙවියන්ට අයිති දරුවා ගඟට මුහුදට යනවා නම්, ඇළට දොළට ළිඳට යනවානම් ඔබ දරුවා පසුපස යා යුතුම ය. මෙහිදී කළ යුතු වන්නේ, “නුඹට ගින්දරෙන් අගුණයි. ජලයෙන් අගුණයි” කියමින් දරුවාට නීති රීති දැමීම හෝ තරවටු කිරීම නොවේ. දරුවා රැක ගැනීමය. ජල ක්‍රීඩා කරන තැන, දිය නාන තැන දරුවා සමීපයෙහි දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු සිටිය යුතුය. ඒ දරුවා යම් අනතුරකට ලක්වන්නේ නම් ඔහු බේරා ගැනීමටය. කනගාටුදායක වන්නේ අතීත සමාජයේ මෙන් ම වර්තමානයේ ද බොහෝ ගම්වල මාරක අපල ඇතැයි කියන දරුවෙක් දුටු තැන ඔහු හෝ ඇය කොන් කිරීමය.
ඉතා බලවත් ලෙස අපල උපද්‍රව ඇති දරුවෙක් ඒ ග්‍රහ බලපෑම්වලින් මුදවා ගන්නට, දරුවාගේ ජීවිතය කරදර විපත්වලින් ආරක්ෂා කර ගන්නට බාර හාර වීමෙන් නොනැවතී, දරුවා ශාසනයට බාර කිරීම, දෙවියන්ට බාර කිරීම අතීතයේ සිටම පැවත එන සිරිතකි.
මාරක අපල යෙදුණ දරුවකු ශාසනයට හෝ දෙවියන්ට හෝ බාර කරනවා යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? මේ පිළිබඳව බොහෝ දෙනකුට නිවැරැදි අවබෝධයක් නොවේ.
“දැන් මගේ දරුවා අයිති දෙවියන්ට. සම්බුද්ධ ශාසනයට. ඉතින් දරුවාට විපතක් වන්නේ නෑ. දරුවා කිසිම අතුරු අන්තරාවක් නොවී ආරක්ෂා වෙයි.”
දරුවා දෙවියන්ට බාර කළ පසු බොහෝ දෙනෙක් සිතන්නේ එලෙසිනි.
දරුවෙක් ශාසනයට බාර කරන්නේ කෙසේද? මෙහිදී මාරක අපල ඇති දරුවා ස්වාමීන් වහන්සේ අතට දුන් පසු උන්වහන්සේ විසින් එම දරුවා බුදු ගෙයි පඩිය මත තබනු ලැබේ. ඉන්පසු යම් ගාථා ධර්මයක් සජ්ඣායනය කොට අතපැන් වැඩීමක් වැනි දෙයක් සිදු කෙරේ.
දැන් මවුපියන්, නෑදෑයින් සිතන්නේ දරුවා තුනුරුවන් විසින් රක්නා බවය. එය වැරැදි අදහසකි. මෙහිදී සැබෑවටම සිදු වන්නේ කුමක් ද?
බුදුරජාණන් වහන්සේට, ශ්‍රී සද්ධර්මයට, මහා සංඝරතනයට පූජා කළේ වුවද දරුවා ජීවත්වන්නේ පන්සලේ නොවේ. ආපසු නිවසට රැගෙන යන දරුවා හැදී වැඩෙන්නේ මවුපියන් සමඟමය. දැන් වැඩිහිටියන්ට භාරදූර කාර්යයක් පැවරේ. ඔවුන් නිරන්තරයෙන් ම සිහි තබා ගත යුතු වන්නේ දරුවා තුනුරුවන්ට අයිති බවය.
බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට අයිති දෙයක් නිවෙසක තිබේ නම් අප ගේ හැසිරීම් කෙබඳු ද? අපි මෙසේ සිතමු. නිවෙසක පිරිත් පින්කමකින් පසු ධාතු කරඬුව ආපසු පන්සලට වැඩමවන තෙක් එහි පිරිත් මණ්ඩපය ගලවන්නේ නැත. සධාතුක කරඬුව නිවසේ තිබෙන තාක් නිවැසියන් උස් අසුන්වල හිඳ ගන්නේ නැත. සංවරය. විනීතය. කිසිවෙක් උස් හඬින් කතා නොකරති. මුළු නිවෙසම නිස්කලංකය.
ධර්ම පුස්තකයක්, උදාහරණ ලෙස පිරුවානා පොත් වහන්සේ නිවෙසක වැඩ සිටිනවා නම් උන්වහන්සේට සියලු ගෞරවාදර පිරිනැමේ. ගිලන්පස පූජා සිදු කෙරේ. සංඝරත්නය නිවසට වැඩම කළේ නම් ගෙදර සියලු දෙනා උන්වහන්සේ වෙනුවෙන් කැප වේ. අනවශ්‍ය ශබ්ද නොනඟී. අනවශ්‍ය දේ බැලීම හෝ ශ්‍රවණය නොකරයි.
අප මේ දෙය හොඳින් මතකයේ තබා ගත යුතුය. තුනුරුවන්ට අයිති දරුවෙක් නිවෙසක සිටීනම්, වඩාත් සැලකිලිමත් වීමය. ශාසනයට, දෙවියන්ට අයිති දරුවා ගඟට මුහුදට යනවා නම්, ඇළට දොළට ළිඳට යනවානම් ඔබ දරුවා පසුපස යා යුතුම ය. මෙහිදී කළ යුතු වන්නේ,
“නුඹට ගින්දරෙන් අගුණයි. ජලයෙන් අගුණයි” කියමින් දරුවාට නීති රීති දැමීම හෝ තරවටු කිරීම නොවේ. දරුවා රැක ගැනීමය. ජල ක්‍රීඩා කරන තැන, දිය නාන තැන දරුවා සමීපයෙහි දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු සිටිය යුතුය. ඒ දරුවා යම් අනතුරකට ලක්වන්නේ නම් ඔහු බේරා ගැනීමටය.
කනගාටුදායක වන්නේ අතීත සමාජයේ මෙන් ම වර්තමානයේ ද බොහෝ ගම්වල මාරක අපල ඇතැයි කියන දරුවෙක් දුටු තැන ඔහු හෝ ඇය කොන් කිරීමය. අසරණ බවට පත් කිරීම ය. නොසලකා හැරීම ය.
“ඔය කොලුවා ශාසනේට බාර දීලයි තියෙන්නේ. කේතු ලබලනේ. ගෙදර තියාගෙන වැඩක් නෑ. පවුලෙ අයත් විනාශ වෙයි. පන්සලටමයි දෙන්න ඕනෑ. ගමනක් යනකොට ඉස්සරහට මුලිච්චි වුණොත් කිසිම වගතුවක් නෑ...” ආදි ලෙස දරුවාට වචනයෙන්, බැල්මෙන් අරියාදු කරන අය අද ද සිටිති.
මේ තාඩන පීඩන මැද හැදෙන වැඩෙන දරුවා තුනුරුවන්ට බාර කළේ යැයි යහපත් මානසික මට්ටමකින් පසුවේ ද? නැත. වැඩිහිටියන්ගේ - නෑදැයින්ගේ පමණක් නොව අසල්වැසියන්ගේ ද කර්කශ වදනින් ඔහු තව තවත් පීඩාවට පත් වේ. ශාරීරික වද හිංසා නිසා කායිකව ද තැවේ. මෙවැනි අයහපත් අය අතරට වැටෙන දෙවියන් ගේ දරුවා, එසේත් නැතිනම් තුනුරුවන් ගේ දරුවා තව තවත් මුරණ්ඩු වනවා හැර, නපුරුකම් අකීකරුකම් කරනවා හැර යහපත් දරුවෙක් බවට පත් වන්නේ නැත.
අප කළ යුතු වන්නේ කුමක් ද?
දරුවා ආදරයෙන් රැක බලා ගැනීම ය. අනතුරක් වේ යැයි සිතෙන කිසිඳු තැනක දරුවා තනි නොකිරීමය. පෙර කී ලෙස සධාතුක කරඬුවක්, ධර්ම පුස්තකයක්, සංඝයා වහන්සේ නමක් නිවසෙහි පවත්නා කල අප කටයුතු කරන්නේ යම් සේ ද දරුවා කෙරෙහි ද එසේ ම පැවැතිය යුතුය. එවිට අපල උපද්‍රව කාලවලදී ඒ දරුවාට විය හැකි අතුරු අන්තරා වැළකේ. එසේ නොමැතිව අපල රැගෙන පැමිණියා යැයි, පන්සලට, දෙවියන්ට බාර දුන්නා යැයි දරුවාට බැණ අඬ ගසමින්, පැත්තකට කර දමමින් නොසලකා හරිනවා නම් ඒ තුළ සිදුවන්නේ අපලයෙන් මිදීම නොව ශාසනයට, තුනුරුවන්ට දීම ම අපලයක් බවට පත්වීම ය.
ඔබ දෙවියන් වෙනුවෙන් වෙන් කළ ගසක ඵල කවර හේතුවක් නිසා හෝ අනුභව කරන්නේ නැත. දෙවියන් වෙනුවෙන් වෙන් කළ පඬුරු ගන්නට ඔබ කැමැති නැත. විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි මේ ආදි කවර දෙවි කෙනකුට දරුවා බාර කළ ද දෙවියන්ට වෙන්කළ දෙයක් ලෙස ඔහු ආදරයෙන්, ගෞරවයෙන් සුරක්ෂිත කළ යුතුය.
දෙවියකුට මිනිසුන් ඉදිරියේ පෙනී සිටින්නට පුළුවන් ද? එසේ නම් කවර ස්වරූපයකින් ද? මේ ලිපි මාලාව කියවන බොහෝ දෙනකුට මතු වූ ගැටලුවකි. සැබැවින් ම දෙවියන්ට මිනිසුන් ඉදිරියේ පෙනී සිටිය හැකිය. එහෙත් ඒ නියම දේව ස්වරූපයෙන් නොවේ. ත්‍රිමාණ, ද්විමාන හැඩතල ඔස්සේ දෙවියන් අපට දර්ශනය වේ. එසේ නොවී දෙවියන් මනුෂ්‍ය ඇසට දැක ගත නොහැකිය. ඒ ඔවුන් කෙරෙන් වැඩිපුර දෘෂ්‍යමාන වන්නේ තේජෝ භූතය වන නිසා ය.
මෙහිදී තේජෝ ගතිය වැඩියි යන අදහස ගම්‍ය නොවේ. ඕනෑම සත්ත්වයකුට පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත හතර ම සමව තිබිය යුතු ය. එහෙත් දිස්වන්නේ එකකි. මනුෂ්‍යයා ගේ නම් වැඩිපුර දිස්වන්නේ පඨවි භූතයයි. කර්කශ ගතිය, තද ගතිය වැඩිය. එහෙත් සිව් භූතයෝ සමානය.
මෙහිදී දෙවියන් මිනිසුන් ඉදිරියේ පෙනී සිටින්නේ කවර වේලාවන් හිදී ද යන්න අවබෝධ කර ගැනීම වැදගත් වේ. එක් අවස්ථාවක් උපකාරයකදී ය. අනෙක අපකාරයක දී ය. එනම් උපකාර නොවන දේ සිදු කිරීමට පෙනී සිටීම ය. කරදරයක් විපතක් කිරීමට දර්ශනය වීම ය. තමන්ට අහිතවත් වන, ධර්මයට අහිතකර, යහපත නොසලස්වන, අයහපතටම බරවුණු චරිතවලට දෙවියෙක් පෙනී සිටින්නේ අයහපතටය.
සමහර විට අප සිතන්නේ ඒ චරිතය අප විනාශ කරන්නට ආ සතුරෙක් ලෙසටය. එහෙත් ඒ දෙවියෙකි. මෙහි වැදගත්කම ඇත්තේ එතැනයි. මේ ඒ සඳහා නිදසුනකි. එක්තරා අවස්ථාවක දරුවෙක් මිය ගියේ ය.
ඒ සතුන් සඳහා ඇටවූ වෙඩිල්ලක් වැදීමෙනි. වරදකරු වූයේ ඒ ගම වෙසෙන ඌරන් මරණ, සිවුපා සතුන් ඝාතනය කරන චරිතයකි. මේ දඩයක්කරුවා එවැනි වරදකට හසු නොවූයේ නම්, තමන්ගේ ම කටයුත්තෙහි යෙදී මිය යන්නට ඉඩ තිබුණි. එසේ වූවා නම්, මෙලොව වශයෙන් ඔහු කරගන්නා ලද පින් පව් වලින් හතෙන් එකක් මෙලොව වශයෙන් පඩිසන් දෙන්නේ නැත. හිර දඬුවම් ආදිය ලැබෙන්නේ නැත.
මේ හා සම්බන්ධ දරුවා ගැන අපි මෙසේ සිතමු. දේව දරුවෙක් අපේ සමාජයට පැමිණ තිබේ. ඔහු දෙව් ලොව යන්නට ආ කෙනෙකි. දිව්‍ය ලෝකයේ යන ඇතැම් දෙවිවරුන්ට අම්මා, තාත්තාගේ ආදරය සෙනෙහස ගැන සිහිපත් වේ. එහෙත් එහි මවුපියන් නොමැති නිසා ඔවුන්ට ඒ ආදරය නොලැබේ. එම නිසා මවුපිය සෙනෙහස වඩාත් හොඳින් ලැබෙන, මිනිස් ලොව මවක්, පියෙක් වෙත යන්නට හෙතෙම කල්පනා කරයි. එසේ පැමිණ මිනිස් ලොව උපත ලබයි.
එසේ අප්‍රමාණ වූ මවගේ පියාගේ ආදරය, සෙනෙහස, දයාව ලැබ එක්තරා කාලයක දී ඔවුන් එතැනින් චුත වේ. එවැනි දේව දරුවෝ අප සමාජයේ සිටී. සැබැවින් ම ඒ මනුෂ්‍ය දරුවෙක් නොව දෙවියෙකි.
මේ දේවතාවා ඒ මවුපියන් අතරින් වෙන් වන්නේ ද නිකරුණේ නොවේ. වැරැදි කරන පුද්ගලයකුට ද පාඩමක් උගන්වමිනි. එවැනි කෙනකු ගේ අතින් කෙනෙක් මිය යනවා යනු නිසැකවම ඒ පුද්ගලයා හිරේ විලංගුවේ වැටීමට ප්‍රබල සාධකයකි. එවිට ඔහුට නීතියෙන් දඬුවම් ලැබේ. සමාජයෙන් නින්දා අපහාස ලැබේ. තිරිසන් සත්ත්ව ඝාතකයෙක් පමණක් මනුෂ්‍ය ඝාතකයෙක් ද යන අපවාදය හිමි වේ.
එහෙත් අර මවුපියන් ගේ මියගිය දරුවා කෙරෙන් ඉස්මතු වූයේ දේව ගතිය. පිරිසිදුකම අපමණය. විනීතය. විනය ගරුකය. පන්සලට, ආගමට ලැදිය. මවුපියන්ට සෙනෙහෙවන්තය. කීකරුය. මවුපියන්ගෙන් වෙන් වුවද ඔහු උපත ලැබූවේ දෙව් ලොවය.
ලබන සතියේ
ගෙල සිර කරගෙන මියගිය දරුවා
දෙව් ලොවෙන් ආ දෙවියෙක් ද?
දෙව් ලොවෙන් ආ දෙවියෙක් ද?
http://www.silumina.lk/2014/08/17/_art.asp?fn=af14081710
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි