Tuesday, August 12, 2014

විභාග පවතිද්දී විවේචන එපා

සිසු මානසිකත්වය කඩා වැටෙනවා 

විභාග පවතිද්දී  විවේචන එපාඅමාත්‍යාංශය ශ්‍රෝෂ්ඨාධිකරණයේ
නියෝගයක්‌ ලබාගැනීමට යයි

නිලන්ත මදුරාවල

ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසීමාවේ එම විභාග අනවශ්‍ය ලෙස විවේචනය කිරීම වැළැක්‌වීම සඳහා ශ්‍රෝෂ්ඨාධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි. මේ සඳහා සැලසුම් සකස්‌ කෙරෙමින් පවතින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

පාසල් විභාග කඩාකප්පල් කිරීම සඳහා හිතාමතා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව විභාග පනත අනුව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තාවක්‌ ලබා දෙන්නැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතාට දැනටමත් දැනුම් දී ඇත.

විභාගයක්‌ පැවැත්වෙන කාලසීමාවේ අනවශ්‍ය ලෙස විභාග විෙච්චනය කිරීම විභාගයට පෙනී සිටින දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටීමට හේතුවක්‌ බවද එවැනි අපරාධ වැළැක්‌වීම සඳහා පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. විභාග විවේචනය කරන්නන්ගේ අරමුණ පෞද්ගලික න්‍යාය පත්‍රවල අවශ්‍යතා ඉටුකර ගැනීම බවද ඉන් අසාධාරණය සිදුවන්නේ දරුවන්ට බවද ඇමැතිවරයා කීවේය.
 


http://www.divaina.com/2014/08/12/news01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි