V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, January 27, 2020

ළමා රංග පීඨය - මල්ගුඩියේ පුංචි වීරයා i කොටස



පුන්චි ස්වාමිගේ වීර ක්රියාව අහලම බලන්න.
R.K. නාරායන්ගේ මල්ගුඩි කතා දැන් ඔබට ශ්රව්ය මාධ්‍ය ඔස්සේ සවන් දිය හැකියි. 

...................
Next Episode



Sunday, January 26, 2020

Thursday, January 11, 2018

බලන්න දෙයක් නෑ" ඒත්, අහල බලන්න. YOUTUBE video

අද ලෝකය ගැන,

රේඩියෝ කොලමක්.

Sunday, November 26, 2017

199 | මොණරවිල කැප්පෙටිපොල

"මොණරවිල කැප්පෙටිපොල" 
ගුවන්විදුලි ළමා හඬ නළුවක් ලෙසින්, 
27 වැනිදා සවස 05 -15ට 
ස්වදේශීය සේවා 
විදුල ළමා ගුවන්විදුලියේ, 
ළමා රංග පීඨයෙන්.. 
Fm 91.7 - Fm 91.9


 

Monday, November 20, 2017

"ඔටුන්න හිමි කුමාරයෝ"



කරුණාතිලක හදුවල මහතා රචනා කළ, ළමා ශිල්පීන් රගපෑ, 

"ඔටුන්න හිමි කුමාරයෝ" ළමා නාට්‍යය, 

අද පස්වරු 05-15ට, 


ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ, 


ළමා රංග පීඨයෙන් විකාශය වේ. Fm 91.7 | Fm 91.9 |

Thursday, July 20, 2017

Wednesday, July 19, 2017

Saturday, July 15, 2017

Wednesday, July 12, 2017

ගුවන්විදුලි ළමා නාට්‍යයක් සජීවීව *Video


ගුවන්විදුලි ලමාපිටිය අතරතුර, සජීවීව ළමා නාට්‍යයක් ඉදිරිපත් කරන, 

හඬ පරීක්‍ෂණයෙන් සමත් නව ළමා ශිල්පීන් 


C 11 මැදිරියේදී......



Sunday, July 2, 2017

ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි...



සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ නරිබෑනාහි අපට ඇසෙන රඟමඬලෙහි අපට දකින්නට ලැබෙන තවත් ජනප්‍රිය ගී අතර ගම දියණිය තම මව සමඟ කැලේ දර අහුලන්නට ගිය අවස්‌ථාවේ ගායනා කරනු ලබන ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි ගීතය සංගීත නිර්මාණයෙන්ද, තනුවෙන්ද, ගීත රචනයෙන්ද අතිශයින් පොහොසත් බව පැවසිය යුතුය.

" ඇහැළ මලින් ගස්‌ පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි

දොඹ ගස්‌ යට මල් හැලිලා
සුවඳක්‌ හැමතැන දැනෙයි
වලිකුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි

ගස්‌වල දලු නැළවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයන්
අල්ලන්නට බැරි හැඩයි...."

1961 දී පාසල් නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා රංගගත වූ අවස්‌ථාවේදී ප්‍රථම ගම දුව ලෙස රංගනයට එක්‌ වී ඇත්තී ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක වූ චන්ද්‍රd විඡේවර්ධනයි. නරියාගේ භූමිකාව පණ ගන්වා තිබුණේ සාලමන් ෆොන්සේකායි. එහෙත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා ජනප්‍රියත්වයට පත්වෙමින් දිවයින පුරා රංග ගත වූ කල්හි ගම දුව ලෙස රංගනයට එක්‌වන්නී වර්තමාන සිනමාවේ රූපවාහිනියේ ප්‍රවීණ නිළියක වන ශ්‍රියානි අමරසේනයි. අර්ධ ශෛලිගත රීතියෙන් නිෂ්පාදනය වූ නරිබෑනා රචනා වන්නේ ජනකතා දෙකක කතා වස්‌තුව පාදක කරගනිමිනි. නිෂ්පාදක දයානන්ද ගුණවර්ධන සඳහන් කරන පරිදි මෙහි ඇතැම් ගී හා සංවාද කොටස්‌, රබන් පද ශෛලියෙන් ගොඩනඟා ඇත. ඉහත සඳහන් ගම දුව ගයන ගීයට මුල් වී ඇත්තේ පහත සඳහන් රබන් පදයයි.

"අඹ රඹුටන් ගස්‌ දෙක යට
වලිකුකුළන් පස්‌ දෙනයි
උන්ට කන්ට බත් දෙන කොට
අපිත් එක්‌ක ලස්‌සනයි...."

රබන් පද ආශ්‍රිත ගී තනු නව නිර්මාණ සේ කරලියට උචිත අයුරින් සකස්‌ කොට නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. නරිබෑනාහි නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගේය. හැටේ දශකයේ පටන් අද දක්‌වාම රංගගත වන නරිබෑනා නාට්‍යය, සරල කතා පුවතක්‌ මත නිර්මාණය වූ අපූරු නාට්‍යමය අත්දැකීමක්‌, ප්‍රේක්‌ෂකයනට ලබාදෙන වේදිකා නාට්‍යයක්‌ සේ ජනප්‍රියත්වයට පත් වී තිබේ. නාට්‍යයේ එන ගී කිහිපය අතර, ඇහැළ මලින් ගස්‌ පිරිලා ගීතයද ප්‍රේක්‌ෂක, ශ්‍රාවක, රසවින්දනයට ලක්‌ වූ ගීතයකි. නරිබෑනා නාට්‍යයෙහි පළමුවෙනි ජවනිකා ඇරැඹෙන්නේ ගම මහගෙ, තම දියණිය සමඟ දර ඇහිඳීමට කැලේට යන අවස්‌ථාව නිරූපණය කරමිනි. ගම දුව මවගේ වදනට කන් නොදී, දර ඇහිලීම පසෙකලා කැලේ පිපී තිබෙන ඇහැළ මල් සුන්දරත්වයෙන් වශීකෘතව, ගී ගයමින් නටන්නීය. කැලේ සැඟ වී සිටින නරියාගේ නෙතට ගම දුව හසුවන්නේ මේ මෙහොතේදීය. ජන ගීතයේ රබන් පද ආශ්‍රිත තනුවට උචිත වදන් මාලාවක්‌, තෝරා ගැනීමෙහිලා නාට්‍ය රචක දයානන්ද ගුණවර්ධන ප්‍රකට කරන ප්‍රතිභාව ගීත සංකල්පනාව තුළින් මනාව පිළිබිඹුවේ. ලාබාල යුවතියකගේ සැහැල්ලු ජීවිතයක සිත් ගත් පරිසරයේ වස්‌තුන් චිත්තරූපාවලියකට නැංවීමට මේ ගීයෙහි සරල වදන් භාවිතය සමත් වේ. කැලේ සුන්දරත්වයට ඇහැළ මල් පිරුණු ගස්‌ පමණක්‌ නොව අඹ, රඹුටන්, ජම්බුද ඈ නෙත ගැටේ. මල් සැලී ඇත්aතේ දොඹ ගස්‌ යටය. ඉන් සුවඳ විහිදේ. වලි කුකුළන්ගේ හඬට කන්දී සිටින්නට ඈ සිත ඉල්ලයි. ගී ගයනවා පමණක්‌ නොව වේදිකාව මත නර්තනයේද යෙදෙන්නීය. ගීය ගයන්නී නටමිනි. අභිනයෙන් පරිසරයේ සුන්දරත්වය, ප්‍රේක්‌ෂකයනට පෙන්වමිනි. ගස්‌වල නැළවෙන දලු ඇඟට සිහිලස ගෙනෙන බවයි රචකයා පවසන්නේ. සමනලුන් යුවතියකගේ ආදරය දිනා ගන්නා වස්‌තුවකි. පරිසරය පුරාම මවනු ලබන සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ නාට්‍ය රචකයා විසින් උපයුක්‌ත, ගැමි පරිසරය වර්ණිත සරල වදන් මාලාවෙනි. ඇහැළ මල්, අඹ, රඹුටන්, ජම්බු, දොඹ මල්, වලි කුකුල් හඬ, ගස්‌වල නැළවෙන දලු, ඉගිලෙන සමනලයන් දඟකාර ගැමි දියණියකගේ සැහැල්ලු වගකීමෙන් තොර ජීවිතයේ කොටස්‌ ලෙස නිරූපිතය. ඇගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමට මුල්වන්නේ ඇහැළ මල් කඩමින් ගී ගයමින් මවට උදවුවට නොසිටීමයි. මවට ඈ සොයා ගත නොහී පසුව ඇහැළ මල් කඩන බව ඇසීමෙන් මවගේ කෝපය ඉහවහා ගොස්‌ පවසන වදනින් නාට්‍යමය අවස්‌ථාව ගොඩනැඟේ.

"තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි...."

ගම දියණියගේ ගීතය අග ඇගේ ජීවිතයට ස්‌වාමි පුරුෂයෙකු ලැබෙන බවයි නාට්‍යකරු ඉඟි කරන්නේ.

බුද්ධදාස ගලප්පත්ති


http://www.divaina.com/2017/07/02/cineart.html

Thursday, June 29, 2017

ගුවන්විදුලි ළමාපිටිය සජීව විකාශයේ පෙරහුරු *(Video)

දිනපතා සවස 4 සිට පුරා පැයක් 
සජීවීව ගුවන්ගන්නා 
ළමාපිටිය වැඩසටහනේ 
දරුවන් පුහුණු වන්නේ මෙලෙසයි


Wednesday, April 12, 2017

ආනන්ද ශාස්ත්‍රාලයේ නවක බාලදක්ෂිකාවෝ නිල ලාංඡන පළඳිති

සමස්තලංකා පාසල් බාලදක්ෂිකා කණ්ඩායමට තවත් නවක පෙළ බාළ දක්ෂිකාවන් පිරිසක් එක් වෙමින් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලිකාවන් පනස් දෙනකු පසුගියදා නිල ලාංඡන පළදමින් දිවුරුම් දුන්නේය.
අරලිය, නිල්මානෙල්, රෝස , ඕකිඩ් , සූරියකාන්ත,නෙළුම් යන කණ්ඩායම් වලින් මෙහිදි බාලිකාවන් පෙළ ගස්වා තිබූ අතර බලදක්ෂිකා පළාත් කොමසාරිසාරිස්වරිය වන ශ්‍යාමා තිලකරත්න මහත්මිය සහ කලාප බාලදක්ෂිකා කොමසාරිස්වරිය වන රමණි වික්‍රමනායක මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්උත්සවය පැවත්විණි .
ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති රන්දුණු ජයලත් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය විදුහල්පතිනී  මනෝරි ධර්මරතනප්‍රිය මහත්මියගේ ද සහභාගීත්වයෙන් පැවතිමෙහිදී බාලිකාවන්  විවිධාංග රැසක් එක් කරමින් උත්සවය හැඩ කළේය.
බාලදක්ෂිකා කණ්ඩායම්භාර ආචාරිණි  චතුරිකා හපුගොඩ, තරංගා ලක්මිණි, අයේෂා මීමැඩුම යන මහත්මින් විසින් කටයුතු සංවිධානය කර තිබුණි.
================
(විශ්ව ගැමුණු ප්‍රියංකර) 
IMG_8216IMG_8244IMG_8397IMG_8418IMG_8420IMG_8433IMG_8478IMG_8527IMG_8549

අලුත් අවු­රු­ද්දට මුළු රට­ටම ආස්මී

කොතරම් අගහිඟකම් තිබුණත් සිංහල අවුරුද්දට කොකිසයක් නොබදින කැවුමක් පුච්චන්නේ නැති ගෙයක් නම් හොයා ගන්න බැරි තරම්. කැවුම් කෙසෙල් කොකිස් කිරිබත් අළුවා ආදී වූ කැවිලි පෙවිලිවලින් පිරුණු අවුරුදු මේසය වඩාත් හැඩවෙන්නේ ආස්මී ගෙඩියකුත් තිබුණොත් තමයි. නමුත් කොකිස් බදින තරම් නම් ආස්මී උයන්න නම් පහසු නැහැ. කොතරම් අපහසු වුණත් හැඩට රසට ආස්මී උයන ආස්මී බදින්න අපේ අම්මලා දන්නවා. ‍හැබැයි මේ දක්ෂකමත් හැමෝටම නැහැ.
කවුරු කොහොම හොයා ගත්තද කියන්න දන්නේ නැති වුණත් හාල්පිටිවලට දවුල් කුරුඳු නානු මුසුකරමින් හරි අපූරුවට ආස්මී උයන්න දන්න අය නගර බදව නැතත් ගම්බදව නම් තවමත් ඉන්නවා. අවුරුද්දට විතරක් නෙමෙයි තම ජීවන වෘත්තිය ආස්මී බැදීම කරගත් ගමක් සොයාගෙන පසුගිය දාක අපි අලව්ව ප්‍රදේශයට ගියා.
අලව්වෙන් හැර නෙළුම්දෙණිය පාරේ යද්දී හමුවන ඕපාත මේ ආස්මී ගම්මානයයි. එගම ආස්මී උයන රත්නවතී මැණිකේගේ නිවෙස නොදන්නා කෙනෙක් නැති තරම් ය.
හරි හමන් පාරක් නැති ඇගේ ගෙදරට අප ගියේ රබර්වත්තක් මැද්දෙනි.
“මමයි මගෙ මහත්තයයි ආස්මී උයන්න පටන් අරගෙන මාස එක හමාරක් විතර ඇති. මං මේක ඉගෙන ගත්තේ අක්කගෙන්. අපි සතියකට ආස්මී සීයක් විතර කඩේකට ගිහින් දෙනවා. වෙන රස්සාවක් කරන්නෙත් නැහැ. දැන් අපේ දරුවෝ බැඳලා. මේ තමයි අපි ආස්මී විකුණන පළමුවෙනි අවුරුද්ද. ඒත් කොන්දෙ අමාරුවක් හැදිලා අද මුකුත් ම කළේ නැහැ. මේ ගමේ තව කෙනෙක් ඉන්නවා ආස්මී උයන. ඊටත් පස්සේ ඕපාත ගමේ නම් පවුල් කිහිපයක් ම ‘ආස්මී’ හදලා ජීවත් වෙනවා.”
රත්නවතී මැණිකේ නැන්දා බැරි අමාරුවෙන් මිදුලට බසිමින් පැවැසුවා ය. ඉන් පසු අපි ඈ කියූ තොරතුරු අනුව ගම්මැද්දේ ඇවිදින්නට වීමු.
පස්පොළකන්දේ පින්තාලිය හන්දියේ ආර්. එම්. මුතුමැණිකේ අපට හමුවූයේ අතරමඟදී ය. පාදයේ ආබාධයකින් පෙළෙන ඇය ඇවිදින්නේ අත්වාරුවට බරදෙමිනි.
“ආස්මී උයන්න පටන් අරගෙන අවුරුදු පහක් විතර වෙනවා. මා ගාව දෙන්නෙක් වැඩ කරනවා. කලින් මම ඕපාත තැනක වැඩ කළා. එතැනදී තමයි මම ආස්මී උයන්න ඉගෙන ගත්තේ. ටික කාලයක් යනකොට මට හිතුණා මම වෙන මම පටන් ගන්න ඕන කියලා. ම‍ගෙ දුව බැඳලා ඉන්නේ අනුරාධපුරේ. ඒ දුව මට සතියකට සැරයක් විතර දවුල් කුරුඳු ගෙනැත් දෙනවා. මං උයන ආස්මී කඩවල් කිහිපයකටත් දානවා. ඒ වගේ ම ගෙදරත් විකුණනවා. සිංහල අවුරුදු කාලයට මම ආස්මී හයදාහක් විතර හදලා විකුණගන්නවා.”
පාදයේ ආබාධය තිබුණ ද හිතේ හයියෙන් ජීවිතය ගැටගහගන්නා මුතුමැණිකේ අම්මා පවසන්නේ ආඩම්බරයෙනි. ඇය ඇතුළුව එම ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙක්ම මෙම වෘත්තීයේ නියැළෙන්නෝ ය. නමුදු ඔවුන්ගෙන් ඇතැමෙක් තොරතුරු කියන්නට අකැමැති ය. ළඟ ළඟ එන සිංහල අවුරුද්ද නිමිත්තෙන් පාරවල් අයිනේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඔවුහු ව්‍යාපාරය අරඹා ඇත්තාහ.
අලව්ව පස්පොළකන්ද - ඕපාත ආදී ගම්මානවලට මුලින් ම ‘ආස්මී’ ව්‍යාපාරය හඳුන්වා දුන්නේ කවුදැයි අපි කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමු.
“ඔන්න ඔය වඩූ ඉස්කෝලේ ගාවින් හැරිලා යන්න තියන වසන්තලාගේ ගෙදරට යන්න. එයාලා තමයි මේ පැත්තේ මුලින් ම ආස්මී ඉව්වේ.”
තොරතුරු කීවේ මඟ සිටි කාන්තාවකි. ඒ හිමිදිරියෙත් නිවෙස ඉදිරිපිට දුර බැහැරින් ආ කිහිප දෙනෙකි.
“තැන වැරදුණාවත් ද?”
අපි අපෙන් ම ඇසුවෙමු.
“ආ මෙහෙ තමයි තැන. එන්න අපි උදේම වැඩ...”
ඒප්‍රනයකින් සැරසී ආස්මීවලට පිටි ඒදමින් සිට ඉදිරියට පැමිණි වසන්තා අප එහි කැඳවූවා ය.
සැබවින් ම එය අපූරු දසුනකි. මැදිවිය ඉක්මවූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඒ කුඩා කොටසේ භූමිතෙල් ළිප් කිහිපයක් තබා ආස්මී උයති. උයන ලද එනම් එක්වරක් බදින ලද කටුආස්මී වට්ටිවල පුරවා තැන තැන ඇත්තේ ය. තවත් තැනෙක ගොජ දමන පැණි තාච්චියකි. එය නම් බලන්නට අපූරු ය. වසන්තාගේ මව වන පී.ඇම්. අධිකාරි සුධර්මා අතින් නැවත වරක් බැදදෙන ආස්මියට පැණිවලින් රටා දමන්නීය. අධිකාරි අම්මා හැත්තෑදෙහැවිරිදි වියේ පසුවන්නීය.
“ඉස්සර මේ ගම්වල ආස්මී උයන්න දන්න අය හිටියේ නැහැ. මම ආස්මී උයන්න ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඒ බොහෝම තරුණ අවධියේ. ඉන් පස්සේ මම මඟුල් ගෙවල්වලට දානේ ගෙවල්වලට ආස්මී උයන්න ගියා. නමුත් කවදාවත් මුදලට ඒ දේවල් කළේ නැහැ. මං ගෙදර ආස්මී ඉව්වත් මගෙ දුව වසන්තා මේ දේ ඉගෙන ගත්තේ මගෙන් නෙමෙයි. දැන් මම දුවට උදව්වක් හැටියට ආස්මීවලට ‍රටාවට පැණිදාන වැඩේ කරලා දෙනවා. ඒ වුණත් දුව මට පින්දහම් කැරගන්න කියලා මුදලක් දෙනවා. එයා තමයි මගෙ හැමදේම කරන්නේ. මට මහන්සියක් දැනෙන්නේ නැහැ. මං බොහෝම සතුටින් මේ කාරිය කරනවා.”
අධිකාරි අම්මා පවසන්නේ තම දියණිය ගැන සතුටිනි.
අප එහි යන මොහොතේ වසන්තා සිටියේ ආස්මී ඉවීමට පිටි ඒදමින්. ඒ අතර අනෙක් කාන්තාවෝ බිම තැබූ භූමිතෙල් ළිප් උඩ උණු තෙල් තාච්චිවල ආස්මී උයමින් සිටියහ. දවුල් කුරුඳු නානු යොදා හොඳින් ඒදන ලද පිටි බොකුටු හිල් පොල්කටු හැන්දෙන් තාච්චිය මත අතුරන්නේ එක්තරා රටාවකට ය. ආස්මී එකෙන් දෙකෙන් ඉවීම ආරම්භ කර අවසානයේ ඇය එයම තම ජීවන වෘත්තිය කරගත්තා ය. එපමණක් නොව අද වනවිට වසන්තා ආදර්ශයට ගත් ඕපාත ගමේ මෙන් ම ඒ අවට ගම්මානවල නිවෙස් කිහිපයකම අවුරුදු කාලයට ද, අනෙක් දවස්වල ද ආස්මී උයන්නේ ය. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ බැරි අමාරුවෙන් ගොඩනැඟුණ තම ආදායම් මාර්ගය පිළිබඳව අද වනවිට වසන්තා කතා කරන්නේ ආඩම්බරයෙනි.
“අම්මා ආස්මී ඉව්වට මං කවදාවත් එයාගෙන් ඉගෙන ගත්තේ නැහැ. මහත්තයාගේ ලොකු අම්මගෙන් තමයි මේක ඉගෙන ගත්තේ. ඉස්සර මහත්තයා වැඩ කළේ තුල්හිරිය පෙහෙකම්හලේ. ඒ දවස්වල මං ආස්මී උයනවට මහත්තයාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් තුල්හිරිය කම්හල වහලා දැමීමට පස්සේ එයාට රස්සාව නැති වුණා. අපට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ ගමන තමයි මං ආස්මී උයලා කඩවල් කිහිපයකටම දාන්න පටන් ගත්තේ. ආස්මී උයන්න පටන් ගත්ත මුල් කාලේ ආස්මී ගෙඩියක් රුපියල් හතකට විකුණුවේ. කාලයත් එක්ක මිල ඉහළ ගියා. අද වෙනකොට ආස්මී ගෙඩියක් රුපියල් විසිපහක් වෙනවා” වසන්තා ඒ කියන්නේ අතීතයෙන් බිඳකි.
හාල්සේරුවකින් දෙකකින් ආස්මී ඉවිල්ල ආරම්භ කළ වසන්තාගේ නි‍ෙවසේ අද වනවිට දවසට හාල් මිටියක පමණ ආස්මී පිසෙන්නේ ය.
“මම මේක බොහෝම සුළුවෙන් කරගෙන ගියේ. ඒ හැමදේම වෙනස් වුණේ එච්. ආර්. දසනායක මහත්තයා අපිව හොයාගෙන ආවට පස්සේ. ඔහු අපේ නිවෙසට ආවේ මම උයපු ආස්මී ගෙඩියකුත් කඩේකින් අරගෙන. ඔහු එනවිට මම කුස්සියේ භූමිතෙල් ළිප තියාගෙන ආස්මී උයනවා. ඒ හරියට සුනාමිය ආපු දවස. ඔහු එදා මගෙන් ආස්මී ගෙඩි විස්සකුත් අරගෙන ගියා. ඉස්සර මං ආස්මී ගෙඩියේ පැණි දැමීමේ ඉවෙන විදිහකට. දැන් මේ තියන රටාව මට කියලා දුන්නේ දහනායක මහතා. ඇත්තටම ඔහු අපේ පවුලට දෙවියෙක්. මං එහෙම කියන්නේ ඔහු තමයි අද අපට ඉන්න ලොකුම ගැනුම්කරුවා. ඔහු අපෙන් ආස්මී ගෙනිහිල්ලා කඩවලට බෙදා හරිනවා. ඒ දවස්වල මේ කවුරුවත් ආස්මී ඉව්වේ නැහැ. නමුත් මගෙන් පස්සේ බොහෝ අය මේ දේ කරන්න පටන් ගත්තා. අද පිට පළාත්වල ඉඳලා බොහෝ අය එනවා ආස්මී ගෙනියන්න. ඒ වගේ ම අහල පහල අයත් එනවා.”
වසන්තා පවසන්නේ එදා මෙදා තුර දියුණුව පිළිබඳව ය. ඇය අප සමඟ කතා කරන අතරේ ඇගේ දියණිය ආස්මී ගෙනයන්නට ආ කිහිප දෙනෙකුටම පිළිවෙළකට අසුරා ආස්මී දෙන්නට වූවා ය.
අනෙකුත් දිනවලට කෙසේ වෙතත් සිංහල අවුරුදු කාලයට නම් වසන්තාගේ නිවෙස ඉදිරිපිට ආස්මී ගෙන යන්නට පැමිණි අය සිටියේ පෙළ සෑදී ගෙනය.
“අපේ ගෙදර ඕන වෙලාවක ආස්මී තියෙනවා. නොනගතේ වෙලාවට විතරයි වෙළෙඳාම නැත්තේ. දැන් මා ගාව අම්මලා හය දෙනෙක් ඉන්නවා. අද කෙනෙක් ඇවිත් නැහැ. එහෙම දවස්වලට මහත්තයත් ආස්මී උයනවා. බදිනවා. පැණි දානවා. හැමදේම කරනවා. ඔහුගෙන් මට හොඳ සහයෝගයක් තියෙනවා. අපිට බොහෝම උදව් කරන කෙනෙක් තමයි පොල්තෙල් ගේන ඉසංක සමරවීර මල්ලී. ඔහු මීරිගමින් තමයි අපට පිරිසුදු පොල්තෙල් ගෙනත් දෙන්නේ. ඒ වගේ ම උපුල් අයියා ඕනෑම වෙලාවක බඩු ගේනවා. සාමාන්‍යයෙන් උදේ 8 සිට සවස 5.30 වනතුරු අපේ ගෙදර ආස්මී උයනවා. ඒත් අවුරුදු කාලෙට නම් රෑටත් උයනවා. මං හිතන්නේ අද වෙනකොට ලංකාව පුරාම වගේ මගේ ආස්මී වෙළෙඳාම් වෙනවා කියලා. ලාභයක් ලබන්න නම් ආස්මී ලක්ෂයක්වත් උයන්න ඕනෑ” වසන්තා පවසන්නීය.
ඇගේ ව්‍යාපාරය එදාට වඩා දැන් දියුණු ය. වට්ටි පිරෙන්නට ඇත්තේ දවස ගානේ උයන ලද කටුආස්මී ය. අවුරුදුවලට ඇය දැන් සිටම සූදානම් ය. බැරල් පුරවා ඇත්තේ ද උයන කටු ආස්මීය. හැඩට තිබෙන්නට නම් රසට හැපෙන්නට නම් ඒ කටු ආස්මී නැවත තෙලේ බැඳ පැණි දැමිය යුතු ය.
නුවර, දඹුල්ල, හිරිවඩුන්න, ජා ඇළ, ගිරිඋල්ල ආදී ප්‍රදේශ ප්‍රධාන කොටගෙන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද වසන්තාගේ ආස්මී බෙදා හැරෙන්නේ ය. ඒ අතරමැදියන් මාර්ගයෙනි. වසර දොළහකට වැඩි කාලයක් වසන්තා ගේ ‘ආස්මී’ වැඩපොළේ සේවය කරන ගුණරත්න මැණිකේ සමඟ අපි කතා කළෙමු. ඇය හැටතුන් හැවිරිදි ය.
“මම මෙහෙ වැඩට ඇවිත් අවුරුදු දොළහකට වැඩියි. ‍මම මෙහෙ එද්දී ආස්මී උයන්න දන්නේ නැහැ. මෙහෙ ඇවිත් තමයි ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් දවසට ආස්මී 350ක් 360ක් මම උයනවා. ළිප හොඳට පත්තු වුණොත් තමයි ඒක පුළුවන්. සමහර දවස් තියෙනවා තුන්සීයක්වත් උයාගන්න බැරි. අපි උදේ වැඩට එනකොට හැමදේම පිළිවෙළට තියෙනවා. අපිට තියෙන්නේ ආස්මී උයන්න විතරයි. හැමදාම අවුරුදු කාලෙට දොළොස් වැනිදා වනතුරු අපි වැඩ.” ගුණරත්න මැණිකේ පවසන්නේ පොල්කටු හැන්දට පිටි මිශ්‍රණය පුරවන අතරේ ය.
ආස්මීවල ලොකුම රහස නම් දවුල් කුරුඳු ය. ඔවුන් දවුල් කුරුඳු සොයා ගන්නේ ඒ අවට ඇති කැලෑවලිනි. වසන්තාගේ නිවසේ ද දවුල් කුරුඳු සිටුවා ඇත්තේ ය.
“සාමාන්‍යයෙන් දවස් හතරක් විතර දවුල් කුරුඳු කොළ තියා ගන්න පුළුවන්. මේ කොළ අතින් පොඩි කරලා තමයි නානු හදා ගන්නේ. හාල් පිටි කොටන්න මැෂිමක් තියෙනවා. ඒ මැෂිමේ වැඩ කරන්න කෙනෙක් උදේම එනවා. ඔහු ම තමයි පොල් ගාලා මිරිකන්නේ. මගෙ මහත්තයා අමරසිංහ තමයි මේ හැමදේම දැන් බලා ගන්නේ. අද වනවිට මට ලොකු සතුටක් තියෙනවා. මං පුංචියට පටන් ගත්ත දේ මේ තරම් දියුණු වුණ ඒක ගැන. මං වැඩිදුර ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් මට මගේ ම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් වුණා” වසන්තා පවසන්නේ නිහතමානිවය.
වසන්තා ඇතුළු පවුල් හය හතකම ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ආස්මී ඉවීම ය. ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ වසන්තාවය. රජයේ රැකියා ලැබෙන තුරු හෝ වෙනත් රැකියා ලැබෙන තුරු කාලය කා දමනවාට වඩා තමන් දන්නා දෙයින් ප්‍රයෝජනය ගැනීම කෙතරම් අපූරුදැයි සිතෙන්නේ වසන්තාගේ නිවෙසේ බැදෙන ආස්මී දුටුවිට ය. සිංහල අවුරුදු කාලයට, නව වසර උදාවට පමණක් නොව ඔවුන් අනෙකුත් කාලවලට ද කාර්යය බහුල ය.

Sunday, March 12, 2017

විදුල ළමා ගුවන් විදුලියේ පස්වරු විකාශය

ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
විදුල ළමා ගුවන් විදුලියේ 
පස්වරු විකාශය 
දැන් ඔබට පස්වරු 02.00 සිට පස්වරු 5.40 දක්වා 
Fm 91.7 - 91.9 Mhz
ඔස්සේ සවන් දිය හැකියි.

එසේම ඒ පිළිබදව ඔබ දක්වන 
ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්, 
 
ළමා ගුවන්විදුලි විකාශය ගුනාත්මක බවින් ප‍්‍රචාරය කිරීමට 
හැකිවන බව දන්වා සිටිමු.

විදුල ශ‍්‍රාවක සමීක්‍ෂා
විදුල ළමා ගුවන් විදුලිය
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව
කොළඹ 07
vidularadio@gmail.com


www.facebook.com/vidulafm


ළමා වැඩිහිටි කියල වෙනසක් නැතිව මෙන්න වටින ආරංචියක්.

ළමා වැඩිහිටි කියල 

වෙනසක් නැතිව මෙන්න

 වටින ආරංචියක්. 

දරුවන් වෙනුවෙන් 


ඔබට ළමා කතා - කොලම් - කෙටිනාට්‍ය පිටපත් - 

ස්නිපට්ස් - නිර්මාණ ළමා පිටියට ලියන්න හැකිද? 

එසේ නම් ඔබේ දුරකතන අංකය දන්වා එවන්න.


www.facebook.com/vidulafm

Monday, February 20, 2017

බදාදා ළමා පිටිය 2017-02-08 අහන්න


ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියේ විකාශය වූ, "බදාදා සජීව ළමා පිටිය" ශ‍්‍රවණය කිරීමට නොහැකි වූ ඔබට දැන් ළමා පිටියට සවන් දිය හැක. අඩුපාඩු ගුණ දොස් විවේචන සියල්ලම, පහතින් සටහන් කර තබා යාමට කාරුණික වන්න. එය අපේ ඉදිරි වැඩසටහන් සදහා මහගු ප‍්‍රයෝජනයකි. ස්තුතියි...!!!

Monday, February 13, 2017

අපේ ගුවන්විදුලියට හැරවුම් ලක්ෂයක්













පරිකල්පනය අවදි කිරීමට ගුවන්විදුලියට ඇති හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකට නොමැත. ගුවන්විදුලිය සැළකෙන්නේ පෞද්ගලිකව ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වශයෙනි. ග්‍රාහකයෝ හුදකලාව පණිවුඩ ග්‍රහණය කර ගනිති. එම පණිවුඩ තේරුම් ගන්නේ මනසේ ගොඩනගා ගන්නා මනෝ චිත්‍ර අනුවය. එම මනෝ චිත්‍ර ගොඩනගන්නේ ශබ්ද මාධ්‍ය මගිනි. එබැවින් ගුවන්විදුලි භාෂාව භාවිත කිරීමේදී ග්‍රාහක මනසට ආමන්ත්‍රණය කළ යුත්තේ ග්‍රාහක පරිකල්පනය වර්ධනය වන ආකාරයෙනි.
ගුවන්විදුලි භාෂාව යනු මිනිස් හඬ, සංගීතය හා බාහිර ශබ්ද සංකලනයෙන් ගොඩනැගෙන්නකි. ගුවන්විදුලි මාධ්‍ය සරල වූවකි. එහෙත් ග්‍රාහක ආමන්ත්‍රණය සරල වූවක් නොවේ. එය මැනවින් ප්‍රගුණ කළ යුතු කුසලතාවකි.
ඕනෑම අයෙකුට ගුවන්විදුලියෙන් කතා කළ හැකිය. එහෙත් සියල්ලෝ ගුවන්විදුලි මාධ්‍යවේදිහු නොවෙති. එසේ වන්නේ ගුවන්විදුලි ආමන්ත්‍රණ කලාව තේරුම් ගෙන නොමැති බැවිනි. ගුවන්විදුලි කථනය කන්කරච්චලයක් බවට පත් වන්නේ මෙම ආමන්ත්‍රණ විලාසය තේරුම් නොගත් කථකයන් නිසාය.
2017 ලෝක ගුවන්විදුලිය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන යුනෙස්කෝ ආයතනයේ මාධ්‍ය සංවර්ධන පිළිබඳ විශේෂඥ ටින් ෆ‍්‍රැන්සිස් සඳහන් කර ඇත්තේ හරසුන් බවින් ඉවත් වී සියල්ලන් සවන් දෙන ගුවන්විදුලියක් ගොඩනැගීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳවය. අප ජීවත් වන අවදියේ සිවිල් සමාජයේ බිඳ වැටීමේ අවදානම ලොව පුරා විද්‍යමානව පවතී.
මාධ්‍ය ඔස්සේ සත්‍ය ඉදිරිපත් කිරීමද ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ජන කණ්ඩායම් ඒකාබද්ධ කරමින් සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන ධනාත්මක සංවාද පැවැත්වීමේ අද්විතීය හැකියාව ගුවන්විදුලි මාධ්‍යය සතු බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. අප ලෝක ගුවන්විදුලි දිනය සමරන්නේ මෙවැනි පුළුල් පසුතලයකය. ලොව පුරා මෙම දිනය සැමරෙන 6 වන වර්ෂය අදට යෙදී තිබේ.
ගුවන්විදුලිය ලාභදායී මාධ්‍යයකි. අතිශය ආකර්ෂණීය මාධ්‍යයකි. එසේම සමීප සුහද මාධ්‍යයකි. ලෝ වටා ගුවන්විදුලි මධ්‍යස්ථාන 44000කට වඩා පවතින බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. එම ගණනය කිරීමට වෙබ් ගුවන්විදුලි නාළිකා ඇතුළත් නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් ගුවන්විදුලි යන්ත්‍ර තිබේ.
මෙයින් පැහැදිලි වන්නේ ලොව කවර තැනක වුවද ජනතාව ග්‍රහණය කර ගත හැකි මාධ්‍යයක් බවට ගුවන්විදුලිය පත්ව ඇති බවයි. සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් අ‍ෙමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරන වාහකයක් ලෙස ගුවන්විදුලිය හඳුනාගෙන තිබේ. මෙම පසුතලය යටතේ ලෝක ගුවන්විදුලිය මූලික අරමුණ වී ඇත්තේ ගුවන්විදුලිය සතු අද්විතීය ශක්තිය භාවිත කරමින් ලොව සෑම කෙළවරකම සිටින ජනතාව සජීව ලෙස ස්පර්ශ කරමින් ඔවුන් ඒකරාශී කිරීමයි.
ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීය. යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක්කර තිබේ. මෙම අරමුණ සඳහා 95%ක කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබිණි. ආසියා පැසිපික්, අරාබි, අප්‍රිකා, කැරිබියානු, උතුරු අ‍ෙමරිකානු අන්තර් ජාතික ගුවන් විදුලි සංගමයේ සහයෝගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියෝය.
බී.බී.සී ආයතනය ඇතුළු ප්‍රමුඛ ගුවන්විදුලි සංවිධානය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාවට ප්‍රසාදය පළ කර තිබිණි. මෙම ආශීර්වාදාත්මක පදනම යටතේ 2011 සැප්තැම්බර් 29 වන දා යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුව මගින් පෙබරවාරි 13 වන දිනය ලෝක ගුවන්විදුලි දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.
පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වන දා වීමය. යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක් විය.මේ අනුව 2012 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පැවැත්වූ බව වාර්තා වේ.
තරගකාරී ගුවන්විදුලිය හා පුළුල් ලෝක ජනතාව යන පොදු මාතෘකාව යටතේ 2012 වර්ෂයේ ගුවන් විදුලි වැඩසටහන අප්‍රිකාවේ ග්‍රාමීය අධ්‍යාපනය කෙරහි ප්‍රමුඛතාව දැක්වූ අතර ස්විට්සර්ලන්තය හා යුරෝපා ගුවන්විදුලි සංගමය මගින් අංකිත ගුවන්විදුලි සතියක් පවත්වා තිබේ. පොදු සේවා, වාණිජ මෙන්ම ප්‍රජා ගුවන්විදුලි ආයතන පොදු තේමාව මෙන්ම ස්වකීය ග්‍රාහක ප්‍රජාවට අදාළ අවශ්‍යතා මුල් කර ගනිමින් ලෝක ගුවන්විදුලි දිනය සමරා ඇත. 2013 වර්ෂයේ ලෝක ගුවන්විදුලි සේවා සැමරීම විශේෂත්වය වූයේ නව මාධ්‍ය මගින් ගෙන යනු ලැබූ ප්‍රචාරයයි.
මේ අනුව ලෝකයේ සාකච්ඡාවට භාජනය වූ ප්‍රමුඛ මාතෘකා 10 අතරට ලෝක ගුවන්විදුලි දිනය පත් විය. 2014 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනයේ තේමාව වූයේ කාන්තාව බලාත්මක කිරීම හා ස්ත්‍රී පුරුෂ සමානත්වතාවයි. ඉහත තේමාවට අදාළ ප්‍රතිපත්ති හා උපාය මාර්ග බලවත් කිරීම සඳහා ගුවන්විදුලි ආයතන හිමිකරුවන්, විධායක නිලධාරින්, ජනමාධ්‍යවේදීන් මෙන්ම රාජ්‍යයන් මෙහෙයවීම එම වර්ෂයේ ප්‍රමුඛ අරමුණයි. තරුණ කාන්තාවන් ගුවන්විදුලි කුසලතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් සැලසුම්
කෙරිණි. කාන්තා ගුවන්විදුලි මාධ්‍යවේදිනියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද එම වර්ෂයේ සුවිශේෂී අරමුණවිය.
2015 ලෝක ගුවන්විදුලිය, තාරුණ්‍යය හා ගුවන්විදුලිය යන තේමාව යටතේ සංවිධානය වූවකි.
ගුවන්විදුලිය සඳහා ලොව පුරා තරුණ ජනගහනයේ සහභාගිත්ව ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. තරුණයන් වෙනුවෙන් තරුණයන්ගේ දායකත්වය ඉහළ නැංවීම අපේක්ෂාව විය. 2016 ලෝක ගුවන්විදුලිය හදිසි අවස්ථාව සඳහා ගුවන්විදුලිය යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූවකි. 2017 ලෝක ගුවන්විදුලි දිනයේ තේමාව වන්නේ ඔබය රේඩියෝව යන්නයි. ගුවන්විදුලිය අපට තොරතුරු ලබා දෙමින් අපගේ පරිවර්තනයක් ඇති කරයි.
මෙම පරිවර්තනය ඵලදායී එකක් කර ගැනීම ජාතික වගකීමකි. ගුවන්විදුලිය සමඟ සිටින ඔබ කිසිදා හුදකලා වන්නේ නැත. ඔබට සැමවිටම ගුවන්විදුලිය මිතුරකුව සිටී. 21 වන සියවසට පිවිසීමේ දී ගුවන්විදුලිය ගතිකත්වය හා ශක්තිය වර්ධනය වෙමින් ඇති බව පිළිගත යුත්තකි. එයට හේතුව වන්නේ නව තාක්ෂණය හා නව මාධ්‍ය මගින් ගුවන්විදුලියේ සීමා පුළුල් කොට ග්‍රාහක සමීප මාධ්‍යයක් බවට වර්ධනය වෙමින් තිබීමයි.
මෙවර ශ්‍රී ලංකාවේ ලෝක ගුවන් විදුලි දිනය සැමරුම සැබවින්ම පරිවර්තන ලක්ෂයකි. පුළුල් වැඩපිළිවෙලක ආරම්භයකි. ශ්‍රිලංකා ගුවන්විදුලි සේවාවලට නව ප්‍රමිතියක් හඳුන්වා දීමේ සමාරම්භයකි. ගුවන්විදුලි මාධ්‍යවේදීන්ට පිළිගැනීමක් ලබා දෙන්නකි. ගුවන්විදුලියේ පරිපාලකයන්, නිවේදකයන්, නිෂ්පාදකයන් මෙන්ම නිහඬ මෙහෙවරක් ඉටු කරන තාක්ෂණික සහ ඉංජිනේරුවෝ සිටිති. මේ සියල්ලන් කෙරෙහි අවධානයක් යොමු කිරීම තීරණාත්මක පියවරකි. ආසියාවේ ප්‍රථම ගුවන් විදුලිය ශ්‍රී ලාංකකි අප සතුය . එසේම බ්‍රිතාන්‍යන් විසින් තම භූමියෙන්
පිටත පිහිට වූ ප්‍රථම ගුවන්විදුලියද ලංකා ගුවන්විදුලියයි. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය 1983 විවෘත කරනු ලැබුවේ ගිරාදුරුකෝට්ටේය. ලොව ප්‍රථම ළමා ගුවන්විදුලිය එනම් ”විදුල” ළමා ගුවන්විදුලිය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේය. ආදිවාසීන් සඳහා වෙනම ම ගුවන් විදුලියක් දඹානේ රේඩියෝව නමින් පිහිටුවා තිබේ. විවෘත ආර්ථික සමාජ පරිසරය නිසා මෙම ප්‍රජා නාළිකාවෝ අභියෝගයට ලක්ව තිබේ. මෙය කෙරෙහි විසඳුම් ලබා දීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව ද සඳහන් කළ හැකිය.
අතිශය දුබල ට්‍රාන්ස්මීටරයක් සහිතිව ආසියාවේ ප්‍රථ‍ම ප්‍රජා ගුවන්විදුලිය ගිරාඳුරුකෝට්ටේ ක්‍රියාත්මක වන බව අවධානයට ලක් කළ යුතු කරුණකි. වාණිජත්වය හා දේශපාලන බලපෑම පුළුල් ලෙස ගුවන්විදුලි මාධ්‍ය කෙරෙහි බලපා තිබේ.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි රාජ්‍ය උපදේශක කමිටුව මගින් අද දින පස්වරු 5.00 ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය අමාත්‍යවරුන්, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල නියෝජිතයන්, කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ලෝක ගුවන්විදුලි දින උත්සවය සංවිධානය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යකරුවන් රාජ්‍ය ඇගයීමකට ලක් කළ ප්‍රථම අවස්ථාව මෙය වීමයි.
1921 ජූලි 21 වන දා එඩ්වඩ් හාපර් ලංකා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීමට මැදිහත් විය. 1922 ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය ආරම්භ වේ. 1924 ජූලි 27 වන දා ශ්‍රීමත් විලියම් හෙනරි මැනිං ආණ්ඩුකාරවරයා ලංකා ඉංජිනේරු සංගමයේ දී සිදු කළ කථාවක් ගුවන්විදුලි තරංග ඔස්සේ ප්‍රචාරය කිරීමට එඩ්වඩ් හාපර් ඇතුළු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ගුව න් විදුලිය නිල වශයෙන් විවෘත වන්නේ 1925 දෙසැම්බර් 16 වන දා ආණ්ඩුකාර ශ්‍රීමත් ක්ලිෆර්ඩ් මහතා අතිනි. මේ වන විට ශ්‍රි ලංකා ගුවන්විදුලිය වසර 93ක් සම්පූර්ණ කර තිබේ.. 1948 දක්වා යටත් විජිත ගුවන්විදුලිය, 1977 දක්වා සංවෘත ආර්ථිකය යටතේ පැවැති ගුවන්විදුලිය, අප සතුය.
දැනට අප අත්විඳින්නේ විවෘත ආර්ථික පරිසරයක පවතින ගුවන්විදුලියකි. ප්‍රාදේශීය, ප්‍රජා ගුවන්විදුලි නාළිකා ගුවන්විදුලි සංස්ථාව සතුව තිබේ. වාණිජ ගුවන්විදුලි නාළිකා සංඛ්‍යාත්මකව වර්ධනය වෙමින් තිබේ.
ස්වාධීනව ජාතික අනන්‍යතාවට ගැලපෙන අයුරින් රන්ගිරි, බෞද්ධයා හා ශ්‍රද්ධා නමින් බෞද්ධ ආගමික ගුවන්විදුලි නාලිකා 3ක් ද අප සතුය. ගුවන්විදුලි රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ මෙම සම්මාන ප්‍රදානය මගින් ගුවන්විදුලියට ව්‍යාකරණයක් ලබා දෙන බවයි. එහි අදහස වන්නේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ නිර්ණායක මගින් ගුවන්විදුලි නාළිකාවන්ට ප්‍රමිතිය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත හැකි බවත් මෙවර රාජ්‍ය සම්මාන ප්‍රදානය සඳහා ගුවන්විදුලි නාළිකා 43ක් ඉල්ලූම් පත් ඉදිරිපත් කර තිබීමද සුබදායක පියවරකි.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මගින් විධිමත්ව කටයුතු සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සියලු ගුවන්විදුලි නාළිකාවන්හි නියෝජිතයෝ අද දින නෙළුම් පොකුණ රංග ශාලාවේ දී එක්වීමද අපූරූ සිදුවීමකි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අද්දැකීම් සහිත පරිණත මාධ්‍යවේදීන්ගේ එක්වීමද විශේෂත්වයකි. ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදීන් වන බර්ටි ගලහිටියාව හා නිව්ටන් ගුණරත්න යන ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සම්භාවනීය සහභාගිත්වය උත්සවය පැවැත්වීම සංකේතවත් කරන්නේ අතීත අත්දැකීම අනාගතයට දායක කිරීමේ වැදගත්කමයි.
ගුවන් විදුලිය ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කර ගැනීමේ හැකියාව අප සතුව තිබේ. ඒ සඳහා විවෘත සංවාදයක අවශ්‍යතාව පවතී. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ගුවන්විදුලි නාළිකා මෙහෙයවන ප්‍රවීණ අත්දැකීම් සහිත පරිපාලකයන් මෙන්ම කුසලතා පූර්ණ තරුණ නිෂ්පාදකයන් නිවේදක නිවේදිකාවන් පිරිසක් සිටින බව ද බලාපොරොත්තු සහගතව ප්‍රකාශ කළ හැකිය. අවශ්‍ය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක ජාතික ප්‍රශ්න විසඳීම සඳහා පෙර ගමන්කරු වීමේ ගුවන්විදුලි මාධ්‍යයට ඇති හැකියාව සහ නිවැරදිව මෙහෙයවීමේ දිශානතිය සියල්ලන් විසින් අවබොධ කර ගැනීමයි.

(අදට යෙදෙන ලෝක ගුවන්විදුලි දිනය සහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද දින පැවැත්වෙන ශ්‍රීලංකාවේ ප්‍රථම රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල නිමිත්තෙනි)
මහාචාර්ය කමල් වලේබොඩ
www.dinamina.lk
සටහන රසික කොටුදුරගේ

Saturday, February 11, 2017

උ.පෙළ විභාග අයැදුම්පත් භාර ගැනීම 15දා අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව මේ මස 15 වැනිදා අවසන් වේ.
ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින්ද මේ මස 15 වැනි දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතු බවත්, එදිනට පසු ඉදිරිපත් කරන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
සිතාරා සේනානි
http://dinamina.lk/2017/02/11

මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

අගමැති වික්‍රමසිංහ මහතා අතින් සිසුවකු සහතික පත් ලබා ගත් අවස්ථාව
මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේදී පෙරේදා (9) පැවැත් විණි. අැමති කබීර් හෂීම් මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
ඡායාරූපය - අගමැති මාධ්‍ය ඒකකය
http://dinamina.lk/2017/02/11

පුංචි නැගණී


හිනාවෙන ඇස් දුටුවිට
කියා නිමකළ නොහැකිය සතුට
කුරුලු හඬ පරදන
නිතර කියවන පුංචි නැගණි
නිවසෙ සතුටය ඔබ
අපේ දිවියම එළිකළ
ජයලංකා ජයවර්ධන හේරත්
12 ශ්‍රේණිය ‘එන්’
මධ්‍ය මහා විද්‍යාලය,
අනුරාධපුරය. 

Sunday, September 4, 2016

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

මම කැමැති විද්‍යාඥයෙක් වෙන්න

මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

පුතේ මම සිඳු කියන්නද මලිත කියන්නද?
ගොඩක් අය දැන් මාව දැක්කාහම ඒ නමින් තමයි කතා කරන්නේ. මේ ළඟදී සරුංගල් යවන්න අපි බීච් ගිය වෙලේ එතන හිටපූ අයියලා අක්කලා තව පොඩි අයත් අන්න සිඳු,අන්න මලිත කියනවා ඇහුණා..
පුතාට ගොඩක් සතුටු හිතෙන්න ඇති නේද?
එදා නම් ටිකක් ලැජ්ජා හිතිලා අම්මා ළඟට දුවගෙන ගියා.
මොකද්ද පුතාගේ ඇත්ත නම?
නෙත්ම අකාෂ්මිත
එතකොට ශෙවෝන් කියන්නේ?
මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා. මම ගොඩක් ආදරේ කරන සුදු පුංචි තමයි මට ඒ නම දාලා තියෙන්නේ.
ඉතින් ඔයා ඇහුවේ නැද්ද ඒ නම දැම්මෙ ඇයි කියලා?
ඇහුවා. ඉස්සර කතාවක් ගියාලූ ප්‍රවීණා කියලා ඒකේ හිටියාලූ ශෙවෝන් කියලා ලස්සන ළමයෙක්. ඒ නිසා පුංචි මටත් ඒ නමින්කතා කරන්න පටන් ගත්තාලූ.
පුතාගේ කොණ්ඩා විලාසිතාව නම් හරි අපූරුයි?
අපේ අම්මි කියනවා පොඩි කාලේ ඉඳලම මගේ කොණ්ඩේ තිබුණේ මේ විදිහටම ලූ. ඒ නිසා මම කපන්න කැමැතිත් නැහැ
ඉස්කෝලේදී ප්‍රශ්නයක් නැද්ද?
නැහැ. අපේ ප්‍රින්සිපල් සර් ගෙන් අම්මිලා අවසර අරගෙනයි තියෙන්නේ.
කියන්නකෝ බලන්න කොහොමද පුතා සිඳු වුණේ කියලා?
මේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය. පළවෙනි ඩ්‍රාමා එකේ ෂුටිං වල ඉන්නකොට දවසක් මංජුල මාමා අපේ අම්මීට කියලා මගේ ෆොටොස් වගයක් ගත්තා අලුත් ඩ්‍රාමා එකකට කියලා. ඒ ෆොටොස් ප්‍රදීප් මාමාටයි ජානක මාමාටයි තිළින මාමාටයි පෙන්නලා එයාල මට එන්න කියලා අායිත් මගේ වීඩියෝස් වගයක් කළා. ඊට පස්සේ ඒ මාමාලා අපේ අම්මිට කියලා තිබුණා අපි පුතාව තෝරා ගත්තා කියලා.
ඉතින් මොකද පුතාට හිතුණේ ?
මට ගොඩක් සතුටු හිතුණා.
ඊට පස්සේ ?
ඔන්න ඉතින් මුල්ම දවසේ මට ටිකක් ලැජ්ජා හිතුණා. ඊට පස්සේ තිළිණ මාමා, ප්‍රදීප් මාමා සහා කණ්ඩායමේ හිටපු හැමෝම මට ගොඩක් උදව් කළා.
බය හිතුණ අවස්ථාවක් එහෙම නැද්ද?
මුල් දවස් ටිකේ පොඩි බයකුත් තිබුණා. ඒක ටික දවසකින් මඟ හැරුණා. හැබැයි එක දර්ශනයකට නම් එච්චර කැමැති නැහැ.. අදටත් ඒ ෆොටෝස් බලන්නවත් මම කැමැති නැහැ.
මොකද්ද ඒ දර්ශනය?
මට පාරේ හිඟා කන දර්ශනයක් කරන්න වුණානේ.. මම ඒක කළේ හරිම ලැජ්ජාවෙන්.
පුතාගේ යාළුවෝ මොකද කියන්නේ?
ඔයා හොඳට රඟපානවා කියලා කියනවා.
දැන් ගොඩක් යාළුවෝ එහෙමත් ඇති නේද?
යාළුවෝ පස්, හය දෙනෙක් විතර ඉන්නවා. එයාලා තමයි මගේ හොඳම යාළුවෝ.
සිඳු කණ්ඩායමේ පුතාට යාළුවෝ නැද්ද?
ඉන්නවා..තරිඳුට රඟපාන රවිඳු අයියා.. තව අක්කා කෙනෙකුත් ඉන්නවා.. එයාලත් එක්ක මං හැංගි මුත්තන්, අල්ලනසෙල්ලම් එහෙමත් කරනවා.
එතකොට සරණ?
කෝටු කෑලි එහෙ මෙහෙ කර කර සරණ එක්කත් සෙල්ලම් කරනවා.
ෂූටිං ගියහම පාඩම් වැඩ කටයුතු එහෙම අතපසු වෙනවා ඇති?
අපේ පන්ති බාර ටීචර් සහ ප්‍රින්සිපල් සර් මට ගොඩක් උදව් කරනවා. පාසල් ගියේ නැති දවස් වල පාඩම් වැඩ ගෙදර ගිහින් කරන්න කියලා යාළුවන්ගෙන් ඉල්ලා ටිචර් පොත් ඉල්ලලා දෙනවා.
කියමුකො බලන්න පුතාගේ පාසල ?
JMC ජාත්‍යන්තර පාසල.
පුතා කීය වසරද දැන් ඉගෙන ගන්නේ?
හතර වසරේ.
වැඩියෙන්ම දක්ෂ පුතා මොන විෂයයන්ටද?
මම ගණන් වලටයි විද්‍යාවටයි හරිම කැමැතියි.
ලොකු වුණාහම කවුරු වෙන්නද කල්පනාව?
විද්‍යාඥයෙක් වෙන්න.
එතකොට රඟපාන්නේ නැද්ද?
ගොඩක් ආසයි රඟපාන්න. ඒ නිසා රඟපාන ගමන් විද්‍යාඥයෙකුත් වෙනවා.
පුතා ගේ තවත් දක්ෂතා ඇති?
මට හොඳට පිහිනන්නත් පුළුවන්..
පුතා රඟපාන්නේ ගොඩක් පුංචි කාලේ ඉඳලාමලූ නේද?
ඔව්. අවුරුදු හතරේ ඉඳලා. ටෙලි නාට්‍ය නම් රඟපාලා තියෙන්නේ දැනට දෙකක් විතර. සිඳු තමයි දෙවැනි ටෙලි නාට්‍ය. වැඩිපුරම මම හිටියේ ඇඩ්ස් වලටයි, ෆොටෝ ෂුටස් වලටයි. තව මොඩ්ලිනුත් කරලා තියෙනවා.
පුතාගේ වැඩි කැමැත්ත තියෙන්නේ ටෙලි නාට්‍ය වලටද, වෙළෙඳ දැන්වීම් වලටද?
ඒ දෙකටම. නමුත් මොඩ්ලිං වලට, ෆැෂන් ෂෝස් වලට එහෙම යන්න මම ගොඩක් කැමැතියි.
පුතාගේ මුල්ම වෙළඳ දැන්වීම මතකද?
ඔව්. මුලින්ම හිටියේ මැලිබන් චොක්ලට් බිස්කට් ඇඩ් එකට.
දැන් එතකොට වෙළෙඳ දැන්වීම් කීයක විතර පුතා පෙනී ඉඳලා තියෙනවාද?
40කට විතර..
ගෙදර චණ්ඩියා නෙත්ම කියන්නේ ඇත්තද?
නැහැ. මට නංගියෙක් ඉන්නවා. එයා තමයි චණ්ඩියා. අපි ඉතින් සෙල්ලම් කරනවා. ගහගන්න වෙලාවලුත් තියෙනවා. අම්මිගෙන් වැඩිපුර බැනුම් අහන්න වෙන්නේ ඒ වෙලාවට.
ඒ කියන්නේ පුතා ගෙදරදි හොඳ ළමයෙක්?
මගේ වැඩ මම ගෙදරදි තනියම කර ගන්නවා. අම්මා අසනීප වුණොත් හොඳට බලා ගන්නත් මට පුළුවන්.

Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි




















සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

ජයන්ති කුරුඋතුම්පාල

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද?
එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි. ඒ, මා කාන්තා අයිතිවාසිකම් උදෙසා දිගු කාලයක පටන් කටයුතු කරමින් සිටි නිසා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරලන්නට පුරා වසර 33ක් මුළුල්ලේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස මා කටයුතු කර තිබෙනවා.
 ඒ කොහොමද?
මා රැකියාව ආරම්භ කළේ කාන්තාව හා මාධ්‍ය සාමූහකයේ පර්යේෂණ සහායිකාවක ලෙසයි. ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහ්තමිය විසින් සිදු කළ කම්කරු නීතිය කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණයකට මා සහාය වුණා. එයින් මාස හයකට පසු මට ඒ ආයතනයේ ම වැඩසටහන් නිලධාරිනියක ලෙස රැකියාව ලැබුණා. එහිදී මගේ විෂය ක්ෂේත්‍රය වුණේ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය. අනතුරුව කෙය­ාර් සංවිධානයේ ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥ වරියක ලෙස කටයුතු කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරු කිරීම හා අවම කිරීම සඳහා එදා සිට අද දක්වා පුරා වසර 33 ක්ම මා විවිධ වැඩසටහන් රාශියකට දායක වී තිබෙනවා.
 කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ස්ත්‍රි - පුරුෂ ලිංගිකත්වය හා සමාජ භාවය අනුව ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමයි. කාන්තාවත් පිරිමියා හා සමාන අයිතිවාසිකම් ඇති මනුෂ්‍යයෙකුය යන සංකල්පය වෙනුවට ස්ත්‍රියට වඩා පුරුෂයා උසස්ය යන සමාජ සංකල්පයෙහි පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතු වන්නේ සමාජයේ ස්ථාපිත ආදර්ශයි. මේවා දරුවකුගේ උපතේ පටන් ම ඇරැඹෙන මතවාද. පිරිමි සහ ගැහැනු දරුවන් දෙදෙනකු වෙනස් වන්නේ ඔවුන්ගේ ශාරීරික ලිංගික අයවයවලින් පමණයි. ඒත් අපි දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ගෑනු දරුවන්ට රෝස පාට, පිරිමි දරුවන්ට නිල්පාට යනුවෙන් වෙන් කරනවා.
ගෑනු දරුවන්ට දෙන්නේ බෝනික්කෝ. සෙල්ලම් ගෙදරදිත් ගැහැනු දරුවා ගෙදර අම්මා. බෝනික්කන් නළවන්නයි උයන්නයි පිහන්නයි සෙල්ලමේදිත් ඇයට උරුම වෙන්නේ. ගැහැනු දරුවන්ට තෑගි දෙන්නෙත් ටී සෙට්, ඉවුම් පිහුම් උපකරණ, වළං මුට්ටි. පිරිමි ළමයින්ට හැම විටම දෙන්නේ බැට් - බෝල, කඩු - දුනු - ඊතල, තුවක්කු, කාර් වැනි සෙල්ලම් බඩු.
ගැහැනු ළමයින්ට කියන්නේ ‘උඩ පනින්න එපා. කෑගහන්න එපා. දඟලන්න එපා. එළියට යන්න එපා. කොල්ලා වගේ හැසිරෙන්න එපා කියලායි.” පිරිමි ළමයින්ට මේ කිසි නීතියක් නෑ. කැමට බීමට ගියත් එහෙමයි. “අයියා කාලා ඉවර වුණාම කන්න, මල්ලිට ලොකු කෑල්ල දෙන්න” කියමින් පුංචි කාලේ පටන්ම ගැහැනු දරුවාට වෙනස් කොට සලකනවා.
ඉගෙනගන්න ගියත් “පුතා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න” කියනවා. කෙල්ලෙක් නම් “ඉගෙන නොගත්තත් මොකද? දෑවැද්දක් දීලා හොඳ කෙනෙකුට කසාද බන්දලා දෙන එකනේ තියෙන්නේ” කියලා, ඇගේ අයිතිය සීමා කරනවා. කාන්තාවට එරෙහි හිංසනයේ ඇරැඹුම එයයි. ප්‍රචණ්ඩත්වය ඇරැඹෙන්නේ එතැනින්. එය නතර කළ යුත්තේත් පුංචි කාලේ පටන්ම යැයි මා සිතනවා. ප්‍රචණ්ඩත්වය විවිධාකාරයි. එය නිවෙසේදී, පාසලේදී, කාර්යාලයේදී, මහමගදී, බස්රථයේදී හෝ සමාජයේ ඕනෑම තැනකදී සිදු වෙන්න පුළුවන්.
 මේ තත්ත්වය මර්ධනය කරන්නට හෝ වළක්වා ලන්නට කළ යුත්තේ කුමක් යැයි ඔබ සිතනවාද?
ඒ සඳහා සමාජය දැනුවත් කළ යුතුයි. පිරිමින් උසස් යැයි සිතන පීතෘ මූලික, අධිරාජ්‍යවාදී අදහස් හා මතවාද බැහැර කළ යුතුයි. කාන්තාවන්ටත්, ගැහැනු දරුවාටත් පිරිමින්ට හා සමාන බුද්ධි මට්ටමක්, හැකියාවක් හා අපේක්ෂා තිබෙනවා. ඒවා ඉෂ්ට කරගන්න, හැකියාවෙන් පල නෙළා ගන්න ඇයටත් සමාන අයිතියක් තිබෙනවා. ඒ අයිතිය භුක්ති විඳින්නට අපි ඇයට සමාන ඉඩක් ලබා දිය යුතුයි.
 ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මර්ධනය සඳහා ඔබ ආමන්ත්‍රණය කරන්නේ සමාජයේ කවර කණ්ඩායම්වලටද?
ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද අපි දැනුවත් කරනවා. මේ සඳහා ජාති ආගම් හෝ පන්ති භේද නෑ. හැම සමාජ ස්ථරයකම කතුන් හිංසනයට ලක් වෙනවා. පාසල් ළමයින් හා විශේෂයෙන් ම යෞවනයන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව කරගෙන යනවා. එහිදී අපි කාන්තාවන්ට සමව සලකන ආකාරය, ඔවුන්ටත් පිරිමින්ට වගේම ආසාවන් හැකියාවන් හා අයිතීන් ඇති බව, පාසල් දරුවන්ට යෞවනයන්ට හා පිරිමින්ට අපි කියා දෙනවා. කාන්තාවන්ට සමව සලකන්න අපි දරුවන්ට පුරුදු කළ යුත්තේ කුඩා කාලයේ පටන්මයි. හොඳ පුතෙක්, සැමියෙක් හා තාත්තා කෙනෙක් වන්නේ කෙසේදැයි අපි ඔවුන්ට කියා දෙනවා.
පිරිමිකම කියන්නේ ගැහැනුන්ට ගුටිබැට දීම හෝ ඔවුන් පාලනය කරගෙන සිටීම නොවෙයි. “පිරිමියෙක් වුණාම ගෑනි යටත් කරගන්නට පුළුවන් වෙන්න ඕනෑ.” “ගැහැනියෙක් වුණාම මිනිහාගෙන් බැනුම් ඇහුවාට, ගුටි කෑවට මොකද?” කියන වැරදි ආකල්ප සමාජයෙන් දුරු කරන්න ඕනෑ. පාසල් විෂය මාලාවේ පටන්ම ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ යුතු බවයි මගේ අදහස.
 නිවෙසින් හා පාසලෙන් සමානාත්මතාව පිළිබඳ අදහස බලගැන්වීමට ඔබට ලැබුණු පිටිවහල කුමක්ද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. මගේ පියා ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වූ කෙනෙක්. අම්මා මුලින් රැකියාවක නියැලුණත් අප ඉපදුණු පසුව රැකියාවෙන් ඉවත් වුණා. එතැනදීත් මට සිතෙන්නේ අම්මාගේ අයිතිවාසිකමක් අහිමි වූ බවයි. ඇයත් රැකියාවක් කළා නම් ඇයට ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් ලබාගන්න තිබුණා. ඒත් ඇය පවුල වෙනුවෙන් ඒ කැපවීම කළා.
මගේ පියා තරමක් ස්වාධීන අදහස් දැරූ කෙනෙක්. හැමවිටම මගේ දෙමවුපියන් අයියාටත් මටත් එක සමානව සැලකුවා. අයියා ගස් නගින විට මටත් ගස් නගින්නට උවමනා වුණා. මගේ පියා එයින් මා වැළැක්වීම වෙනුවට කළේ ආරක්ෂාකාරී පියවර තුනකින් සාර්ථකව ගසකට නගනිනේ කොහොමදැයි මට කියා දීමයි. එවැනි පුංචි පුංචි පාඩම් එවරස්ට් කන්ද තරණය කිරීමේ ජයග්‍රහණය දක්වාම මා රැගෙන ගියා යැයි මට සිතෙනවා.
එමෙන්ම මා උගත් පාසල වූ බිෂොප්ස් විද්‍යාලයේදීත් මට අවශ්‍ය ක්‍රීඩාවක් කරන්නට, කොණ්ඩය කොටට කපන්නට, කැමති දෙයක් කරන්නට උපරිම නිදහසක් ලැබුණා. ඒ නිදහස මගේ ජීවිතෙය් දුටු සිහින සැබෑ කරගන්නට මට බොහෝ උපකාරී වුණා.
 එවරස්ට් කඳු තරණය ඔබ කුඩා වියේ පටන් දුටු සිහිනයක් ද?
එවරස්ට් කන්ද නගිනවා යැයි කුඩා ම කාලේ හිතට ආවෙ නැතත්, ලෝකේ ඉහළම තැනකට නැගීමේ ආසාව මා තුළ මුල පටන්ම තිබුණා. මා ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිය හැදෑරීමට ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු එවරස්ට් තරණය පිළිබඳ සිහිනය පිළිබඳ මුල්ම අදහස හිතට නැඟුණා.
 ඒ කොහොමද?
දිනක් මගේ ආචාර්යතුමියගේ මේසය මත හිම කඳු තරණය කරන්නකුගේ ඡායාරූපයක් තිබෙනු මා දුටුවා. ඒ ඡායාරූපයෙහි වූයේ ලෝකයේ ප්‍රථම වතාවට 1953දි එවරස්ට් කන්ද තරණය කළ ටෙන්සිං නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරිගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය දුටු මා තුළ කවරදා හෝ හිම කන්දක් තරණය කරන්නට ඇත්නම්” යන සිතිවිල්ල ඇති වුණා. මේ පිළිබඳ මා ආචාර්යතුමියගෙන් වැඩි විස්තර අසා ගත්තා. ඒ වන විට ටෙන්සිං නෝර්ගේ පුතා සිම්ලා හි සිකිං ප්‍රාන්තයේ හිම කඳු නැඟීම පුහුණු කිරීමේ පාසලක් අරඹා තිබුණා. මගේ ප්‍රථම උපාධියෙන් පසු අමාරුවෙන් මුදල් ඉතිරි කරගත් මා ඒ පුහුණු කඳවුරෙන් මාසයක් හිම කඳු නැඟීමේ පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඉන්දීය හමුදාව මඟින් පවත්වන ලද ඒ පුහුණු පාඨමාලාව ඉතා අසීරු එකක්. ඒ මගින් මට හිම කඳු නැගීම පමණක් නොවෙයි; ගල්කඳු නැඟීම, කඳු නැඟීමේදී මුහුණ පෑමට සිදු වන අනතුරුවලින් වළකින ආකාරය, ආගාධවල නොවැටී හිම කුණාටුවලින් බේරී, ඉහළට නඟින විට ඔක්සිජන් වායුව අඩු වන විට නොමැරී බේරෙන ආකාරය වැනි බොහෝ දේ ඉගෙනගන්න හැකි වුණා. අවුරුදු 24 වන විට මම ඒ ආයාතනයෙන්ම උසස් පුහුණු පාඨමාලාවක් හදාරා විශිෂ්ට සාමාර්ථයක් හිමිකර ගත්තා.
 ඔබේ අරමුණ කරා ළඟා වීමට අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කවරාකාරද?
අරමුණු ජය ගැනීමට අධ්‍යාපනය හැම අතින් ම උපකාරී වෙනවා. මම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ එංගලන්තයේ සසෙක්ස් විද්‍යාලයෙන් පශ්චාද් උපාධියක් ලබා ගත්තා. අධ්‍යාපනික හෝ වෘත්තීය අංශයෙන් හෝ කවර ආකාරයකට විදෙස්ගත වුණත් පුංචි ඉඩකඩක් හෝ ලබාගෙන ඒ ඒ රටවල තිබෙන කඳු නගින්නට මා අවස්ථාව ලබා ගන්නවා. ලංකාවේදිත් විනෝද ගමනක් ගියත් ඒ පළාතේ තියෙන කන්දක් නගින්නට යෑම මගේ පුරුද්දක්. අධ්‍යාපනයෙන් මා ලද පරිචය මගේ සිහිනය සැබෑ කරගන්න විශාල රුකුලක් වුණා.
 ඔබේ අධ්‍යාපනික ක්ෂේත්‍රය, වෘත්තිය හා විනෝදාංශ එකිනෙකට පරස්පර විරෝධීයි. ඒ ඇයි?
ඒ මගේ තේරීමයි. මගේ කැමැත්තයි! කාන්තාවන්ට ‍එරෙහි ප්‍රචණ්ඩත්වය හා හිංසනයට මා කවදත් විරුද්ධයි. පුංචි කාලෙ සිටම මා සිතුවේ ගෑනු ළමයින්ටත් පිරිමි ළමයින්ටත් සමාන අයිතිවාසිකම් හා සමාජයේ සමතැන හිමි විය යුතු බවයි. රැකියාවකට යොමු වීමේදී මා වඩාත් සැලකිලිමත් වුණේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා මා කැමැති ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් තෝරාගැනීමටයි. මගේ රැකියා ස්ථානයෙන් ඒ අරමුණ ඉෂ්ට වුණා පමණක් නොවෙයි; උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන්නටත් මට ඔවුන් මඟ පෙන්වූවා. එය විශාල අවස්ථාවක්. මගේ විනෝදාංශය හා සිහිනය ජය ගන්නටත් එය විශාල රුකුලක් වුණා.
 ඔබ අවිවාහකයි. විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?
කාන්තාවක් විවාහ විය යුතුමයි කියා මා සිතන්නේ නෑ. අවිවාහකව සිටිය යුතුයි කියා සිතන්නේත් නෑ. සමාජය ගැහැනු දැරිය දෙස බලන්නේ ම ඇයට උරුම විවාහය, දරුවන් හැදීම සහ කුස්සිය පමණකැයි යන අදහස පෙරදැරි කරගෙනයි. ඒත් පිරිමි ළමයි විවාහ වුණත් නැතත් සමාජයට එතරම් ගැටලුවක් වන්නේ නෑ. මේ ආකල්පවලට මම විරුද්ධයි. ගැහැනියටත් අවශ්‍ය නම් විවාහ වෙන්න හෝ අවිවාහකව සිටීමට අයිතියක් තිබෙනවා.
මා තවම විවාහයකට ඇතුළත් නොවුණේ මගේ ජීවිතයේ අරමුණු හා ඉලක්ක විවාහයෙන් ඔබ්බට ගිය ඒවා වූ නිසයි. යොවුන් වියේදි මගේ අවධානය යොමු වුණේ අධ්‍යාපන කටයුතු වෙත පමණයි. ඉන්පසු කඳු නැඟීමේ සිහිනය සැබෑ කර ගැනීමට. විවාහයක අවශ්‍යතාවක් මට ඒ වන විට දැනුණේ නෑ. සමහරවිට මට විවාහ වෙන්නට හිතුණොත් ඉදිරියේදී විවාහ වෙන්නට ඉඩ තිබෙනවා. විවාහ නොවනවා යැයි මා තීරණය කර නෑ.
 ඔබ කාන්තාවන්ගේ ජීවිතය ජය ගන්නට, සිහින සැබෑ කරගන්නට ඔවුන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද?
සිහින දකින්න. ඒ සිහිනය ඔබගේ මිස සමාජය සතු වූවක් ‍නොවේ. එහෙයින් සිහිනය ඉටු කරගන්නා තුරු සමාජයෙන් එල්ල වන ඇනුම්, බැනුම්, අපහාස, අපවාද ඊට බාධාවක් කර නොගන්න. තමාගේ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා සහ උත්සාහය දිනෙන් දින වර්ධනය කරගන්න. ඔ‍බේ සිහිනය ගුවන් යානාවක් පදවන්නද? පෙදරේරු කටයුතුවල නිරත වෙන්නටද? රියැදුරකු වන්නටද? ඒවා පිරිමින්ට අයිති රැකියාය යන සමාජ ආකල්පයට බිය වී උත්සාහය හා අභිලාශය අතහැර දමන්න එපා. ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව හා හැකියාවන් වර්ධනය කරගන්න. පාසල් දියණියක් නම් අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අධ්‍යාපන සුදුසුකම් සමඟම ඔබේ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගන්න. දිරියෙන් හා සතුටින් අභියෝගවලට මුහුණ දෙන්න. එවිට ඔබට ජයගත නොහැකි අරමුණක් මෙලොව නැත. මම එය ක්‍රියාවෙන් පසක් කොට සිටින්නෙමි. ඔබට ද එය කළ හැකිය.